ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව ආසනයේ තරුණ බල මණ්ඩලයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා ඊයේ (17දා) පොළොන්නරුවේ දී පැවති  බල මණ්ඩල රැස්වීමේදී පත් කරගෙන ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  එම තරුණ බල මණ්ඩල රැස්වීම  පොළොන්නරුව  නව නගරයේ පිහිටි  තරුණ බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

තරුණ බල මණ්ඩල රැස්වීම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වල මහජන නියෝජිතයින් රැසක්ම සිටියහ.

මෙම රැස්වීම සඳහා මාධ්‍ය ආවරණය කිරීම සඳහා  ආරාධනා කර නොතිබිණි.

මනම්පිටිය නිමල් ජයරත්න

0 comments

Leave a Reply

Post Comment