මවුස්සාකැලේ ජලාශයේ සොරොව්ව දින පහක් තිස්සේ විවෘත කර තැබිම නිසා මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවති.
මවුස්සාකැලේ ජලාශයේ සිට කැනියොන් ජලාශය දක්වා ජලය රැගෙන යන නල පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැනියොන් ජලාශයේ මෙගා වොට් 75 ක විදුලි උත්පාදනය මේ දිනවල සිදු නොකරන බවත්,
මවුස්සාකැලේ ජලාශයේ සොරොව්වෙන් පිටවන ජලය කැනියොන් ජලාශයට එකතු වි ඊට පහලින් පිහිටි ලක්ෂපාන , නව ලක්ෂපාන සහ පොල්පිටිය යන විදුලි බලාගාර වල විදුලි උත්පාදනයට එම ජලය භාවිතා කරන බවත් විදුලිබල මණ්ඩලයේ නිලධාරියෙකු පැවසීය.
Kumar
03 years 05 months 13 days 15 hours 24 minutes 44 seconds agomay dawaswala nawa lakshapana vidulibalagarayayi canyon vidulibalagarayayi polpitiya vidulibalagarayayi paya 24 rema wadakaranawa athineda.
Reply