දේශීය අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තයේ ප්‍රමුඛයන් අතරට පැමිණීමට රත්නපුර %ලිසේලා හෑන්ඩ්ලුම්^ ආයතනයට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ හැකිවී තිබේ.
ඒ ඔවුන් අත්යන්ත්‍ර රෙදිපිළිවලට එක්කරන නව්‍යතාව නිසාවෙනි. නව වසරේ %ලිසේලා හෑන්ඩ්ලුම්^ වෙතින් ගෙන එන හෑන්ඩ්ලුම් බතික්, පැච්වර්ක්ස් ආදී විලාසිතා පිළිබඳව එහි නිර්මාතෘ ඉන්දු සෙනෙවිරත්න මහත්මිය මෙලෙස අදට අදහස් දැක්වූවාය.
ලිසේලා හෑන්ඩ්ලූම් ආයතනය මම ආරම්භ කළේ මීට අවුරුදු දෙකකට පෙරයි. ඒ රත්නපුර කුඩු ගල් වත්තේ. මම රාජ්‍ය සේවයේ මහජන සෞඛ්‍ය හෙද සොයුරියක් ලෙස කටයුතු කළා. එයින් ඉවත්වෙලා අවුරුදු දෙකකට පසුවයි මම මේ ව්‍යාපාරය ආරම්භ කළේ. හෑන්ඩ්ලූම් විලාසිතා සහිත ව්‍යාපාරයක් ආරම්භ කරන්න හේතු වුණේ රත්නපුරයට හෑන්ඩ්ලූම් සාරි අලෙවිසැලක අවශ්‍යතාවක් තිබෙන බව හෑන්ඩ්ලූම් සාරිවලට ඇලුම් කරපු කෙනෙක් විදිහට මම දැකීම.
ඒ නිසා හෑන්ඩ්ලූම් සාරිවල අවශ්‍යතාව මටත් දැනුන නිසා මම මේ ව්‍යාපාරය පටන්ගත්තා. හෑන්ඩ්ලූම් සාරි හා අනෙක් ඇඟලුම් විලාසිතා නිර්මාණ කරද්දී මට හිතුණා අලුත් දේවල් කරන්න ඕන කියලා. පසුගිය කාලේ බතික්වලට තියෙන නැඹුරුව අපේ රටේ වැඩිවුණා. ඉතින් මට හිතුනා මේ දේශීය කලාවන් දෙක සංකලනය කරලා අලුත් දෙයක් කරන්නට.
ඒ අනුව තමයි මම මුලින් අත්හදා බැලීම් සිදු කරලා හෑන්ඩ්ලූම් බතික් සාරි පාරිභෝගිකයන්ට අලුතින් හඳුන්වා දුන්නේ. ඒ අනුව හෑන්ඩ්ලූම් කපු රෙද්දට වගේම සිල්ක් හෑන්ඩ් ලූම් රෙද්දත් බතික් මෝස්තරවලින් අලංකාර කරන්නට පටන් ගත්තා.
සාරි, ගවුම්, කුර්තා, සාය විලාසිතා, සරම්, ලුංජි විලාසිතා මේ අනුව මම හඳුන්වා දුන්නා. මගේ මේ ඇඳුම් නිර්මාණවලට ඉල්ලුම වැඩි වෙන විට මම රත්නපුර නගරයට මගේ විලාසිතාගාරය රැගෙන එන්නට තීරණය කළා. ඒ අනුව රත්නපුර නගරයේ ප්‍රධාන වීදියේ 1 /148 අංකය දරන ස්ථානයේ පිහිටි නව විලාසිතාගාරයක් %ලිසේලා^ හෑන්ඩ්ලූම් නමින් විවෘත කළා. රත්නපුර නගරයට %ලිසේලා^ ආයතනය ගෙන ආවට පසු අපගේ පාරිභෝගික ආකර්ෂණය තවදුරටත් වැඩි වුණා. ඒ වගේම එක්වරක් අපෙන් විලාසිතාවක් මිලදී ගන්නට එන පාරිභෝගිකයෙක් නැවත නැවත අපි වෙත එන්න පටන් ගත්තා. එයට ලිසේලා ඇඟලුම්වල පවතින උසස් නිමාව හා මෝස්තරවල පවතින වෙනස් හා අලුත් භාවය හේතුවෙනවා.
මම කවුරු කොහොම ඉල්ලුම් කළත් එක මෝස්තරයකින් නිර්මාණය කරන්නේ එක ඇඳුමයි. එය ලිසේලා හෑන්ඩ්ලූම්වල විශේෂත්වයයි. එයට බොහෝ පාරිභෝගිකයන් කැමැත්තක් දක්වනවා. මොකද තමන්ටම අනන්‍ය වූ විලාසිතාවක් නිර්මාණය වෙනවා නම් කවුරු වුණත් කැමතියි. මීට අමතරව මම හෑන්ඩ්ලූම්වලට පැච්වර්ක් කලාව එකතු කළා.
මේ වගේ මම අලුත් නිර්මාණයන් විටෙන් විට හඳුන්වා දුන්නා. දැන් බොහෝ කාන්තාවන් සීක්වීන්ස්, බීඩ්ස්වලින් බර වැඩ දැමූ සාරි විලාසිතාවලට නොයා සැහැල්ලු බතික් හෑන්ඩ්ලූම් වගේ විලාසිතාවලට ඇලුම් කරන්න යොමු වෙලා තියෙනවා. මේ නිසා අපි අපේකමට වෙනසක් ඇතිව උත්සව අවස්ථාවන්ට ගැළපෙන අයුරෙන් විලාසිතා හඳුන්වා දෙන්නට ලිසේලා සමත් වෙලා තියෙනවා. ඒ වගේම උත්සව අවස්ථාවලදී හෑන්ඩ් ලූම් සාරිවලට ගැළපෙන විදිහට ආභරණ, අත්බෑග් වගේ දේවලුත් අපි හඳුන්වා දුන්නා. ඒ නිසා එක වහලක් යටින් මේ සියලුම දේ මිලදී ගන්න හැකියාවක් තියෙන නිසාත් ලිසේලා වෙත එන පාරිභෝගිකයන් වැඩි වෙලා තිබෙනවා. හෑන්ඩ්ලූම් සාරි වැඩදමා ඒවායේ වටිනාකම් ඉහළ දැමීමටත් අපිට හැකිවෙලා තියෙනවා. මේ නිසා මංගල අවස්ථා සඳහාත් මේ විලාසිතා තෝරාගන්නට යුවතියන් යොමුවෙලා තියෙනවා. %ලිසේලා^ වෙත කොළඹින් ඇවිත් සාරි ගන්න එන පාරිභෝගිකයොත් දැන් වැඩියි.