අරුවක්කාඩු සිදුවීමට දෙදෙනෙක් අත්අඩංගුවට
වනාතවිල්ලුව අරුවක්කාඩු කසළ රදවන අංගනයට කඩා වැදි එහි දේපළ විනාශ කිරිමට සම්බන්ධව ප්රාදේශීය සභා මන්ත්රිවරයකු සහ තවත් අයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව වනාතවිල්ලුව පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව ප්රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) පෙරමුණ නියෝජනය කරනු ලබන බුද්ධික ගිහාන් අබේසිංහ මන්ත්රිවරයකු සහ අදාළ භුමියේ දේපළ විනාශ කිරිමට චෝදනා ලැබ සිටි තවත් සැකකරුවෙක් බව කියයි.
අරුවක්කාඩු කසළ රදවනයට විරෝධය පාමින් සේරක්කුලිය සහ අවට ගම්මාන වල ජනතාව දහසකට ආසන්න පිරිසක් ( 9දා ) දින උදැසන කසළ රදවන ස්ථානයේ වැඩ බිමට කඩා වැදි දැවැන්ත විරෝධයක් පෑමසිදුවිය.
හිරාන් ජයසිංහ

popular news
-
amara Monday, 10 September 2018 10:13 AM
පොහොට්ටුවේ ඉන්නේ කුහකයෝ !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

