ඇමතිවරුන් බස්රථ වල ගමන් ගන්නා ප්‍රවාහන සේවයක් හදනවා
රටේ ජනතාවට පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීමෙන් රට දියුණු කල හැකි බවත් දිනකට කෝටි ගණනක් ඉන්දන නාස්ති වනවා සේම විශාල ලෙස වටිනා කාලයක් වාහන වල ගත කරන්න සිදුව තිබෙන බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට දක්වා වූ දිගුව විවෘත කිරීමෙන් පසු හම්බන්තොට සිට කොළඹ දක්වා ගමන්කරන මගීන්ගේ පහසුව වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ලංගම බස් 16 ක් මගී ප්‍රවාහනය වෙනුවෙන් එක්කිරීම අද (25) දා පෙරවරුවේ සිදුකෙරුණු අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
මේ තත්වය හදන්න ඕනනම් අපි පොදු ප්‍රවාහන සේවය දියුණු කළ යුතුබව මෙන්ම ඉදිරියේදී අමාත්‍යවරුන් ද බස්රථවල ගමන්ගන්නා යුගයක් ඇති කල හැකි ප්‍රවාහන සේවයක් සෑදිමට තමන් කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට, තිස්සමහාරාම, තංගල්ල ඇතුළු බස්නවතුම් පොළවල් කීපයකින් මෙම බස් සේවාවන් අධිවේගී මාර්ගයේ ධාවනය සදහා එක්කිරීම සිදු කෙරිණි මෙහිදි සිදු කෙරිණි.


popular news
- 
                            Don Tuesday, 25 February 2020 09:47 PM මේවා බොරු කතා. අධිවේගේ අරින්න හෙලිකොප්ටර් වල යන්නේ මොන බූරුවොද? එංගලන්තේ අගමැති පාර්ලිමේන්තු එන්නේ පාපැදියෙන්. එහේ අගමැති ගත්තාම මෙහේ බලුවටින්නේ නෑ.ඇමතිලා නෙවෙයි අගමැතිගේ පුතාගේ රතවාහනේ බාප්පා දාගෙන අධිවේගේ අරින්න යන හැටි දැක්ක. නාමල් ඇමති කෙනෙක් නෙවි. එයාගේ වාර්ෂික ආදායම කීයද? ඒවගේ වාහනයක් අරගන්න. හොර කාපු ඒවා තමයි. Reply : 0 1 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                