ලංකාවේ අවුරුදු පහකට වරක් මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් සිදුකෙරෙන අතර, මේ සම්බන්ධයෙන් ආසන්නතම සමීක්ෂණය සිදුකර ඇත්තේ 2016 වර්ෂයේදීය. එම සමීක්ෂණයට අනුව මෙරට අවරුදු 12ක් වයසැති දරුවන්ගෙන් 16%ක් අනිවාර්ය ප්‍රතිකාර අවශ්‍යවන දත් හා හනු ආශ්රිත විකෘතිතාවයන්ගෙන් පීඩාවිඳින බවට වාර්තාවී තිබේ.
මෙම විකෘතිතාවයන් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට සුදුසුකම්ලත් විකලාංග විශේෂඥ දන්ත වෛද්‍යවරුන් වෙත යොමුවිය යුතු අතර, සියලුම ශික්ෂණ රෝහල්, පළාත් මහා රෝහල් , දිස්ත්‍රික් මහා රෝහල් හා පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨය ආදී ස්ථානවලින් මෙම ප්‍රතිකාර නොමිලයේ ලබා ගැනීමට හැකියාවක් පවතී.
දත්වල අක්‍රමවත් පිහිටීම, හනුවල විෂමතා ඇති විට විකලාංග දන්ත ප්රතිකාරවලින් ඒවා නිවැරදි කිරීම සිදුකරන අතර, ඉන් මුහුණට ගැළපෙන අයුරින් දත් හා හනු තිරසාරව සැකසීම සිදුකර මනාව ආහාර සැපීමට හැකියාව මෙන්ම ආකර්ෂණීය සිනහවක් ලබා දේ. විකලාංග ප්‍රතිකාර අවශ්‍ය අය ප්‍රතිකාරවලට යොමු නොවීම හේතුවෙන් දත් ගෙවී යෑම, හනුවේ සන්ධි ආශ්රිත ගැටලු ඇතිවීම, වීදුරුමසෙහි රෝගී තත්ත්ව සහ දත් දිරා යෑම සිදුවේ.
විකලාංග දත් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට වයස් සීමාවක් නොමැති අතර, නීරෝගී ශක්ති සම්පන්න වීදුරුමසක් ඇත්නම් ඕනෑම වයසකදී ප්‍රතිකාර සිදුකළ හැකිය. නමුත් කුඩා වයසේදීම මෙම ප්‍රතිකාර සඳහා යොමු වීම මගින් සංකීර්ණ ප්‍රතිකාර කරා යොමු නොවී පහසුවෙන් විකෘතිතා ප්‍රකෘති තත්ත්වයට පත් කර ගැනීමට හැකියාවක් පවතී.
මේ සඳහා සියලුම දරුවන් අවුරුදු 08 වීමට පෙර මුල්ම විකලාංග දන්ත උපදේශනය සඳහා යොමුවීම වැදගත් වේ. ඒ සඳහා මවක් ලෙස සෑම මාස හතරකට පහකට වරක් තම දරුවන්ගේ දන්ත සෞඛ්‍ය පිළිබඳ පරීක්ෂා කිරීම සිදු කළ යුතුය.
එසේම ස්ථිර දත් මෝදුවන තුරු කිරිදත් රැක ගැනීම සිදුකළ යුතු අතර, ඉන් ස්ථිර දත් අක්‍රමවත්ව පිහිටීම වළක්වා ගත හැකිය. තවද අවුරුදු 05වන විට ඇඟිලි ඉරීම වැනි පුරුදු නවත්වා ගැනීම ඉතාම අවශ්‍ය වේ.
විකලාංග විශේෂඥ දන්ත වෛද්‍ය සේවාව මගින් මීට අමතරව මුහුණ හා හණු ආශ්‍රිතව උපතින් ඇතිවන විෂමතාවන් වන බෙදුණු තොල් හා තල්ල සින්ඩ්රේමික තත්ත්වයන්ට අවශ්‍ය ප්රතිකාරද සිදුකරනු ලබයි.
අක්‍රමවත්ව දත් පිහිටීමක් දුටු විගසම අවශ්‍ය ප්‍රතිකාර සඳහා දරුවා යොමු කිරීම වැදගත් - විකලාංග දන්ත ශල්‍ය වෛද්‍ය විශේෂඥ ශීවනී විජයරත්න
සාමාන්‍යයන් අවුරුදු හතක් අටක් වගේ වයසේ දරුවන්ට බහුලව තිබෙන ප්‍රශ්නයක් තමයි ඇඟිල්ල ඉරීම නිසා හෝ වෙන යම් හේතු නිසා දත් අක්‍රමවත්ව පිහිටන එක. නිරෝගී දත් දෙපලක උඩ ඇන්දේ දත් පෙළ, යට ඇන්දේ දත්පෙෙළන් ඉදිරියෙන් පිහිටන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් දරුවෙකුට අවුරුදු 06ක් පමණ වන විට කිරිදත් වැටීම ආරම්භ විය යුතුයි. නමුත් කිරිදත් වැටෙන්නේ නැතිව දත් පේළි දෙකක් වගේ ස්ථිර දතුත් මතුවෙනවා වගේ පේනවා නම් හෝ කිරිදත් වැටෙන එක ප්‍රමාදයි වගේ හැඟෙනවා නම් විකලාංග දන්ත වෛද්‍යවරයෙකු වෙත දරුවා යොමු කිරීම සිදු කළ යුතුයි.
එසේම දත් අක්‍රමවත්ව පිහිටීම මගින් පසුකාලීනව විදුරු මසට හා දත්වලට හානි සිදුවීමට පුළුවන්. මේ නිසා අක්‍රමවත්ව දත් පිහිටීමක් දුටු විගසම අවශ්‍ය ප්‍රතිකාර සඳහා දරුවා යොමු කිරීම වැදගත්. ඇඟිලි සූප්පු කිරීම තුළින් දරුවන්ගේ දත් අතර හිඳැස් ඇති වීම සිදුවෙන්නට පුළුවන්. මේ නිසා හැකි ඉක්මනින් ඇඟිලි සූප්පු කිරීම වළක්වා ගන්න අවශ්‍ය දේ සිදු කළ යුතුයි.
අවුරුදු 06ක් වන තුරුත් දරුවාගේ ඇඟිලි ඉරීම නවත්වා ගැනීමට දෙමාපියන්ට නොහැකි වුණොත් ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයෙකු වෙත රැගෙන ආ යුතුයි. එවිට වෛද්‍යවරයාට ඊට අදාළ ප්‍රතිකාර ලබාදීම සිදුකළ හැකියි. මීළඟට ඉදිරියට නෙරා ආ දත්, නැතිනම් අපි බොල්ලෑව ලෙසින් හඳුන්වන දත් පිහිටීම් නිවැරදි ආකාරයට සකස් කිරීම කුඩා කාලයේදී පහසුවෙන් සිදු කළ හැකි නිසා අවුරුදු 11ක් වීමට ප්‍රථම එයට ප්‍රතිකාර ලබාදීම සඳහා රැගෙන එන්නට කටයුතු කිරීම අවශ්‍යයි.
ඒවගේම නිරෝගී පුද්ගලයෙකුගේ දත් දෙපෙළ් පිහිටීම පිළිබඳ බැලුවොත් උඩු ඇන්දේ දත් සම්පූර්ණයෙන්ම පෙනෙන ලෙසත්, යට ඇන්දේ දත්වලින් 2/3ක් පෙනෙන ලෙසත් තිබිය යුතුයි. එසේ නොමැතිව යට ඇන්දේ දත් 100%ක්ම නොපෙනෙන ලෙස උඩු ඇන්දේ දත් පිහිටන තත්ත්වය අපි ඩීප් බයිට් තත්ත්වය ලෙසින් හඳුන්වනවා. මෙය පෙනුමට ගැටලුවක් නොවුණත් දීර්ඝ කාලීනව හකු ඇටවලට හානි සිදුවන, වීදුරුමස්වලට හානි සිදුවන, දත් ගෙවී යෑමට තුඩු දෙන හානිකාරී තත්ත්වයක් බවට පත්විය හැකියි. මේ නිසා මේ තත්ත්වයට ප්‍රතිකාර ලබා දීම අත්‍යවශයි.
මීළඟට දත් අතර හිඳැස් පැවතීම අවුරුදු 6 සිට දරුවන්ට දැකගන්නට ලැබෙනවා. මෙම තත්ත්වය දීර්ඝකාලීනව පවතී නම් ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍යද යන්න දැන ගැනීමට වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතුයි. නමුත් වැඩිහිටියෙකුගේ මෙම තත්ත්වය පවතී නම් ප්‍රතිකාර ලබාදීම සිදු වෙනවා. වැඩිපුර දත් පිහිටීම වැනි අවස්ථාවල ඒවා නිවැරදි කිරීමද සිදුකළ හැකියි. එසේම නියමිත කාලයට දත් මෝදුවීම දැකගත නොහැකිව හිස්තැන් පවතින අවස්ථාවකදීත් දරුවාව ප්‍රතිකාර සඳහා යොමුකළ යුතුයි.
එවිට එම දත දත් කුහරයේ හිරවී ඇති නම් ඒවා පිටතට ගැනීමට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සිදුකළ හැකියි. එසේම හකු ඉදිරියට නෙරා ඒම හෝ වර්ධනයේ ගැටලු ආදී දේවල් සඳහාද ප්‍රතිකාර පවතිනවා. මෙවන් තත්ත්ව එනම් යට හකු ඇටය සාමාන්‍ය වර්ධනයට වඩා අඩුවෙන් වර්ධනය වන තත්ත්ව ආරයෙන් පැමිණෙන ඒවා යැයි සලකා ප්‍රතිකාර නොකර සිටීම සිදු නොකළ යුතුයි.
මෙම තත්ත්වය එනම් යට දත් දෙපළ උඩු දත් දෙපළට වඩා ඉදිරියෙන් පවතින බව දරුවාට අවුරුදු හයෙන් හතෙන් හඳුනා ගනී නම් හැකි ඉක්මනින් ප්‍රතිකාර සඳහා දරුවාව යොමු කළ යුතුයි. විශේෂයෙන් අවුරුදු 11ට පෙර මෙම තත්ත්වවලට ප්‍රතිකාර නො කළහොත් අවුරුදු 20ක් පමණ වූ පසු ශල්‍යකර්මයක් සිදුකර නිවැරදි කිරීමට සිදු වෙනවා. එහෙයින් කුඩා කාලයේදීම මෙයට ප්‍රතිකාර කිරීම සඳහා යොමු කිරීමට දෙමාපියන් ලෙස කටයුතු කළ යුතු වෙනවා.
දෙබිඩි තල්ල වැනි උපත් ආබාධ තත්ත්වයන් පවතින අවස්ථාවල සිදුකරන ප්‍රතිකාර දරුවාට අවුරුදු 20 දක්වා වන ප්‍රතිකාර සමූහයක් ලෙස සිදුකිරීමට සිදුවෙනවා. දෙමවුපියන් ලෙස දරුවාගේ කිරිදත් රැක ගැනීමත්, ඇඟිලි ඉරීමේ තත්ත්ව වළක්වා ගැනීමත්, දරුවාගේ දත්වල හෝ හකුවල, වීදුරු මසේ විකෘතිතාවක් හෝ රෝගී තත්ත්වයක් ඇත්නම් ඒවා හඳුනා ගැනීමත් ඒවාට හැකි විගස ප්‍රතිකාර ලබාදීමත් සිදුකිරීම වැදගත් වෙනවා.
දරුවාගේ කිරිදත් නියමිත කාලයට වැටෙන තුරු ප්‍රවේසම් කර ගැනීමට දෙමාපියන් වගබලා ගතයුතුයි - විකලාංග දන්ත වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ඉන්දික උබයසිරි
අපි මේ විකලාංග දත් ප්‍රකෘති තත්ත්වයට පත්කරන අවස්ථාවන්හිදී දන්ත ශල්‍ය උපකරණ වර්ග දෙකක් ප්‍රයෝජනයට ගනු ලබනවා. එකක් දත්වලට අලවන උපකරණ. අනෙක තමයි රෝගියාට අවශ්‍ය වෙලාවට පැලඳගෙන සිට අනවශ්‍ය වෙලාවට ගලවා දැමිය හැකි උපකරණ.
දත්වලට සවිකරන ලද උපකරණ ගත්තම ලංකාවේ රෝහල්වලින් අපිට ලබාගන්නට දැන් හැකියාවක් තිබෙනවා. ලෝහවලින් සාදන ඒවා වගේම සෙරමික්වලින් නිෂ්පාදනය කරන ඒවාත් දැන් රෝහල්වලින් ලබාගත හැකියි. මීට අමතරව දන්ත උපකරණ පැලඳීම පිටතට නොපෙනෙන ලෙස දත් ඇන්දට ඇතුළු පැත්තෙන් සිදුකිරීමටත් දැන් හැකියාවක් තිබෙනවා. එසේම රෝගියාට ගලවා ඉවත් කර නැවත පැලඳිය හැකි උපකරණ ඉතාම සරල ලෙස දත්වල විකෘතිතා ප්රකෘතිතත්ත්වයට පත්කරන්නට යොදාගනු ලබනවා.
ඒ වගේම හණුවල පවතින විකෘතිතා ප්‍රකෘතිමත් කිරීමටත් විවිධ උපකරණ අපි භාවිත කරණවා. මේවා දරුවන් කුඩා කාලයේදී භාවිත කිරීම මගින් වැඩිහිටි වයසේ මේ තත්ත්ව ප්‍රකෘතිමත් කරන්න ශල්‍යකර්මවලට ලක්කිරීම වළක්වා ගැනීමට හැකියි. දත්වලට යොදන මේ උපකරණ යෙදීමට වයස් සීමාවක් නොමැති නමුත් අස්ථි හා වීදුරුමස් නීරෝගි විය යුතුයි.
ඒ වගේම මේ උපකරණ පලඳින කාල සීමාව වයසත් අනුව වෙනස් වෙනවා. දරුවෙකුට අඩු කාලයක් මෙම උපකරණ පැලඳීම සිදුකර දත්වල විකෘතිතා ප්‍රකෘති තත්ත්වයට පත්කරගත හැකියි. මේ සඳහා මාස නවයත්, මාස තිස් හයත් අතර කාලයක් ගත විය හැකියි. විවිධ රෝගාබාධ හා දත් දිරා යෑම් හේතුවෙන් කිරිදත් නියමිත කාලයට පෙර ගලවා ඉවත් කිරීමට හෝ දත් වැටීම සිදු වුවහොත් ස්ථිර දත් මතුවීමට විවිධ හානිකර තත්ත්වයන් සිදුවිය හැකියි. මේ නිසා දරුවාගේ කිරිදත් නියමිත කාලයට වැටෙන තුරු ප්‍ර‘වේසම් කර ගැනීමට දෙමාපියන් වගබලා ගතයුතුයි.*
(ජාත්‍යන්තර විකලාංග මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් පැවැත්වූ මාධ්‍ය සම්මන්ත්‍රණය ඇසුරෙණි)