තුන් නිවුන් දියණියන් වෙනුවෙන් ඔබගෙන් ආධාර ඉල්ලයි
ඇත්කඳුර නාඹරඅත්ත පදිංචි පවුලක් වන එල්. රුවන්ති සුරවීර (33) මහත්මිය තමන් පසූත කළ නිවුන් දියණියන් තිදෙනා ජීවත් කරවීම සඳහා පරිත්යාගශීලින්ගෙන් ආධාර උපකාර බලාපොරොත්තු වන්නීය.තුන් නිවුන් දරුවන් ලැබෙන්නට පෙර නව හැවිරිදි පාසල් යන පිරිමි දරුවෙක්ද ඇයට සිටින්නීය.
එල්.රුවන්ති සුරවීර මහත්මියගේ ස්වාමි පුරුෂයා වන ගෝනාපිනුවලගේ ලහිරු මහතාටද හරිහමන් රක්ෂාවක් ද නැත. ඔහු තමන්ගේ අතට ලැබෙන ඕනෑම කුලී වැඩක් කිරීමට පුරුදු වී සිටින්නේය.මේ දිනවල රටේ පවතින ආර්ථික අහේනියත් සමග තමන්ට ලැබෙන කුලී වැඩද අවහිරවී ඇති බව ගෝනපිනුවලගේ ඒ මහතා කියයි.එවැනි දිනවලදී දියණියන් ඇතුලු සිව් දරුවන් පෝෂණය කිරීම අතිශයින්ම දුෂකර කාර්යයක් බවද ඔහු කියයි.
වැඩි විස්තර ගෝනපිනුවලගේ ලහිරු මධුෂාන්,නාඹරවත්ත,ඇත්කඳුර ලිපිනයට පැමිණ හෝ (0763613808) යන දුරකතන අංකයෙන් විමසා ලබා ගත හැකි බව එල්.රුවන්ති සුරවීර මහත්මිය කියන්නීය. නොඑසේ නම් ලංකා බැංකුවේ බියගම ශාඛාවේ සිය සැමියා වන ජී.එල්.මධුෂාන්ගේ නමින් 77671148 දරණ ගිණුම් අංකයට මුදල් බැරකර සහයෝගය දක්වන ලෙස ඇය පවසන්නීය.
සුසිල් ප්රියන්ත සහ ඇත්කඳුර ජනක් ද සිල්වා



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
