ජනපති ගෝඨාභයට එරෙහිව LTTE හිතවාදීන් ග්ලාස්ගොව්හි විරෝධතා
මේ දිනවල ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව්හිදී පැවැත්වෙන Cop26 සමුළුවට සහභාගි වී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව බ්‍රිතාන්‍යයේ වෙසෙන LTTE හිතවාදී කණ්ඩායම් විරෝධතාවක් සංවිධානය කර තිබේ
මේ දිනවල ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව්හිදී පැවැත්වෙන Cop26 සමුළුවට සහභාගි වී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව බ්‍රිතාන්‍යයේ වෙසෙන LTTE හිතවාදී කණ්ඩායම් විරෝධතාවක් සංවිධානය කර තිබේ
විදෙස් ගමන් බලපත්‍රය එක් දින සේවාව යටතේ ලබාගැනීමේ අරමුණින් බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත අද (02) දිනයේත් දහස් ගණනක් ජනතාව පැමිණ පෝලිම් ගැසී සිටින අයුරු දැකගතහැකි විය.
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය අංශ විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්‍ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටපිරිස් අද (නොවැම්බර් 01) දින කොවිඩ් මර්ධන එන්නත්කරණයේ තුන්වන මාත්‍රාව (බූස්ටර් එන්නත) ලබාදිම සදහා තම දායකත්වය ලබා දුන්හ.
හේන් වගාව නිසා හායනයට ලක්ව ඇති මොණරාගල දිස්ත්‍රික්කයට අයත් සියඹලාන්ඩුව කොටියාගල, වත්තේගම කැබිලිත්ත සංරක්ෂිත වනාන්තරයේ වන වැස්ම වැඩිකිරිමේ අරමුණ ඇතිව ශ්‍රි ලංකා ගුවන් හමුදාවෙි සහය ලබාගෙන ගුවනින් වියළි කළාපිය වනාන්තරවල වැවෙන බීජ වර්ග 75000ක් පමණ SEED BOMBING (බීජ බෝම්බ) ක්‍රමයට අක්කර 495ක ප්‍රදේශයක් පුරා විසිරැවා හැරි බව මොණරාගල දිසාවන නිළධාරි භාරත දිසානායක මහතා පැවසීය.
සති කිහිපයක් පනවා තිබූ පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමත් සමග අද (31දා) ඇඹිලිපිටිය චන්‍ද්‍රිකා වැවේ පිටවානේ දිය නෑමට සහ විනෝද වීමට විශාල පිරිසක් පැමිණ සිටියහ.
අපවත්වී අදාළ අග්ගමහා පණ්ඩිත වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදි පැවැතියේය.
බදුල්ල දිස්ත්‍රික්කයට පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ බදුලු ඔය පිටාර ගැලීමෙන් සහ සිදු වූ ආපදා වලින් පුද්ගලයකු මියගොස් පවුල් 477ක පුද්ගලයන් 1912ක් විපතට පත්ව නිවාස 369කට අලාභහානි විණැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරනගම මහත්මිය අද (31) පැවසුවාය .
යුගදනවි තාප විදුලි බලාගාරය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති කැබිනට් පත්‍රිකාවට නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට ජනපති,අගමැති ප්‍රධානත්වයෙන් ඊයේ (28දා) පස්වරුවේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන පක්ෂ නායක හමුවේ දී එකඟතාව පළවිය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු වල වාහන ධාවන පථය විවෘත වේ. කලම්බු ඩියුන්ස් ලෙස නම් කර ඇති මෙම ධාවන පථය අද (28) විවෘත කලේ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග යන මහ්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. ඒ කොළඹ වරාය නගරයේයි.
රුසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත යුධ හමුදාපතිවරයෙකු වෙත කලාතුරකින් ලැබිය හැකි රුසියානු හමුදාවේ ඉහළම ගෞරවාචාරය ඉකුත් සඳුදා (25) රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශයේ රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී විසින් සිදු කරන ලදී.
අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (25දා) පස්වරුවේ කොළඹ නයින්වේලස් පෞද්ගලික රෝහලට ගොස් සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසා ඔවුන්ගේ දෙමාපියන් සමඟ සුහඳ කතාබහක නිරත වූවාය.
වීරකැටිය මැදමුලන ප්‍රදේශයේදී අද (24දා) පැවැත්වූ ගොවි උද්ඝෝෂණය උණුසුම් මුහුණුවරක් ගත් අතර එය මැඩපැවැත්වීමට පොලිස් නිලධාරින්ටද මැදිහත්වීමට සිදුවිය.
“මම ප්‍රමුඛත්වය දුන්නේ ගොවීන්ට - ඒ තැබූ විශ්වාසය කඩ කරන්නේ නැහැ, ගොවි ජනතාව හොඳ නරක විමසා තීරණ ගන්න - මිනිස්සු අවුස්සන දේශපාලනයට හසුවන්න එපා - අනාගත පරපුර වෙනුවෙන් පෙළ ගැහෙන්න”
“වසංගතය කියන්නේ අපි නිර්මාණය කර ගත්තු අභියෝගයක් නොවෙයි. නමුත් අපි නිර්මාණය කර ගත්තු අභියෝගත් තිබෙනවා. අපට වළක්වන්නට බැරි, මුහුණ දීමට සිදුවන, ජයග්‍රහණය හැර අන් තේරීමක් නැති අභියෝග වගේම සමහරවිට පාලකයන් විසින් ගනු ලබන වැරදි අනුවණ තීන්දු විසින් නිර්මාණය කරගන්නා අභියෝගවලටත් අපිට මුහුණ දීමට සිදුව තිබෙනවා. තමන් විසින් නිර්මාණය කරගන්නා අභියෝගවලට නොවෙයි අපි බිය විය යුත්තේ. ඒවා නිර්මාණය නොකරගෙන හිටියාම ඒවායෙන් ගැලවෙන්න පුළුවන්. නමුත් අපට මුහුණ දී ජය ගැනීම
මෙතෙක් මාදු ගඟට පමණක් සීමාවී තිබූ දැඩිලෙස තර්ජනයට පත් කඩොලාන විශේෂයක් වන රතමිල්ල (Lumnitzera littorea) ශාකය බෙන්තර ගඟ ආශ්‍රිත කඩොලාන පරිසර පද්ධතියෙන්ද මේ වනවිට වාර්තා වී තිබේ.
භගවත් ගීතාවේ සිංහල, දමිල හා ඉංග්‍රීසි අනුවාද සහිතව ශ්‍රී ලංකාවේ පරිවර්තනය කරන ලද කෘතියේ පළමු පිටපත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පිරිනමා තිබේ.
ඉන්දීය රජය මගින් අලුතෙන් ඉදිකරන ලද, කුෂි නගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීම සදහා එම ගුවන් තොටුපළ වෙත පිවිසෙන පළමු ගුවන් යානය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
ශ්‍රී ලංකාවේ මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සදහා භාවිතා කිරීමට , ඉන්දියාවේ නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගය ලෙස , ලීටර් ලක්ෂයක් අද දින අලුයම , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .
ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් නායක අභාවප්‍රාප්ත බන්දුල වර්ණපුර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද (19) පස්වරුවේ සිදුකෙරිණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ගේ ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025’ ප්‍රතිපත්තියට සමගාමීව ජාතියේ උන්නතිය උදෙසා ශ්‍රී ලාංකික ජාතිය අසීරු අවස්ථාවන්ට මුහුණපාන අවස්ථාවලදි සහ ත්‍රස්තවාදීන්ට එරෙහිව හදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව සහිත කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකායේ අතිරේක ප්‍රහාරක සේනාංක සහ විශේෂ ක්‍රියාන්විත බලකාවලින් සමන්විත ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකායේ සමාරම්
මෙවර ඩුබායි හ ඕමාන්හි පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය නිපදවු මාස් හෝල්ඩින්ග්ස් සමාගම එය නිර්මාණය කිරීමට ඉවතලන ප්ලාස්ටික් බෝතල් යොදාගෙන තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව ආසනයේ තරුණ බල මණ්ඩලයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා ඊයේ (17දා) පොළොන්නරුවේ දී පැවති බල මණ්ඩල රැස්වීමේදී පත් කරගෙන ඇත.
ශ්‍රී ලාංකික තරුණ සිනමාකරුවෙකු වන හසන්ත දිසානායක තරුණයා විසින් තිර රචනය කර අධ්‍යක්ෂණය කරනු ලැබූ “මට්න්” (Mutton) කෙටි චිත්‍රපටය තුර්කියේ පැවති ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සිනමා ශිෂ්‍ය කෙටි චිත්‍රපටි උළෙලේදී ජයග්‍රහණය ලබා තිබේ.
ප්‍රදේශයේ දානපතියෙකු වශයෙන් සිට පසුව අන්ත අසරණව බිබිල මැදගම නගරයේ කඩපිල්මත වසර විස්සක් දිවි ගෙවා මියගිය පුද්ගලයෙකුගේ දේහය තම බිරිද හා දියණිය බාර නොගැනීම නිසා ප්‍රදේශවාසීන් එක්ව අවසන් කටයුතු සිදුකළ බව ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ.බී කාන්ත බිමල් රත්නායක මහතා පැවසීය.
නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණයේ ඉදි වන ඇවිදින මංතිරුවක් සම්බන්ධයෙන් සොයා බැලිමට අද (12) දින ක්‍රිඩාංගණය වෙත පැමිණි විපක්ෂයේ සහ පාලන පක්ෂයේ මන්ත්‍රිවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු වි ඇත.
දේශීය ලොකුලූනු කිලෝවක් සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී රුපියල් එක්සිය පනහක ඉහළ මිලක් ලැබී තිබෙන බවත් ඉදිරි සති කිහිපය වන විට දේශීය ලොකු ලූනු කිලෝව රුපියල් දෙසිය ඉක්මවන වන මිලක් ඉහළ යා හැකි බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යූ .බී. ඒකනායක මහතා අද දින පැවසීය .
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මවුස්සාකැලේ, කැනියොන් , ලක්ෂපාන යන ජලාශ වල වාන් දොරටු (11) දින උදැසන සිට විවෘත කර ඇති බවත්, නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන්ගෙන ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
අද (10) දිනට යෙදී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී ප්‍රධාන උත්සවය පැවැත්වුණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 1949 අංක 17 දරණ යුද්ධ හමුදා පනතට අනුව ස්ථාපිත කෙරිණි. රටේ ආරක්ෂාව උදෙසා විශාල කාර්යභාරයක් ඉටුකළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පාබල, ආධාරක සහ සේවා රෙජිමේන්තු 25කින් සමන්විත වේ.
“ස්වල්ප වේලාවකට පෙර කෙන්යාවේ නයිරෝබි වෙත පැමිණියා. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම වගේම ජන සමාජ අතර මිත්‍ර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ඵලදායි හමුවීම් කිහිපයකට සහභාගිවීමට බලාපොරොත්තු වනවා.”
මෙම නෞකාව කොළඹ වරායට පැමිණියේ පළමු අවස්ථාවට වන අතර කොළඹ වරායද ඇතුළත්ව එම නෞකාවට ගමන් කළ හැක්කේ ලෝකයේ වරායවල් 24කට පමණි.