saravita-anim2

2024 මැයි මස 05 වන ඉරිදා

2024 මැයි මස 05 වන ඉරිදා

women - timelapse 9613 hours ago

LATEST

වයස අවුරුදු 18දී අධ්‍යාපන ආයතනයක් අරඹා දක්ෂතා රැසකින් ලොවක් දිනූ යුවතියක්

calendar_today 2018 අප්‍රේ 24 - 10:57 remove_red_eye - 1363  

යමෙකු මෙලොවට බිහි වන්නේ තමන්ටම සුවිශේෂී වූ සහජ හැකියාවක් හෝ දක්ෂතාවක් සහිතවය. එය ඔප්නංවා ගනිමින් අනෙකුත් හැකියා හා දක්ෂතා ප්‍රගුණ කිරීම ස්ව උත්සාහයෙන් හා මහන්සියෙන් සිදුකළ යුතුය. එවැනි හැකියා හා දක්ෂතා රැසක් ඔස්සේ ස්වකීය ජීවිතයේ සාර්ථකත්වයේ දොරටුව විවර කරගත් ඇය නමින් බර්නඩීන් ජයසිංහය. වයස 26ක් වන ඇය

ජීවිතයේ බාධක හමුවේ නොසැලී සිටින්නට ගතින් ශක්තියක් නොමැති කලකදී ඇය සිතින් ශක්තිමත් විය. එකී චිත්ත ශක්තිය තුළින් තනිවම ව්‍යාපාරයක් ආරම්භ කළ ඇය අද වන විට විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට පවා රැකියා අපේක්ෂාවන් රැසක් උදා කරදී අවසන්ය. ඇය නමින් සේනානි ප්‍රනාන්දු මහත්මියයි. මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන ඇය දැන් සංචාරක ඒජන්සියක හිමිකාරිනියකි. අභියෝගකාරී ජීවිතයෙන් මිදී මෙම ව්‍යාපාරය හරහා ඉදිරියට පැමිණි ඇය ඒ බව අද හමුවේ පැවසූවේ මෙලෙසිනි.

Read More

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද වන විට ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරයේ ඉතාමත් කැපී පෙනෙන කණ්ඩායමක් බවට පත් වී හමාරය. ඒ තැනට කණ්ඩායම ගෙන යෑමට දහඩිය මහන්සිය කැප කළ කාන්තාවෝ බොහෝය. ඒ අතර කැපී පෙනෙන ක්‍රීඩිකාවක ලෙස ශෂිකලා සිරිවර්ධන හැඳින්විය හැකිය. ඇය දැනට කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාවද වේ. අද අප මේ කතාබහ සිදුකරනුයේ ඇය සමගය.

Read More

කිරිබත්, කැවුම් සහ කොකිස් ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ සුබ කටයුත්තකදී හෝ උත්සව අවස්ථාවකදී අනිවාර්යයෙන් දක්නට ලැබෙන්නක්. ඒ අතරින් සිංහල අලුත් අවුරුදු කෑම මේසය හැඩ ගන්වන්නට මේවා අනිවාර්යයෙන්ම යොදා ගන්නේ ඈත අතීතයේ සිටය. මේ සියලු කැවිලි වර්ගවලට ඇත්තේ ඉතා දීර්ඝ වූ කතා ඉතිහාසයකි. එය ආගමික ග්‍රන්ථවල මෙන්ම සාහිත්‍ය ග්‍රන්ථවලද යොදා ගන්නා ඇතැම් උපහැරණවලින් මැනවින් පසක් වේ. එදා දඹදිව විසූ අසූ කෙළක් ධනස්කන්ධයකට හිමිකම් කියූ මසුරු සිටාණන් කෙනෙකු වන මච්ඡරිය කෝසි

Read More

කාන්තාවකට පිත්තයි පන්දුවයි අකැප වූ යුගයක් මීට දශක කිහිපයකට පෙර තිබුණි. නමුත් අද වන විට ඒ තත්ත්වය හාත්පසින්ම වෙනස් වී තිබේ. අද වන විට එයින් දස්කම් පා ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන යන්නට ලාංකේය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හැකි වී තිබේ. අද අපගේ කතාබහ සිදුවන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව මෙන්ම කණ්ඩායමේ දක්ෂතම පිතිකාරිනිය වන චමරි අතපත්තු සමගයි.

Read More

අලුත් අවුරුද්දේ සිරිත්-විරිත්, චාරිත්‍ර-වාරිත්‍ර, අවුරුදු ක්‍රීඩා වගේම අලුත් අවුරුදු කැවිලි-පෙවිළිවලට හිමිවන්නේ ඒ හා නොදෙවැනි සුවිශේෂී ස්ථානයක්. එය අවුරුදු මංගල්‍ය හා බද්ධ වී අද දක්වා පැවත එයි. මෙය අතීතයේ සිට අධ්‍යයනය කිරීමේදී එක් ආකාරයක කලාවක් වශයෙන්ද හඳුනාගත හැකිය.

Read More

කාලයෙන් කාලයට විලාසිතා අලුත් වේ. අත්යනුත්‍ර (handloom) ඇඳුම් විලාසිතා යැයි පවසන්නේත් එවැනි විලාසිතාවකි. අද වන විට මේ විලාසිතාව කා අතරත් ජනප්‍රියත්වයට පත්ව තිබේ. එමෙන්ම අවුරුදු සමය කියන්නෙත් මේ විලාසිතා සඳහා හොඳම ඉල්ලුමක් තිබෙන කාලයකි.

Read More

කැවුම් වූ කලී අවුරුදු කෑම මේසයට නැතිවම බැරි කැවිලි විශේෂයකි. කැවුම් ඉවීම ගජරාමෙට කෙරෙන්නේද සිංහල අවුරුදු කාලයටය. එකල සෑම සිංහල ගෙදරකින්ම පාහේ කිසියම් රස කැවිල්ලක සුවඳ විහිදී ආවේය. කොටින්ම කිවහොත් කැවුම්, කිරිබත් නොමැති උත්සවයක්‌ සිංහලයාට නොමැති තරම්ය. සැබවින්ම සිංහල කැවිලි වර්ගවලට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයකි. කැවිලි වර්ග වැඩි වශයෙන්ම දක්‌නට ලැබී ඇත්තේ නුවර යුගයේදීය. විවිධ මාදිලියේ කැවිලි වර්ග ඉවීමට අපේ ගැමි කාන්තාවට ඇත්තේ සුවිශේෂී වූ හැකියාවකි.

Read More

තල් කොළ තම්බා, සියුම් ලෙස සකසා, එමගින් කලාත්මක නිර්මාණ සිදුකර, ඒවා දෙස් විදෙස් ගැනුම්කරුවන්ට අලෙවි කර ආර්ථිකය සරු කරගන්නා දිරිය කාන්තාවක් අපට පසුගියදා හමුවිය. ඇය වීරවිල දිස්නා කොඩිතුවක්කු මහත්මියයි. 1998දී වීරවිල තල් නිපැයුම් මධ්‍යස්ථානය මගින් ලබාදුන් පුහුණුකිරීමේ වැඩසටහනකට සහභාගි වෙමින් ඇය මෙම තල් නිපැයුම් කර්මාන්තයට අත්පොත් තබා තිබේ. එහිදී ලැබූ මාස හයක පුහුණුවට පසු මෙම නිර්මාණ නිෂ්පාදනය කිරීමෙන්, ඇය මෙම කර්මාන්තය ආරම්භ කර ඇත.

Read More

ලාංකේය සමාජයේ රැකියා අපේක්ෂකයන් තමන් කැමති රැකියාවක් විදෙස් රටවලට ගොසින් සිදුකිරීමට බොහෝ විට ඇල්මක් දක්වයි. ඔවුන් ඒ වැය කරන ශ්‍රමයෙන් අපේ රටට ගලාගෙන එන විදේශ මූල්‍ය ශක්තිය රටේ ආර්ථිකයට මනා පිටිවහලකි. එමෙන්ම වර්තමානය වන විට උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගතවන ළමයින් ප්‍රමාණයේද ඉහළ අගයක් ගනියි. මෙවැනි අවශ්‍යතා සහිත ළමයින්ට හා රැකියා අපේක්ෂකයන්ට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය ලබාදෙමින් ඒ සඳහා ඔවුන් යොමු කරන ආයතන දෙකක හිමිකාරියක වශයෙන් ශෂිකා බුද්ධිනී අපට හඳුනාගත

Read More
Colombo Fashion Week 15
27 03 2018 09:36:00
0 797

Colombo Fashion Week 15 වැනි වරටත් අති උත්කර්ෂවත් අන්දමින් පසුගිය සතියේදී ආරම්භ විය. මෙම විලාසිතා දැක්ම 19දා සිට 25දා දක්වා කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පුරා සතියක කාලයක් පවැත්විණි. මෙහිදී දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් විලාසිතා නිර්මාණ ශිල්පීන්ගේ විලාසිතාවන් එළිදැක්විණි. ඒ විලාසිතා අද කැමරා කාචයේ සටහන් වූයේ මෙලෙසිනි.

Read More

බිබි රසල් යනු ලොව ප්‍රමුඛ පෙළේ විලාසිතා නිර්මාණ ශිල්පිනියක් මෙන්ම නිරූපිකාවක්ද වේ. ඇය බංග්ලාදේශයේ උපත ලබා තම සංස්කෘතියේ වූ සුවිශේෂීත්වය ජාත්‍යන්තරයට ගෙන යමින්, අද වන විට විලාසිතා නිර්මාණ උපදේශිකාවක ලෙසද කටයුතු කරමින්, ලොව ප්‍රමුඛ පෙළේ විලාසිතා සති නියෝජනය කරමින් සිය දැනුම බෙදා දීම සිදු කරයි.

Read More

ගාල්ලේ-වඳුරඹ පදිංචිව සිටි ප්‍රියංකා ජයසේකර මහත්මිය සෞදි අරාබියේදී සිය හාම්පුතා සිදුකළ වෙඩි ප්‍රහාරයකින් මිය ගියාය. එහෙත් තවමත් ඇයගේ මළසිරුර ලංකාවට ගෙන්වා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කර නැත. එම සිද්ධිය සම්බන්ධයෙන් පළ වූ අදහස් කිහිපයක් පහතින් දැක්වේ.

Read More

ලංකාවේ සංචාරක ආකර්ෂණය දිනාගත් වෙරළ සීමාවේ පිහිටි හික්කඩුව අප කවුරුත් දන්නා ප්‍රදේශයකි. එහි සංචාරකයන්ට මනස්කාන්ත වූ පරිසරයක ස්වභාව සෞන්දර්යය විඳීමේ ඉඩහසර ලබාදෙමින් දේශීයත්වය මුසු කර ’නිසලු උයන ’ නමින් සංචාරක නවාතැන් හෙවත් කබානා සකස් කළ කාන්තාවක් අපට පසුගිය දිනක හමුවිය. ඇය නමින් කාන්චනා ද සිල්වාය.

Read More

ආදිවාසීන්ගේ ආහාරපාන භුක්ති විඳීමට ඇල්මක් දක්වන දෙස් විදෙස් සංචාරකයන්ට ඒ සඳහා ස්ථානයක් මෑතක් වන තුරුම දඹාන ආදිවාසී ගම්මානයේ නොතිබීමේ අඩුව පුරවමින් දඹාන ආදිවාසී ගම්මානයේ තරුණියන් දෙදෙනෙකු එහි ආදිවාසී ආහාර ද්‍රව්‍ය අලෙවි සැලක් ආරම්භ කර තිබේ. මෙසේ මෙම අලෙවි සැල ආරම්භ කර ඇත්තේ ඌරුවරිගේ අරුණී හා ඌරුවරිගේ සුමනාවතී යන දෙදෙනාය.

Read More

සරල වින්දනාත්මක චිත්‍රපටි තුළින් චිත්‍රපටි ක්ෂේත්‍රයට ප්‍රවේශ වී පසු කලෙක සමාජ යථාර්ථය නිරූපිත චිත්‍රපටවල රංගනයෙන් දායක වෙමින් සිනමාවට විශිෂ්ට සේවයක් කළ ප්‍රවීණ රංගධාරිනියක ලෙස අනෝජා වීරසිංහ මහත්මිය හඳුනාගත හැකිය. දේශපාලනය නොකළත් යථාර්තය වෙනුවෙන් සටන් කළ ඇයට අවසානයේදී පළිගැනීම් හමුවේ සියල්ල අහිමි විය. කෙසේ නමුත් ඇය කාන්තාවක සේ ඒ කිසිවකින් නොසැලී ධෛර්යෙන් යුතුව ආ ගමන අතරවාරයේ සමාජයේ දුක් විඳින ජනයාට පිහිට වූ වාර අනන්තය. දේශපාලනයෙන් හා සමාජ ජිවිතය

Read More

මෙම වසරේ ‘කොළඹ සමරමු’ (Celebrate Colombo)’ යන තේමාව යටතේ විලාසිතා හා ඒ අදාළ අනෙකුත් ක්ෂේත්‍රද එකතු කර ගනිමින් නිර්මාණශීලී ඇසකින් කොළඹ නගරයට නව ජීවයක් ගෙන ඒමට COLOMBO FASHION WEEK බලාපොරොත්තු වේ. මේ සම්බන්ධ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් පෙරේදා (06දා) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.

Read More

පළාත් පාලන ඡන්ද විමසීම සදහා ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ලබා දුන් අතිරේක ලැයිස්තු අනුව සමස්ථ ලංකාවේ 29%ක කාන්තා නියෝජනයක් ස්ථාපනය කිරීමට හැකිවී තිබෙන බව කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

දේශපාලනය, ආර්ථිකය, සංස්කෘතිය තුළ කාන්තාවගේ භූමිකාව හා අයිතීන් පිළිබඳ අප කතා කළ මුත්, දේශීය විදේශීය වශයෙන් ඇගයීම් හා දුර්වලතා හඳුනාගත් මුත් ලංකාවේ කාන්තාවන්ගේ අස්වාභාවික මරණයන් පිළිබඳ මෙතෙක් පැහැදිලි දත්ත අධ්‍යයනයක් හා ක්ෂේත්‍ර අධ්‍යයනයක් සිදුවී නොමැත. එනිසා මාධ්‍යවලට හෝ සමාජයේ කතාබහට ලක්නොවුණත් ප්‍රචණ්ඩකාරී දේ සඳහා කාන්තාව නිරන්තරයෙන් භාජනය විය.

Read More

අදට (08දා) යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් එයාර් ඉන්දියා ගුවන් සේවය චෙන්නායි සිට කටුනායක බලා ධාවනය කළ ගුවන් යානයක සම්පූර්ණ කාර්ය මණ්ඩලය කාන්තාවන්ගෙන් සම්පූර්ණ කරනු ලැබීය. ඒ අනුව එහි ගුවන් නියමුවන් පවා කාන්තාවෝ වූහ‍.

Read More
LICC Jeans Pregnancy Fashion
8 03 2018 11:23:00
0 987

LICC Jeans වෙතින් ඉදරිපත් කළ විලාසිතා දැක්ම පසුගියදා කොළඹ හිල්ටන් රෙසිඩන්ස්හිදී පැවැත්විණි. එහිදී ගැබිණා කාන්තාවන් වෙනුවෙන්ද ඩෙනිම් විලාසිතතා රැසක් ඉරිපත් කෙරණි.

Read More

පළාත් පාලන මැතිවරණයට පෙර ආණ්ඩුව විසින් යහපාලනයේ කළ විශිෂ්ට ජයග්‍රහණයක් සේ 25%ක කෝටාවක් යටතේ කාන්තා නියෝජනයක් හිමිකර දීම ගැන උදම් අනන්නට විය. නමුත් මැතිවරණය පවත්වා මේ පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වීම හමුවේ මේ සියලුම දෙනා ගොලු වී තිබේ. කළ යුත්තේ කුමක්ද කියා තවම තීරණය කර නොමැත.

Read More

මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරමින් දිවයිනේ ළාබාලම නගර සභා මන්ත්‍රීවරිය ලෙස වාර්තා පොත් අතරට යෑමට අනුරාධපුරයේ පදිංචි විසි එක් හැවිරිදි සචිනි නිමේෂා කාරියවසම් මෙනවිය පසුගියදා සමත් වූවාය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අනුරාධපුර නගර සභාවට සිරිමෙවන් උයන කොට්ඨාසයෙන් තරග කළ සචිනි නිමේෂා ඡන්ද 918ක් ලබාවැඩි ඡන්ද272කින් ජයග්‍රහණය කිරීමට සමත් වූවාය. මේ ඇය සමග අප කළ සංවාදයකි.

Read More

ව්‍යවසායිකාවක, ව්‍යාපාරිකාවක වීම තුළ කාන්තාවන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ලබාගන්නා අත්දැකීම් ඔවුන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට නිරන්තර සහායක් වේ. එවැනි සාර්ථකත්වයට එහාගිය ආත්ම තෘප්තියෙන් සමාජයේ සිටින දහසකුත් කාන්තාවන්ට ආර්ථිකයෙන් නැගීසිටින්නට ඇය ලබාදෙන දිරිය ප්‍රශසංශනීයය. ඇය නමින් අනුලා රත්නායක මහත්මියයි. රාජ්‍ය වැවිලි සංස්ථාවේ උපදේශිකාවක වශයෙන් සේවය කරන ඇය වතුකරයේ කාන්තාවන්ට මෙන්ම උතුරු නැගෙනහිර කාන්තාවන්ට දිරියෙන් නැගීසිටීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සප

Read More
LICC JEANS Fashion
28 02 2018 11:07:00

LICC JEANS සංවිධානයෙන් හිල්ටන් රෙසිඩන්ට්හි පසුගියදා (21දා) පැවති ඩෙනිම් විලාසිතා දැක්මේ අපූරු වූ විලාසිතා රැසක් ’අද’ කැමරාවට හසු වූයේ මෙලෙසිනි.

Read More

මෙවර පළාත් පාලන මැතිවරණය තුළින් කාන්තා නියෝජනය උදෙසා කලක සිට අවදි කළ හඬට යම් සාධාරණයක් ඉටුවී දැයි දේශපාලන නිරීක්ෂකයෝ විමසති. එහෙත් එයද අර්බුදයක් නම් එය ඉදිරි කාලයේ යථාර්ථයක් කර ගන්නේ කෙසේද? මේ ඒ සම්බන්ධයෙන් ’අද’ පාඨකයන් වෙනුවෙන් හඬ අවදි කරවීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය සමින්ද ඥානරත්න මහතා සමග කළ සංවාදයකි.

Read More

බ්‍රිතාන්‍ය ’ෆිල්ම් ඇකඩමි’ සම්මාන උෙළල පසුගියදා (18දා) උත්සවශ්‍රීයෙන් පැවැති අතර, මේ සඳහා බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ විලියම් කුමරු හා ඇගේ බිරිඳ කේට්ගේ සහාභාගිත්වය සිදුවීම පැමිණ සිටින්නන්ගේ ආකර්ෂණය දිනාගැනීමට සමත් විය. කෙසේ නමුත් ජෙනිෆර් ලොරෙන්ස්, ඇන්ජලීනා ජොලී, මාග්‍රට් රොබි ඇතුළු බොහෝ සුප්‍රකට නිළියන් මෙයට සහාභාගි වූයේ කාන්තා ලිංගික හිංසනයට විරෝධය පාමින් කළු ඇඳුමින් සැරසීය. ඔවුන්ගේ විවිධ හැඩයන් ගත් ඇඳුම් රතු පලස මත කැමරා ඇසට හසු වූයේ මෙලෙසිනි.

Read More

එදා මෙන් නොව, අද අප බෙහෙවින් කාර්යබහුලය. කෙතරම් වැඩ කළත් ඉවරයක් නොමැති වැඩ රාජකාරිවලින් හෙම්බත් වූ අපට කන බොන දෑ ගැන සොය සොයා ඉන්නට බැරිය. තිබෙන දේ, පහසු දේ තම්බා රත්කර කුසගිනි නිවා ගන්නවා හැරෙන්නට එහි අඩු වැඩි වශයෙන් ’සැඟවුණු වස විස’ පිළිබඳ නොසිතුනේ නම්, මෙම ලිපිය ඔබ කියවිය යුතුමය. මන්ද ඔබේ දෑතින් මිලදී ගැනෙන ආහාර පාන හේතුවෙන් ඔබේ ආදරණීය දරුවන්ගේ ජීවිත බිල්ලට නොයා යුතු බැවින්ය.

Read More

රත්නපුරයේ මැණික් කොතරම් තිබුණද ඒවා ආභරණයක් සඳහා හෝ තෑගි ලෙස හෝ වෙනත් ඕනෑම දෙයක් සඳහා මිලදී ගැනීමේදී පුද්ගලයන් හොඳ මැණික් හඳුනාගන්නට නොහැකිව බොහෝ දුෂ්කරතාවලට මුහුණදීම නිරන්තරයෙන් සිදුවන්නකි.නමුත් එවැනි ගැටලු මගහරවාලමින් තමන්ගෙන් මිලදී ගන්නා සෑම මැණිකකටම තත්ත්ව සහතිකයක් නිකුත් කරමින්, පාරිභෝගිකයාගේ විශ්වාසය දිනා ගනිමින් මැණික් සම්බන්ධව ව්‍යාපාරයේ නියැළී සිටින ඇය නමින් එස්. එම් ආසිරි බණ්ඩාරය.

Read More

නූතනයේ ව්‍යවසායකත්වය හා ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ දක්ෂතාව මිස කාන්තා පිරිමි සමාජභාවය කිසිසේත් මුල් වන්නේ නැත. තම පියාගේ ව්‍යාපාර කටයුතුවලට හවුල් වෙමින් ඇය අද වන විට කජු යන්ත්‍ර නිෂ්පාදන ක්ෂේත්‍රය තුළින් ජාත්‍යන්තරයම නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙනි. ඉතා සුළුවෙන් ඇරඹි මේ ව්‍යාපාරය අද වන විට ඉතා පුළුල් ලෙස ව්‍යාප්ත වූවකි. එහි ඇය අධ්‍යක්ෂවරියෙකි. කජු සම්බන්ධ යන්ත්‍ර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලොවම හඳුනන ඇය නමින් මැණික් බුද්ධිනීය

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.