Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
ගර්භිණී සමය තුළ ස්කෑන් පරීක්ෂණ කිහිපයකට මුහුණදීමට අද වනවිට මවුවරුනට සිදුවේ. ස්කෑන් පරීක්ෂණවලට මවක් යොමුවූවද ඒවා සිදුකරනුයේ කුමක් සඳහාද ? යන්න බහුතරයක් මවුවරුන් නොදන්නා කරුණකි.ඔබ නොදන්නා නමුත් මේ සමයේ සිදුකරන ස්කෑන් පරීක්ෂණ හරහා දරුවාගේ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීම ඔබේ විශේෂඥ වෛද්‍යවරයා විසින් සිදුකරනු ලබයි. මේ පිළිබඳව විමසීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරිවේද අධ්‍යයන අංශ ප්‍රධානී ෙජ්‍යෂ්ඨ කථිකාචාර්ය, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කළුබෝවිල) ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ධම්මික සිල්වා මහතා සම්බන්ධ කර ගැනීමට අද අපි සිතුවෙමු. මේ ඒ මහතා දැක්වූ අදහස්ය.
ඉතාම වැදගත් වන සති දොළහට පෙර සිදුකරන ස්කෑන් පරීක්ෂණය
ගර්භිණී සමයේ සිදුකරන ස්කෑන් වර්ගවලින් ප්‍රධානතම ස්කෑන් වර්ග සිදුකරනු ලබන්නේ අධිධ්වනි තරංග භාවිතයෙන්. ඒ කියන්නේ %අල්ට්රා සවුන්ඩ් ස්කෑන්^(ultrasound scan) තමයි සිදුකරන්නේ. සාමාන්‍යයෙන් මනුෂ්‍යයෙකුගේ ශ්‍රවණ පරාසය වන්නේ හර්ට්ස් විස්සේ සිට විසි දහස දක්වායි. මේ ස්කෑන් පරීක්ෂණ සඳහා අපි හර්ට්ස් මිලියන තුනේ සිට දහය දක්වා පරාසයෙන් තමයි යොදාගනු ලබන්නේ. මේ නිසා ගර්භිණී කාලයේ කොතරම් ස්කෑන් පරීක්ෂණ සිදුකළත් ඒකෙන් කිසිම හානියක් දරුවාට සිදුවෙනවා කියලා මේ වන තුරු තහවුරු වී නැහැ. මුල්ම කාලයේ ඒ කියන්නේ ගර්භිණී වූ ගමන්ම වෛද්‍යවරයෙකු වෙත යොමු වූ විට සිදුකරන ස්කෑන් පරීක්ෂණය ඉතා වැදගත්. මේකෙන් අපි කරන්නේ ගර්භය ගර්භාෂය තුළ පිහිටනවාද නැද්ද? කියන එක තහවුරු කරගන්න එකයි. එයට හේතුව කලාතුරකින් ගර්භයන් ගර්භාෂයට පිටතින් පිහිටන එකයි. ඒකට අපි කියන්නේ %එක්ටොපික් ප්‍රෙග්නන්සි^ (ectopic pregnancy) කියලා. ඒ නිසා මුල්ම අවශ්‍යතාව තමයි දරුවා ඉන්නේ ගර්භාෂයේ ඇතුළෙද, නැත්නම් පිටතද කියන එක හොයාගන්න එක. ඒ ස්කෑන් එක ගර්භයට සති දොළහක් වීමට පෙරයි සිදුකරන්නේ. මේක සිදුකරන්නේ යෝනි මාර්ගය හරහායි. මේ සඳහා යොදා ගන්නා විශේෂිත වූ උපකරණයක් (probe එකක්) තියෙනවා. මේක යෝනි මාර්ගයේ හැඩයට සකස් කළ එකක්. මේ ස්කෑන් පරීක්ෂණය සිදුකරන අවස්ථාවේ කාන්තාවන් හිතුවට මේක අපහසුයි කියලා මේක කරන්න ඕනේ probe එකේ ජෙල් තවරලා ඒ කාන්තාවට තටමන්න කියලයි. එවිට යෝනි මාර්ගය හොඳින් සැහැල්ලු වෙලා විවෘත වෙනවා. එමගින් අපහසුතාවන් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ පරීක්ෂණවලට යොමුවන කාන්තාවන් කෑ නොගහා තටමන එකයි කරන්න අවශ්‍ය වන්නේ. එවිට මේ උපකරණය යෝනි මාර්ගයට ඇතුළු කරන එක දැනෙන්නේවත් නැති තරම්. මේ උපකරණය හරහා ස්කෑන් කිරීම සිදුකරන්නේ ගර්භාෂය ළඟටම ගිහින් ස්කෑන් කරන්නට අවශ්‍ය නිසයි.
මොකද යෝනි මාර්ගයේ කෙළවරේම තමයි ගර්භාෂය පිහිටන්නේ. ඒ අනුව යෝනි මාර්ගයේ කෙළවරට ගිහින් දරුවා ගර්භාෂයේ සිටිනවාද නැද්ද? ගර්භාෂයෙන් පිටතද ඉන්නේ කියලා බලන්න පුළුවන්. ගර්භාෂයේ පිහිටි දරු ගැබක් නම් අපිට නිවැරදිව මේ හරහා පේනවා. සමහර අවස්ථාවල ගර්භාෂයෙන් පිටත පිහිටන ගර්භයන් අපිට ස්කෑන් එකෙන් පේන්නේ නැහැ. ගර්භයක් ගර්භාෂයේ නැහැ කියලා දැනගත්තොත් අපි රුධිර පරීක්ෂණයකට මවව යොමු කරනවා. ඒ හරහා ගර්භයේ පිටත හෝමෝන නිපදවන ගර්භයක් ඇති බව නිගමනය කරනවා. ඉන් පසුව අපි කොහෙද මේ ගර්භය පිහිටලා තියෙන්නේ කියලා නැවත ස්කෑන් පරීක්ෂණ කරලා සොයා බලනවා. සමහර වෙලාවට ගර්භාෂයෙන් පිටත පිහිටි ගර්භයන් පවා ස්කෑන් එකට අහුවෙනවා. ඒ අනුව සති දොළහට කලින් කරන අල්ට්රා සවුන්ඩ් ස්කෑන් එකේ මූලික කාරණය තමයි ගර්භය ගර්භාෂයේද පිහිටන්නේ කියන එක සොයා බලන එක.
මීළඟ කාරණය තමයි ගර්භය ගර්භාෂයේ නිවැරදිව පිහිටනවාද යන්න සොයා බලන එක. ඒ කියන්නේ ගර්භයක් ගැබ් ගෙල ළඟ පිහිටන්න පුළුවන්. ඒ වගේම කලින් සිසේරියන් සැත්කමක් සිදුකර තිබෙනවා නම් ගර්භය ඒ කැපුම තුළට ගිහින් තැන්පත් වෙන්නත් පුළුවන්. ඒ වගේම ගර්භාෂයේ කොන්වල තැන්පත් වෙන්නත් පුළුවන්. මේ වගේ ස්ථානවල ගර්භයක් තැන්පත් වුණොත් ගර්භය හරියන්නේ නැති වෙන්න පුළුවන්.
දරුවාගේ දින ගණින සති දොළහේ ස්කෑන් පරීක්ෂණය
මීළඟ පියවර තමයි බබාගේ දින සාදන එක. ඒක අපි සති එකොළහත් දහතුනත් අතර සිදුකරනවා. මොකද මේ කාලේ තමයි ඉතා නිවැරදි ලෙස දින හදන්නට පුළුවන්. මේකත් සිදුකරන්නේ යෝනි මාර්ගය හරහා කරන ස්කෑන් පරීක්ෂණය හරහායි. මේකෙන් අපි බබාගේ ශීර්ෂයේ සිට තට්ටම් ප්‍රදේශය දක්වා (crown to rump length ) ක්‍රවුන් ටු රම්ප් ලෙන්ත් එක මනිනවා. ඒ හරහා ඉතාම නිවැරදිව බබාගේ දින ගණන හොයා ගන්න පුළුවන්. මුල් කාලයේම දින ගණනය ඉතාම වැදගත් දෙයක් වෙන්නේ අපිට බබාගේ වැඩීම නිවැරදිව සිදුවෙනවාද කියන එක මුළු ගර්භිණී සමය පුරාම බලාගන්න මේක යොදාගන්නා නිසයි. ඒ කියන්නේ සති ගණන් අනුව බබාගේ වර්ධනය මෙච්චරක් කියලා අපිට වර්ධන සටහන් තියෙනවා. මේක සන්සන්ධනය කරන්න තියෙන එකම විදිහ තමයි බබාගේ දින ගණන් කරන එක. ඒ වගේම බබා එළියට ගන්න වෙලාව , බබාගේ වර්ධනය, කොයි විදිහටද බබා ගන්නේ( සැත්කමකින්ද ස්වභාවිකවද) කියන එකට මේක ඉතා වැදගත්. බබාගේ දින ගණන් කිරීම මවකගේ මාසික ශුද්ධිය අනුවත් කරන්න පුළුවන්. නමුත් ඊට වඩා නිවැරදියි මේ ස්කෑන් එකෙන් ගන්න දිනය. මොකද මාස් ශුද්ධියෙන් ගන්න දිනයේ බබා පිළිසිඳ ගන්න එක නොවෙන්න පුළුවන්. මොකද ඩිම්බයක් මෝචනය වන දිනය එයින් නිවැරදිව ගන්න බැරි නිසා. ඒ නිසා මාස්ශුද්ධියෙන් ගන්න දානයෙන් සංසේචනය වන දිනය ගැනීම අවිනිශ්චිතයි.
මේ ස්කෑන් එකෙන් මීළඟට අපි බලනවා බබාගේ විකෘතිතා තියෙනවාද කියලා. මුල්ම අවධියේ අපිට බබාගේ නොයෙකුත් ප්‍රශ්න හඳුනාගන්න පුළුවන්. ඒ සඳහා අපි බබාගේ සම්පූර්ණ ස්වභාවය බලනවා. ඒ කියන්නේ බබාගේ අත් දෙක, කකුල් දෙක, තියෙනවාද? මොළය වර්ධනය වෙලාද ? ස්නායු පිහිටලා තියෙනවාද? කියන ඒවා බලනවා. ඒ වගේම විශේෂයෙන් හෘදය වැඩකරනවාද බලනවා. මොකද හෘදය වැඩ කරන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක්. අපි එය ස්වභාවික ගබ්සාවක් විදිහටයි දකින්නේ. බබා බඩ ඇතුළේ මිය ගිහින් කියන එක අපි කියනවා. බබාගේ කකුල්වල අත්වල ඇද තියෙනවාද ? ඔළුවේ ස්නායුවල වෙනස්කම් අපි බලනවා.
මීළඟට අපි ජාන විකෘතිතාවල ඉඟි තියෙනවාද යන්න බලනවා. ස්කෑන් එකකින් අපිට ජාන විකෘතිතා හා මොන ආකාරයේ ජාන විකෘතිතාද තියෙන්නේ කියලා 100෴ක් බලන්න බැහැ. නමුත් තවදුරටත් පරීක්ෂණ කරලා බලන්න අවශ්‍ය තත්ත්ව තියෙනවාද කියන එක මූලිකව හඳුනාගන්න පුළුවන්. මේ සඳහා අපි බලන එකක් තමයි එන් ටී (NT) කියන එක. ඒ කියන්නේ න්යුකල් ට්රාන්ස්ලුසෙන්සි (nuchal translucency scan) කියන එක. ඒ කියන්නේ බබාගේ බෙල්ලේ පිටුපස තිබෙන මෘදු පටක කෙතරම් ගනකම්ද බලනවා. මේ මෘදු පටක ගනකමින් වැඩිනම් අපිට ජානමය විකෘතිතාවක් තියෙන බව හඳුනාගන්න පුළුවන්. ඒ වගේම නාසයේ තිබෙන අස්ථිය නැත්නම් නේසල් බෝන් (nasal bone) එක පිහිටනවාද බලනවා. මේක පිහිටලා නැත්නම් ගැටලුවක් වෙන්න පුළුවන්. මේ හැම එකේම වෙනස්කම් සොයාගත්තට හැමවෙලාවෙම ජාන විකෘතිතාවක් තියෙනවා කියලා තහවුරු වෙන්නේ නැහැ. නමුත් වැඩිදුර පරීක්ෂණ පැවැත්විය යුතුයි කියන එක එයින් කියැවෙනවා. මේකෙන් අපි බබෙක්ගේ ජාන විකෘතිතා තියෙනවා කියලා හඳුනා ගතහොත් අපි ජාන පරීක්ෂණ සඳහා යොමු කරනවා.
මේ පරීක්ෂණ අපිට විධි කිහිපයකින් කරන්නට පුළුවන්. ඒ සඳහා අපි බබාගේ වතුර බෑගයේ තරලයේ පාවෙන බබාගේ සෛල පරීක්ෂා කරනු ලබනවා. මෙයින් අපිට ඩවුන්සින්ඩ්‍රෝම් වගේ තත්ත්ව හඳුනාගන්න පුළුවන්. මෙම පරීක්ෂණය %ඇම්නියෝ සින්ටෙසිස්^ (amniocentesis) කියලා කියනවා. මෙහිදී සිදුකරන තව පරීක්ෂණයක් තමයි %කෝරියොනික් විලස්^ සාම්පල් (chorionic villus sample) ලබා ගැනීම. ඒ කියන්නේ බබාගේ වැදෑමහේ සාම්පලයක් පරීක්ෂා කිරීම. මේවා %ඉන්වේසිව් මෙතර්ඩ්^ (invasive method) ඒ කියන්නේ අපි බබා ළඟටම ගිහින් සාම්පල අරන් කරන දේවල්.
මේ පරීක්ෂණවලදී බබා ගබ්සා වීමට ඉඩක් තියෙනවා. දැන් %නොන් ඉන්වේසිව් මෙතර්ඩ්ස්^( non-invasive method) ඇවිත් තියෙනවා. ඒ කියන්නේ ගර්භය වෙතට ළඟා නොවී සිදුකරන පරීක්ෂණ. අම්මගේ රුධිරයේ බබාගේ ඩී. එන්. ඒ. ජාන පාවෙන බව දැන් හොයාගෙන තියෙනවා. ඒ අනුව අම්මගේ ලේ වලින් බබාගේ ජාන අරන් ජාන පරීක්ෂා කරල බලන්න පුළුවන් ජාන විකෘතිතා තියෙනවාද කියන දේ ගැන. දැන් මේ රුධිර පරීක්ෂණ පෞද්ගලික රෝහල්වලදී සිදුකරනවා. මුල් ස්කෑන් එකේ ප්‍රශ්නයක් තිබ්බොත් අපිට මේ පරීක්ෂණවලට යොමු වෙන්න පුළුවන්.
මීළඟ කාරණය තමයි මේ ස්කෑන් පරීක්ෂාවෙන් මවගේ ගර්භාෂගත රෝග තියෙනවාද කියන එකත් බැලීම. මෙහිදී විශේෂම දේ තමයි ෆ්‍රයිබ්‍රොයිඩ් (fibroids) ෆ්‍රයිබ්‍රොයිඩ්^ (fibroids) තියෙනවා නම් ගර්භාෂයේ කොතැනද තියෙන්නේ කියලා හොයනවා. මීළඟට ඩිම්බ කෝෂවල ගෙඩි හෝ පිළිකා තත්ත්ව තියෙනවාද කියන එක බලනවා. මීළඟට ගැබ්ගෙල කුමන හේතුවක් නිසා හෝ විවෘතද කියන එක සොයා බලනවා. මොකද මේ කාන්තාව ජීවිතයේ සිදුකරන පළමු ස්කෑන් පරීක්ෂණය මේක වෙන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාව අපි ප්‍රයෝජනයට ගන්නවා මේ මවගේ ගර්භාෂයේ හා ඩිම්බකෝෂයේ, ශ්‍රෝණියේ හා අනෙක් අවයවවල වෙනස්කම් තියෙනවාද බලන්න.
දරුවාගේ ශරීරයේ සියලුම අංග පරීක්ෂා කරන සති විස්සේ ස්කෑන් පරීක්ෂාව
මීළඟට අපි සති දහඅටත් විසිඑකත් අතර %ඇනොමලි ස්කෑන්^ (anomaly scan) පරීක්ෂාව නමින් ස්කෑන් පරීක්ෂාවක් කරනවා. මේ ස්කෑන් එකෙන් අපි බබාගේ වර්ධනය බලනවා. මීළඟට බබාගේ හැම අංගයක්ම වෙන වෙනම සූක්ෂමව බලනවා. බබාගේ මොළය, හිස් කබල , මූණ, නාසය , තොල්, දිව , නිකට, සුෂුම්නාව, හෘදය, පෙනහළු, අක්මාව, වකුගඩු, උදරය, කකුල්, ඇඟිලි ආදී සියල්ල වෙන වෙනම බලනවා. මීළඟට වැදෑමහේ පිහිටීම බලනවා. වැදෑමහ පහළින් ගැබ්ගෙල වසාගෙන පිහිටලා තියෙනවා කියලා පේනවා නම් අපි ඉස්සරහට සිදුකරන ස්කෑන්වලිනුත් නැවත නැවත බලනවා වැදෑමහ ඉහළට ගිහින්ද නැත්නම් එතනම තියෙනවාද කියන එක පිළිබඳව. වැදෑමහ එතනම තියෙනවා නම් අපි සිසේරියන් සැත්කමක් කරලයි බබාව ගන්නේ. මීළඟට වැදගත්ම දේ තමයි කලින් සීසේරියන් සැත්කමක් කරපු අම්මා කෙනෙක්ගේ පෙර සිසේරියන් සැත්කමේ කැලලට යටින් බබාගේ වැදෑමහ පිහිටලා තියෙනවා නම් ඒක භයානක වෙන්න පුළුවන්. සමහර අයයේ සිසේරියන් කට් එකට වැදෑමහ කිඳා බහිනවා. මෙහෙම වුණොත් %ප්ලැසෙන්ටා ඇක්රීටා^ (placenta accreta) කියලා අපි කියන තත්ත්වය ඇති වෙනවා. මේ තත්ත්වය ඉතාම භයානකයි. මොකද වැදෑමහ මේ කට් එකෙන් එළියට ගිහින් වෙන වෙන අවයව එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ගොඩක්ම වෙන්නේ මුත්රාශයට සම්බන්ධ වෙන එක. මේ වගේ තත්ත්වවලදී බබා ප්‍රසූත කළාට පසුව අම්මට තදබල රුධිර වහනයන් වෙලා මරණයට පවා පත්වෙන්නට හැකි ආකාරයේ තදබල ජීවිත අවදානමක් පවතිනවා. ඒ නිසා සති විස්සෙදී අපි වැදෑමහේ පිහිටීමත් හොයනවා. තුන්වැනුව අපි බබා වටා පිහිටි තරලය ප්‍රමාණවත්ද කියන එක මැන බලනවා.
බබාගේ වර්ධනය, වතුර බෑගයේ තරලය, වැදෑමහේ පිහිටීම හා බබාගේ ශරීර අංග වෙන වෙනම බැලීම තමයි සති විස්සේ ස්කෑන් එකෙන් කරන්නේ. මීට අමතරව බබාගේ ස්ත්‍රී පුරුෂභාවය මේ ස්කෑන් පරික්ෂණයේදී දැකගන්න පුළුවන්. නමුත් ගැහැනු දරුවෙකුගේ ලිංග ප්‍රදේශය මහතට තිබුණොත් පිරිමි දරුවෙක් ලෙස හඳුනා ගන්නත් පුළුවන්. ඉතින් මේ දුවද පුතාද කියන එක වෙනස් වෙන්න හැකියාවක් තියෙනවා. නමුත් කියන්න ඕන දුවද පුතාද බලන එක මේ ස්කෑන් පරීක්ෂණයෙන් බලන අත්‍යවශ්‍ය කාරණයක් නොවේ.
සති විස්සෙන් පසුව සිදුකරන විශේෂ ස්කෑන් පරීක්ෂණ
මීළඟට අපි ගර්භිණී මවට හෘද රෝගයක් තිබෙනවා නම් සති 22ත් 24ත් අතර තවත් ස්කෑන් පරීක්ෂාවක් සිදුකරනවා. අම්මට අම්මාගේ උපතේදී හෘදයේ යම් ගැටලුවක් තිබුෙණ් නම් අපි බබාගේ %ඉකෝ කාඩියෝලොජි^( echo cardiology) පරීක්ෂාවක් අපි සිදුකරනවා. ඒ වගේම බබාගේ හෘදයේ විශේෂ ස්කෑන් පරීක්ෂාවක් සිදුකරනවා.
මීට පසුව අපි කරන ස්කෑන් පරීක්ෂණ අපි කරන්නේ කලින් කරපු පරීක්ෂණවලින් සොයාගත්ත දේවල් යළි යළිත් සොයා බලන එකයි , බබාගේ වර්ධනය බලන එකයි. මේ ස්කෑන් අපි %ග්රෝත් ස්කෑන්^ (growth scan) නැත්නම් වර්ධන ස්කෑන් විදිහට නම් කරනවා. සති 28,32,36 ආදියෙන් සති 4න් 4ට අපි මේ ස්කෑන් පරීක්ෂණ සිදුකරනවා. හැමෝටම මේ ස්කෑන් පරීක්ෂණ කරන්න අනිවාර්ය නැහැ. නමුත් අවශ්‍ය නම් සිදුකරන්න පුළුවන්. අපි බබාගේ වැඩීම බලන්න බබාගේ බර නිමානය කරනවා. මේක බලන්නේ මිනුම් දඬු 04කින්. ඒ අනුව හිස් කබලේ මිනුම් දෙකක් ගන්නවා. එකක් තමයි හිස් කබලේ වටප්රමාණය. අනික හිස් කබලේ තිරස් දුර. දෙවැනුව බඩේ වටප්රමාණය ගන්නවා අක්මාව හරහා. මීළඟට බබාගේ ශ්‍රෝණියෙන් පහළ අස්ථිය එනම් කලවා අස්ථියේ දිග ගන්නවා. මේ මැනුම් ටික කළාම අපිට ස්කෑන් යන්ත්‍රයෙන් බබාගේ බර මැනලා දෙනවා.
මීළඟට අපි මැනලා බලනවා බබා ලොකුයිද පොඩියිද කියලා. මේ ස්කෑන් පරීක්ෂණ තමයි දිගටම බබා ලැබෙනකම් කාලය තුළ සිදුකරන්නේ. මේ අනුව බබා පොඩියි හරි ලොකුයි හරි කියලා දැනගත්තොත් දිගටම අපිට බලන්න පුළුවන් සති ගාණට අනුව බබාගේ වැඩීමට මොකද වෙන්නේ කියලා.
විවිධ ලෙඩ රෝග සොයා බලන විශේෂිත ස්කෑන් පරීක්ෂණ
සති 20න් පසු සති 40 දක්වා කරන ස්කෑන්වල විශේෂිත ස්කෑන් පරීක්ෂණ කිහිපයකුත් තියෙනවා. විවිධ ලෙඩ රෝග නිර්ණය කරන්නයි අපි මේ ස්කෑන් පරීක්ෂණ සිදු කරන්නේ. පළමු එක තමයි බබාගේ ලේ ගමනාගමනය පරීක්ෂා කරන එක. විශේෂයෙන් මවට අධිරුධිර පීඩනය හා බබාගේ වැදෑමහේ ප්‍රශ්න තිබෙන විට බබාගේ ලේ ගමනාගමනය අපි නීර්ණය කරන්න %ඩොප්ලර් ස්කෑන්^ (doppler scan) නමින් පරීක්ෂණයක් කරනවා. මේ ස්කෑන් එකෙන් බබාගේ මොළේ රැධිර නාල සහ පෙකණි වැලේ හා බබාගේ සිරුරේ තිබෙන ලොකු රුධිර නාළවල ලේ ගමනාගමනය මනිනවා. මේ අනුව ලේ ගමනාගමනය හොඳ නැති වුණොත් බබාව එළියට ගන්න එක අපිට තීරණය කරන්න පුළුවන්. මීළඟ එක තමයි ප්ලැසෙන්ටා ඇක්රීටා ( placenta accrete) නැත්නම් වැදෑමහ සීසර් කට් එකෙන් ඇතුළට ගිහින් තිබෙන තත්ත්වවලදී වැදෑමහේ ක්‍රියාකාරීත්වය බලන්න අපිට පුළුවන් %ඩොප්ලර් ස්කෑන්^ (doppler scan) පරීක්ෂණයක් කරන්න.
මීළඟට අපිට බබා හොඳට ඉන්නවද බලන්න කරන්න පුළුවන් බයෝපිසිකල් ප්‍රොෆයිල් (biophysical profile) කියන ස්කෑන් පරීක්ෂණය. මේකෙදී බබාගේ වතුර බෑගයේ තරලය මනින එක , බබා හොඳට දඟලනවද බලන එක, බබා අත්, පා සොලවනවද කියන එක බැලීම සිදුකරනවා.
සාමාන්‍යයෙන් මවකට මේ සියලුම ස්කෑන් පරීක්ෂණ සිදුකරන්නට අවශ්‍යම නැහැ. මූලිකව සිදුකරන ස්කෑන් පරීක්ෂණ තුනක් හෝ හතරක් සිදු කරන එක ප්‍රමාණවත්. නමුත් ප්‍රශ්න තියෙන විට, ඒ කියන්නේ අම්මට දියවැඩියාව, අධිරුධිර පීඩනය, තයිරොක්සින් හෝමෝන ගැටලු, හෘද රෝග පවතින අවස්ථාවක අනිවාර්යයෙන් ස්කෑන් පරීක්ෂණ ගණනාවක් කරන්නට ඇතැම් විට සිදුවෙනවා. මේවාට බය වෙන්න අවශ්‍ය නැහැ. නමුත් ස්කෑන් පරීක්ෂණ සිදුකරන්නේ ඇයි කියන එක පිළිබඳව වෛද්‍යවරයාගෙන් අසා දැනගන්න පුළුවන්.
ලෝකයේ දියුණුම තාක්ෂණයෙන් යුතු ස්කෑන් පරීක්ෂණ දැන් ලංකාවේ රජයේ රෝහල්වලත් පවතිනවා. ඒ වගේම විවිධ සංකූලතා හඳුනා ගතහොත් මවු කුසේදීම දරුවන්ට ප්‍රතිකාර ලබා දෙන්නට හැකියාව ඇති වෛද්‍යවරුන් පිරිසක් අපේ රටේ ඉන්නවා. නමුත් රෝග සුළු ප්‍රමාණයකට පමණයි අපිට මවු කුස තුළදී ප්‍රතිකාර කළ හැක්කේ. ජානමය විකෘතිතා හඳුනා ගත්තත් අපිට කිසිම ප්‍රතිකාරයක් කරන්නට බැහැ. ඒ වගේම අපිට විකෘතිතා සහිත දරුවන් හඳුනා ගත්තත් ගබ්සා කිරීමට නීතියෙන් අයිතියක් නැහැ. රජයේ රෝහලකදී සති දොළහට ප්‍රථම සිදුකරන ස්කෑන් පරීක්ෂණය, සති 12 ස්කෑන් පරීක්ෂාව, %ඇනොමලි ස්කෑන්^ පරීක්ෂාව හා ඉන් පසු ස්කෑන් පරීක්ෂණ එකක් හෝ දෙකක් සිදු කරනවා. බබාගේ කිසිම ප්‍රශ්නයක් නැත්නම් එය ප්‍රමාණවත්. රජයේ රෝහලකදී අනිවාර්යයෙන් සිදුකළ යුතු ස්කෑන් පරීක්ෂණ පමණක් සිදුකරනවා.
ඒ වගේම ත්‍රීඩී (3D) හා ෆෝඩී (4D) ස්කෑන් පරීක්ෂණ දැන් තියෙනවා. ඒවා ඉතින් අම්මට බබාව හොඳින් බලාගන්න තියෙන දෙයක් පමණයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd