ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ෂෙන්හොන් මහතා  අද (05) පෙරවරුවේ  කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවූ අතර චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතාගේ  නව වසර සඳහා වන සුබ පැතුම් පනිවුඩය, කථානායකවරයා වෙත පිළිගැන්වීමද සිදුවිය.

චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්වීපාර්ශවීය සබදතා ශක්තිමත් කිරීම සදහා මෙම වසරේද කැපවන බව චීන තානාපතිවරයා මෙහිදී පැවසීය.  සුබපැතුම් පිරිනැමීම පිළිබදව චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතාට සහ තානාපතිවරයාට කථානායකවරයා සිය ස්තුතිය පළ කළේය.චීනය නිරතුරුව ශ්‍රී ලංකාව‍ට ලබා දෙන සහය පිළිබදවද කථානායකවරයා මෙහිදී සිය ස්තුතිය පළ කළේය.

 

 

 

0 comments

Leave a Reply

Post Comment