අගමැති හා ඇමති පෞද්ගලික කාර්ය මණ්ඩලවලට ජනපතිගෙන් තහංචියක්
අග්‍රාමාත්‍යවරයාගේ හා අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල වල සාමාජිකයන්, වෙනත් අවශේෂ නිලධාරීන්, සංවර්ධන ව්‍යාපෘති හා රජයේ කටයුතු සම්බන්ධයෙන් ලිපි නිකුත් කරමින් හා දුරකතන ඇමතුම් ලබාදෙමින් කරන ඉල්ලීම්, උපදෙස්ථ හා නියෝග පිළිනොගන්නා ලෙස ජනපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අගමැති ලේකම්වරයාට හා සියලු අමාත්‍යාංශය ලෙකම්වරුන්ට චක්‍රලේඛයක් යවමින් නියෝග කර තිබේ.
දූෂණ, වංචා, අක්‍රමිකතා හා බලය අනිසි ලෙස පරිහරණය කිරීම වැළක්වීමේ අරමුණින් ජනාධිපති ලේකම්වරයා මේ චක්‍රලේඛය නිකුත් කර අත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවය.
ජනාධිපති ලේකම්වරයා ඉකුත් 7 වනිදා මෙම චක්‍ර ලේඛය නිකුත් කර තිබේ. මේ නියෝගය දඩිව ක්‍රියාත්මක කරන්නැයිද ජනාධිපති ලේකම් අග්‍රාමාත්‍ය ලේකම්ට හා අමාත්‍යාංශ ලේකම්වරුන්ට වැඩිදුරටත් උපදෙස් දී තිබේ.
අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාතව්‍යවරුන් වෙනුවෙන් එවන් ලිපි හෝ දුරකථන පණිවිඩ නිකුත් කළ හැක්කේ අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරුන් හා රාජ්‍ය ලේකම්වරුන්ට පමණක් බවට ද ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

