පොල් ඉරටුවෙන් දස්කම් දක්වන බෙලිඅත්තේ කාන්තාවෝ
තම නිවසේ සිට පොල් ඉරටු හා වැටකෙයියා කොළ උපයෝගී කරගනිමින් විවිධ අත්කම් නිර්මාණවල නිරත වෙමින් අමතර ආදායම් මාර්ගයක් සකස් කර ගැනීමට වෙහෙසෙන දිරිමත් කාන්තාවන් දෙදෙනෙකු පසුගියදා බෙලිඅත්ත පුවක්දණ්ඩාව ප්‍රදේශයේදී අපට මුණගැසුණි. මේ ඔවුන් අප සමග දැක් වූ අදහස්ය.
ඩබ්ලිව්. කේ.නයනා කුමාරි මහත්මිය,
'මම අරන්වෙල මහා විදුහලෙන් තමා අධ්‍යාපනය හැදෑරුවේ. උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. දැන් නම් විවාහ වෙලා ඉන්නේ. ළමයි දෙන්නෙක් ඉන්නවා. මගේ මහත්තයා වඩු කාර්මිකයෙකු වශයෙන් දැනට කටයුතු කරනවා.
බෙලිඅත්ත නොවිධිමත් අධ්‍යාපනය ඒකකය මගින් කාන්තාවන් හට ලබා දුන් විවිධ ස්වයං රැකියා සඳහා සම්බන්ධ වී පුහුණු පාඨමාලාවකට සම්බන්ධවෙලා මම පොල් ඉරටු ආශ්‍රිතව කරනු ලබන අත්කම් නිර්මාණ පිළිබඳ පුහුණුවක් ලබා ගත්තා. මේ පුහුණුව මාස හයක කාල සීමාවක එකක් වුණා.
දැන් මම පොල් ඉරටු උපයෝගී කර ගනිමින් විවිධ නිර්මාණ කරනවා. ඒ අතරින් මම වැඩිපුරම කරන්නේ ඉරටුවලින් නොයෙක් රටා දාපු මල් වට්ටි, පලතුරු කූඩ, මල් කූඩ, මල් වාස්, ඉරටු බෑග්, ඩස්පින් ආදී දේවල් නිර්මාණය කිරීම තමයි. ඊට අමතරව වැටකෙයියාවලින් සෙරෙප්පු නිෂ්පාදනයත් කරනවා'.
ඉන්ද්‍රාණි ස්වර්ණලතා මහත්මිය,
'මාත් ඉරටුවලින් විවිධ නිර්මාණයන් කරනු ලබනවා. අපිට තියෙන ප්‍රධානම ගැටලුව තමයි මේ හදන නිෂ්පාදන භාණ්ඩ විකුණ ගන්න වෙළෙඳ පොළක් නොමැතිකම. මට දැනට ගෙදර හදන ඒවා වුණත් අලෙවි කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටට එන විදෙස් සංචාරකයන්ට මේවා අලෙවි කරගන්න ක්‍රමයක් සකස් කරලා දෙනවා නම් අපිට මේ තුළින් ලොකු ආදායමක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ සඳහා රජයේ හෝ රාජ්‍ය නොවන අංශවල අවධානය යොමු කරලා අපි නිෂ්පාදනය කරන මේ භාණ්ඩ අලෙවි කරගන්න වැඩපිළිවෙළක් සකස් කරලා දෙන්න කියලයි අපි ඉල්ලන්නේ'.
හම්බන්තොට - රෝහණ ආරියරත්න
popular news
-
දම්මික Sunday, 08 December 2019 09:52 PM
මට මේ ඉරටුවලින් නිර්මාණ කරන අයව සම්බන්ද කරලා දෙනවද? මගේ දු.අ 0702376919
Reply : 0 0
සුජාන් නිශන්ක Thursday, 12 August 2021 11:54 AM
ඔබේ නිෂ්පාදන අප වෙත ලබා ගැනීමට මෙම දුරකථන අංක අමතන්න. 0779583342 0762880075
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.











