ටොංගා දූපත ආසන්න මුහුදු පතුළේ ගිනිකන්දක් පිපිරීයාම හේතුවෙන් සුනාමි රළ ඇතිවී තිබේ. ගනිකන්ද පිපිරීමත් සමග ඇතිවූ සුනාමි රළ අඩි 4කට වඩා වැඩිවූ අතර එයින් ආරක්ෂාවිම වෙනුවෙන් ටොංගා වැසියන් උස් ස්ථාන බලා දිවගොස් තිබේ.

සුනාමි රළ හේතුවෙන් ටොංගාහි අගනුවර වන නුකුවලෝෆා නගරයේ පල්ලියක් නිවාස රැසක් සහ තවත් ගොඩනැගිලි බොහොමයක් විනාශ වී ඇති බව ජත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මෙම සුනාමිය හේතුවෙන්ය ජීවිත හානි සිදුව ඇති බවට වාර්තා නොවේ. මෙම ගිනි කන්දේ පිපිරීම විශාල ශබ්දයක් සමග සිදුව තිබේ.

0 comments

Leave a Reply

Post Comment