විදෙස් ගමන් බලපත්‍රය එක් දින සේවාව යටතේ ලබාගැනීමේ අරමුණින් බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත අද (02) දිනයේත් දහස් ගණනක් ජනතාව පැමිණ පෝලිම් ගැසී සිටින අයුරු දැකගතහැකි විය.

ඇතැමුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෝලීම් ගැසී සිටි බවත් තමන්ගේ වාරය එළැබීමට ආසන්න වශයෙන් පැය 05 ක පමණ කාලයක් ගතවන බවත් ඔවුන් පැවසීය.

ලංකාවේ සෑම ප්‍රදේශයක සිටම ජනතාව තම විදෙස් ගමන් බලපත්‍රය සැකසීම සඳහා පැමිණෙන අතර මෙසේ දහස් ගණනක් ජනතාව රුපියල් 15,000 ක් ගාස්තු ගෙවා එක්දින සේවාව යටතේම ගමන් බලපත්‍රය ලබා ගැනීමට උත්සුකවීම විශේෂත්වයකි.

සුහුරුපාය ගොඩනැගිල්ලේම අනෙක්පස පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත නිකුත්කිරීමේ එක්දින සේවයටද මීට නොදෙවෙනි තරමේ ජනතාවක් පැමිණ සිටින අයුරු ද දැකගතහැකි විය.

ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා

 

3 comments

Kumar

03 years 07 months 23 days 20 hours 14 minutes 49 seconds ago

Nawa Corona pokura athiwena thanada.

Reply

Demuni Uduwara

03 years 07 months 23 days 11 hours 42 minutes 46 seconds ago

If rulers have, they should quit; this inspires their inability.

Reply

Ryan Fernando

03 years 07 months 19 days 08 hours 07 minutes 07 seconds ago

What else are people supposed to do in a failing country? Where leaders steal every single penny thats available.

Reply

Leave a Reply

Post Comment