කාන්තාවකට කොතෙකුත් කාර්යයන් තිබුණත් ඈ ඒ සියල්ල මනා ලෙස කළමනාකරණය කරන තැනැත්තියකි. මවක, දියණියක, නැඟණියක වන ඇය දැන් ජාත්‍යන්තරයටම තම සේවා දායකත්වය සපයන ව්‍යවසායිකාවකි. දේශීයත්වය අගය කරමින් අප රටට උරුම වූ රසකැවිලි සකස් කර විදෙස් රටවල සිටින ලාංකිකයන්ට බෙදාහරින ඇය, වෘත්තියෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂඥවරියකි. නමින් අයේෂා ගමගේ වන ඇය දැන් හොඳ ව්‍යාපාරිකාවකි. ඇය 'අද' සමග මෙසේ දොඩමළු වූයේ තමා කාන්තාවක් වීම මත තමාට බොහෝ දේ හිමි වූයේ යැයි සතුටින් ප්‍රකාශ කරමිනි.
Q ඔබ පරිගණක තාක්ෂණය හැදෑරූ කෙනෙක් වුවත් එයට හාත් පසින්ම වෙනස් අංශයක් වන දේශීය රසකැවිලි ව්‍යාපාරයක් සිදුකිරීමට පසුබිම සකස් වූ ආකාරය ගැන කතා කළොත්
මම මේ ව්‍යාපාරය ආරම්භ කළේ පශ්චාත් උපාධියේ කරන්න තිබෙන ව්‍යාපෘතියක් විදිහට. ඒ විදිහට ආරම්භ කරපු දෙය මට පසුකාලීනව ව්‍යාපාරයක් ලෙසින් පවත්වාගෙන යන්න පුළුවන් වුණා. මම ලංකාවෙන් පිට ඉන්නකොට පැනනැගුණ ගැටලුවක් තමයි ලංකාවෙන් පිට අපිට කැවිලි ගන්න තැනක් තිබුණේ නැති එක. ඒ නිසා මම ලංකාවට ආවට පසුව මේ වගේ දේශීය කැවිලි වර්ග අලෙවි කරන්න ආරම්භ කරන්න හිතුවා.
Q දේශිය රසකැවිලි අතරින් ඔබ අපනයනය කරන්නේ මොනවගේ රසකැවිලි වර්ගද
දැනට අපි දේශීය කැවිලි වර්ග 14ක් හදනවා. කොණ්ඩ කැවුම්, කැවුම්, අතිරස, කොකිස්, ආස්මි, පැණිවළලු, වැලිතලප, හැලප යනාදී දේශීය වශයෙන් හඳුන්වන කැවිලි වර්ග සියල්ලම වගේ අපි කරනවා. ඒවගේම මේ වෙනකොට අපි වෙළෙඳ පොළට කොකිස් හා කොණ්ඩ කැවුම් පැකට්ටුවක් දාලා තියෙනවා.
Q වෙනත් රටවලට මේ රසකැවිලි අපනයනය කරනකොට පාරිභෝගිකයා හා සම්බන්ධ වෙන්නේ කොහොමද
මම මේ සියලු දේවල් කරන්නේ අන්තර්ජාලය හරහා. මම මේ සඳහා වෙබ් පිටුවක් හා ෆේස්බුක් පිටුවක් පවත්වාගෙන යනවා. ඒ හරහා තමයි මම මගේ සේවාදායකයන්ට අවශ්‍ය කරන සියලු රසකැවිලි වර්ග බෙදා හරින්නේ. ඒ අනුව පැහැදිලිව මිල සඳහන් කර තිබෙනවා. අවශ්‍ය කෙනෙකුට ඒ පිළිබඳ විමසා බලා ලබාගැනීමේ හැකියාව තිබෙනවා. අපි ඇසුරුම් කිරීමේ සිට ඒ ඒ මිල ගණන්වලට ඇසුරුම්කර තිබෙන කැවිලි ප්‍රමාණය පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. එය ඇත්තෙන්ම පාරිභෝගිකයාට ඉතාම පහසු දෙයක්.
Q ඔබ මේ ව්‍යාපාරය ආරම්භයේදී මුහුණදුන් අභියෝග ගැන කතා කළොත්
මම මේ ව්‍යාපාරය පටන්ගෙන දැනට අවුරුදු පහක් පමණ වෙනවා. අපට පළවැනි ඇණවුම අවේ කටාර්වලින්. ඒ දවස්වල වියදමෙන් ලක්ෂ එකයි අසූවක් වගේ මුදලක් මේ සඳහා වැය කරන්න මට සිදුවුණා. කැවිලි ඇණවුම යවද්දී ඒවා ඇසුරුම් කරන්න අවශ්‍ය පිළිෙවළ පිළිබඳ අපි දැනන් හිටියේ නැහැ. එනිසා කටාර්වලට යනකොට කැවිලි සියල්ල කුඩුවෙලා තිබුණේ. ඒක තමයි අපට වුණ ලොකුම පාඩුව. ඒ අඩුපාඩුව මගහරිමින් අපි රටකට කැවිලි යවන්නේ කොහොමද කියන කාරණය ගැන ඉන්පසුව විශේෂ අවධානයක් යොමුකළා. මේ සඳහා මට කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ගොඩක් උදව් කළා.මට ගොඩාක්ම දැනුම තිබුණේ තොරතුරු තාක්ෂණය පැත්තෙන්. මට ඒ සම්බන්ධ උපරිම දැනුමක් තිබුණා. දැනට වුණත් මගේ ව්‍යාපාරයේ සියල්ල පාලනය කරන්නේ මම. වෙබ් පිටුව හරහා භාරගන්නා ඇණවුම් නිසි කළමනාකාරීත්වයක් යටතේ පාරිභෝගිකයාට අවශ්‍ය පරිදි බෙදා හැරීම දක්වා මෙහෙයවන්නේ මම. නමුත් තොරතුරු තාක්ෂණය ගැන දැනුමක් තිබුණට මට අලෙවිකරණය, කළමනාකරණය ගැන තිබුණේ පොත්වලින් ගත් දැනුමක් විතරයි. ඒවත් මට බොහෝ තැන්වලදී ඒ දේවල් ඵලදායී ලෙස භාවිත කරන්න හැකිවුණා.
Q ඔබේ වෘත්තීය හැකියා ගැන වගේම අධ්‍යාපනික දේවල් ගැන කතා කළොත්
මම තොරතුරු තාක්ෂණ අංශයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය දක්වා අධ්‍යයන කටයුතු හදාරා තිබෙනවා. මේ දවස්වල කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරනවා විවෘත විශ්වවිද්‍යාලයේ. මොකද මගේ ව්‍යාපාරය කළමනාකරණය පිළිබඳ දැනුමක් නොමැතිව සිදුකරගෙන යන්න අමාරුයි. ඒ නිසා මම ඒ උපාධියත් මේ වනවිට කරගෙන යනවා.
Q මෙවැනි ව්‍යවසායිකාවක් වීම තුළ ඔබට හිමිවූ ඇගයීම් පිළිබඳ කතා කළොත්
මට 2016 වර්ෂයේදී ‘manthan awards’ නමින් ජාත්‍යන්තර සම්මානයක් පවා හිමි වුණා. ඒවගේම සංචාරක හා සංස්කෘතිය යන අංශයෙන්ද සම්මාන හිමිවී තිබෙනවා. 2016 වර්ෂයේ කළුතර දිස්ත්‍රික් හොඳම ව්‍යවසායිකා සම්මානයද හිමි කරගැනීමට මම සමත් වුණා. ඇත්තෙන්ම මම අධ්‍යාපනය වෙනත් අංශයකින් ප්‍රගුණ කළත් මෙවැනි ව්‍යාපාරයක් තුළින් මේ තරම් දුරට පැමිණීම හා ඒ පිළිබඳ ලැබුණු අගය කිරීම මම ඉතා කෘතඥව භාර ගන්නවා.
Q ඔබ ව්‍යාපාරයක් ලෙසින් පමණක්ද මෙය සිදුකරන්නේ
මම ප්‍රමුඛත්වය ලබාදෙන්නේ කැවුම් කොකිස් අලෙවි කරන්න. ඊට අමතරව තොරතුරු තාක්ෂණයෙන්ද ප්‍රයෝජනයක් ගන්න මම අමතක කළේ නැහැ. මම වෙබ් ඩිසයිනින් වැඩත් මේ වනවිට සිදුකරගෙන යනවා. හැබැයි ඒ සඳහා මූලිකත්වය දී කටයුතු කරන්නේ ඉතා අඩුවෙන්.
Q ඉදිරියේදී මේ ව්‍යාපාරය දියුණු කරන්න මොනවගේ වෙනසක්ද සිදුකරන්න අපේක්ෂා කරන්නේ
අපි පොලිතින්වලින් 99%ක්ම ඈත් වෙලයි ඉන්නේ. ඒ නිසා අපි කැවිලි ඇසුරුම් කර යවන්නේ සව්කොළ පෙට්ටියේ. අපි දේශීය සහල් වර්ග, කිතුල් පැණිවලින් තමයි මේ කැවිලි නිෂ්පාදනය කරන්නේ. ඒවගේම අපි කිසිම රසකාරකයක් හෝ රසායනික ද්‍රව්‍යක් භාවිත කරන්නේ නැහැ. අපේ ගෘහිණියන් කොකිස් හදන්න වෙළෙඳ පොළෙන් අරන් යන කොකිස් අච්චුව කොකිස් හදන්න කලින් ඒක අලුතින්ම පදම් කරන්න වෙනවා. ඒක අපි මුහුණදෙන එක ගැටලුවක්. එසේ මහන්සි නොවී පහසුවෙන්ම කොකිස් හදන්න පුළුවන් ක්‍රමයක් මම ළඟදීම හඳුන්වාදෙන්න අපේක්ෂා කරනවා. ඒවාගේම අපේ රටේ දේශීය කැවිලිවල ඉතිහාසය ගැන දැනට පොතක් ලියාගෙන යනවා. ඒ ග්‍රන්ථයත් ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන්න සිතාගෙන සිටිනවා.
Q ඔබේ රසකැවිලි නිෂ්පාදන ලෝකයේ සෑම රටකටම යවනවාද
අපි දැනට රටවල් 17කට පමණ අපේ නිෂ්පාදන බෙදා හරිනවා. ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව, එංගලන්තය ආදී සෑම යුරෝපා රටකටම ඒවා බෙදාහරිනවා. ඒවගේම ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල ලංකාවේ සිටින අයට මේවා බෙදාහරිනවා.
Q අපේ රටේ ව්‍යවසායකයන්ට රජයෙන් ලැබෙන අතහිත හා දිරිදීම් ගැන කතා කළොත්, ඒ පිළිබඳ ඔබේ මතය කුමක්ද
ඇත්තෙන්ම රාජ්‍ය අංශයෙන් අපිට බොහෝ දිරිගැන්වීම් ලැබෙනවා. අපි කුමක් හෝ අවශ්‍යතාවක් හෝ උපදෙසක් සඳහා ඉල්ලීම් කළහොත් අපිට ඒවා රාජ්‍ය ආයතනවලින් ලබාදෙනවා. නමුත් අපි එක තැනකදී හිරවෙනවා වගේ දෙයක් දැනෙනවා. මොකද, අපි මහා පරිමාණ ව්‍යාපාරිකයෝ නොවන නිසා ඔවුන් එක්ක යම් යම් වැඩකටයුතුවලදී අපහසුතාවයට පත්වෙන්න සිදුවෙනවා. ඉදිරියෙදී සීනි රහිත කැවුම් සකස් කරන්න අපේක්ෂාවකුත් තියෙනවා. දැන් ඒ සම්බන්ධ පරීක්ෂණ නිමා කරමින් යනවා. ඒවගේම දේශීය කැවිලි සකස් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය පැණි, හාල් වගේ දේවල්ද ඉදිරියේදී වෙළෙඳ පොළට දාන්න අපේක්ෂාවෙන් සිටිනවා. සමහර විට අපි හොයාගෙන යන දැනුම නෙමෙයි අපිට අන්තිමට හමු වෙන්නේ. ටික කාලයක් ගතවෙනවා රජයෙන් වැඩක් කරගන්න. මෙවැනි පොඩි පොඩි දේවල් ඇරුණාම රාජ්‍ය අංශයේ දායකත්වය ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්. කුඩා ව්‍යාපාර සංගමය මගින් බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලාවේ තියන ප්‍රදර්ශනය සඳහා මුළු ලංකාවෙන්ම තෝරාගත් පිරිසක් තමයි සුදුසුකම් ලබන්නේ. ඒ නිසා මෙමගින් ව්‍යවසායකයන් අතර වූවත් සම්බන්ධතා ඇතිකර ගන්න පුළුවන්. අපේ නිෂ්පාදන රැගෙන තවත් පිරිසක් එය අලෙවි කරන තත්ත්වයක් එයින් උදා වෙනවා. ලංකාව තුළ ව්‍යාපාර කරන අය අපෙන් නොයෙක් බඩු අරගන්නවා. කළුතර දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයන් සඳහා පොළක් පැවැත්වෙනවා. එයත් අපි වගේ අයට ඉමහත් පිටිවහලක් වෙනවා. මම මගේ නිෂ්පාදන අපනයනය කිරීමේදී අපනයන සංවර්ධන ආයතනය සමග ඒකාබද්ධව සිදුකරන්නේ. මට අවශ්‍ය දැනුම ඔවුන් මට ලබාදෙනවා.
Q කාන්තාවක් පමණක් නොව, ඔබ විෙටක ගෘහිණියක්, මවක්, බිරිඳක්, සමාජයේ පිළිගත් ව්‍යවසායිකාවක්. මේ සියල්ල මධ්‍යයේ ඔබේ වැඩකටයුතු සමබරව සිදුකරන්නේ කොහොමද
මගේ මහත්තයා වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරයෙක්. ඒ වගේම මට දුවෙක් ඉන්නවා. මගේ දුව නුගේගොඩ සුජාතා බාලිකාවේ පහ වසරේ ඉෙගන ගන්නේ. මට සහෝදරයෝ දෙන්නෙකුත් ඉන්නවා. මගේ අම්මයි තාත්තයි, සහෝදරයන් දෙන්නයි මගේ ව්‍යාපාර කටයුතුවලට ගොඩක් උදව් කරනවා. ඇත්තෙන්ම පවුලෙන් මට ලැබෙන්නේ පුදුමාකාර සහයෝගයක්. ගෙදර වැඩයි, දරුවගේ වැඩයි මහත්තයාගේ වැඩයි ගත්තම මම පොඩ්ඩක් අවිවේකීයි. නිදාගන්න වේලාව මේ නිසා පොඩ්ඩක් අඩුවෙලා තියෙනවා. නමුත් මේ හැමදේම මම හරිම සතුටින් කරනවා.
Q ව්‍යවසායිකාවක් වෙන්න ඉන්න ලාංකේය කාන්තාවට ඔබ මොනවගේ දෙයක්ද කියන්න කැමති
ලංකාවේ කාන්තාවට කරන්න බැහැයි කියලා දෙයක් නැහැ. නමුත් ඔවුන් එවැනි දේවල් කරන්න කම්මැළිකමක් දක්වනවා. ඔවුන් යම් යම් දේ කිරීමට ආරම්භයක් ගත්තත් එය දීර්ඝ කාලීනව පවත්වාගෙන යාමේ වුවමනාවක් ඔවුන්ට නැහැ. ඔවුන් ඉතා කෙටි කාලයක් තුළ ඒවා අත්හැර දමනවා. මම මේ තත්ත්වයට පැමිණෙන්න බොහෝ කැපකිරීම් කරලා තිබෙනවා. මම සාම්පල් එකක් පාරිභෝගිකයාට යවා ඔහුගෙන් නැවත ප්‍රතිචාරයක් නැත්නම් නැවතත් පාරිභෝගිකයාට දුරකථනයෙන් අමතා බලනවා. ඒ සාම්පල් එකේ අඩුපාඩුවක් තිබෙනවාද කියලා. අපි හැමවෙලාවෙම පාරිභෝගිකයා අපේක්ෂා කරන දේවල් දෙන්න ඕන, ඔවුන්ගේ කැමැත්ත පරිදි ක්‍රියා කරන්න ඕන. මොකද අපේ ව්‍යාපාරය රැකිලා තිබෙන්නේ පාරිභෝගිකයාගෙන් එම නිෂ්පාදන කෙරේ ඇති ඉල්ලුමට සරිලන ආකාරයට. අපේ මොනවා හරි අලුත් දෙයක් තිබෙනවා නම් අපි ඔවුන්ට එය කියන්න ඕන. ගොඩක් වේලාවට ගෙදර තියෙන අඩුපාඩු කාන්තාව තමයි දන්නේ. කාන්තාවට තමයි ව්‍යාපාර කරන්න හරිම පහසුවෙන්ම පුළුවන්. කාන්තාවකට අවශ්‍ය තව දෙයක් කාන්තාවක් මිස පිරිමි පුද්ගලයෙකු වැඩිපුර දන්නේ නැහැ. නමුත් අපේ කාන්තාවෝ ව්‍යාපාරයක් පොඩියට හෝ පටන්ගෙන එය අතරමග හිරවුණහොත් ඔවුන් සම්පූර්ණයෙන්ම ව්‍යාපාරය නතර කර දමනවා. අන්න ඒ දේ තමයි අපි පවත්වාගන්න අවශ්‍ය.