&මෑතදී, පළාත් සභා ඡන්ද විමසීම් පනතට පාර්ලිමේන්තුවේදී මාගේ අමාත්‍යාංශය විසින් සංශෝධනයක් සම්මත කළා. මෙම පනත සම්මත කළ ක්‍රමය ගැන යම් යම් ප්‍රශ්න තිබෙනවා කියල මට පෙනී යනවා. මෙම පනතේ ධනාත්මකභාවය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වන්නට පෙර මම විශ්වාස කරනවා මේවට නිසි උත්තර දිය යුතුයි කියලා.
මූලිකව පනතේ තීරණාත්මක වෙනස්කම් පිළිබඳ සටහනක් තිබිය යුතුයි. පළමු වරට සියලුම පළාත් සභාවලට ආසන 25%ක් කාන්තා නියෝජනය සඳහා සහතික කර තිබෙනවා.
අතීතයේදී, කාන්තාවන් දේශපාලනයට ඇතුළු වන ප්‍රවණතාව ඉතාමත් අඩු මට්ටමෙන් පැවතිණි. 2013 සංඛ්‍යා ලේඛන අනුව පළාත් සභා නියෝජනයෙන් 3.9%ක ප්‍රමාණයක් කාන්තාවන් සඳහා පාර්ලිමේන්තු ආසනවලින් 5.8෴ක්ද වෙන්වී තිබුණු බවට හෙළිවෙනවා. අතීතයේදී මෙවැනි තත්ත්වයක් වෙනස් වී නැත. 2004දී පළාත් සභාවල කාන්තා නියෝජනය තිබුණේ 5%ක් පමණයි, සහ 1999 දී එම නියෝජනය 3.2%ක් පමණයි පැවතුණේ.
තවත් වැදගත් කාරණාවක් වන්නේ කාන්තා නියෝජනයෙන් 80෴ ක්ම දේශපාලන පසුබිමක් ඇති පවුල්වලින් පැමිණි අය බව සනාථ වීමයි. මාධ්‍යයෙන් සහ අදූරදර්ශී පීතෘෘත්වය ඉස්මතු කරගත් පිරිමි දේශපාලඥයන් විසින් අනෙකුත් සියලුම කාන්තාවන් දේශපාලනයට පිවිසීම අධෛර්යමත් කර තිබෙනවා. බොහෝ කාන්තාවන් ජරා දේශපාලනයෙන් ඈත් වෙන්නට සහ තමන්ගේ පවුලේ උදවියට හොඳ පරිසරයක් ලබාදීම සඳහා දේශපාලනයට ඇතුළු වීමට පැකිළෙනවා.
නූතන ලෝකයේ, ලොව වටා කාන්තාවන් සාධනීය දේශපාලන ජවනිකාවක යෙදෙන අතර, ඔවුන්ගේ දායකත්වය දේශපාලන සුභසිද්ධිය උදෙසා ඉතාමත් වැදගත් වී තියෙනවා.
1995 දී චීනයේ බීජිං නුවරදී පැවති කාන්තාවන් පිළිබඳ සිවුවැනි ජගත් සම්මේලනයේදී ජාතික ආණ්ඩුවලට කාන්තාවන්ගේ 30%ක නියෝජනය යෝජනා වුණා. මෙම යෝජනාව පිළිගෙන ක්‍රියාවට නැංවූ රාජ්‍යයන් ඉතාම ඉහළ දේශපාලන මට්ටමක පවතිනවා.
ජර්මනියේ ඇන්ජලා මර්කල්, එක්සත් රාජධානියේ තෙරේසා මේ, ආර්ජන්ටිනාවේ ක්‍රිස්ටිනා ෆර්ඩිනැන්ඩස්, බංග්ලාදේශයේ ශීක් හසීනා වසීඩ් යන අය කිහිපදෙනෙක් අතර කැපී පෙනෙන චරිතයි. වාණිජ ලෝකයේදීත් බොහෝ ව්‍යාපාර ඉතා සාර්ථකව පවත්වාගෙන යනු ලබන්නේ කාන්තාවන්ගේ මූලිකත්වය නිසාවෙනි. උදාහරණයක් වශයෙන් , ෆේස්බුක් ආයතනයේ ප්‍රධානියා ශෙරීල් සැන්බර්ග්, හෙව්ලට් පැකාඩ් ආයතනයේ ප්‍රධානියා මෙග් විට්මන්, පෙප්සිකෝලා ආයතනයේ ඉන්ද්‍රා නූයි ලංකාවේ ඔඩෙල් සමාගමේ ප්‍රධානී ඔටාරා ගුණවර්ධන සහ ව්‍යවස්ථා මණ්ඩලයේ සාමාජික ( පෙර එක්සත් ජාතීන්ගේ මහ ලේකම්) ආචාර්ය රාධිකා කුමාරස්වාමි මේ අතර කැපීපෙනෙන චරිතයි. ඔවුන් කාන්තාවන් අතිදක්ෂ නායකයන් බව ඔප්පු කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ 24.2%ක් ගෘහ මූලික කාන්තාවන්. ලංකාවේ කාන්තාවන්ට සාර්ථකව තම ගෘහයට නායකත්වය දිය හැකි නම්, රටට නායකත්වය දිය නොහැක්කේ මන්ද? මේ හේතුවට අමතරව කාන්තාවන් ළඟ බොහෝ ගුණයන් තිබේ. ඔවුන් ස්වභාවයෙන්ම භාරකරුවන් සහ දේශපාලනය පිළිබඳ ඔවුන්ගේ අදහස් හා දැක්ම පිරිමි අයවලුන්ට වඩා වෙනස්ය. දේශපාලනයේ, නීතියේ සහ රැකිරක්ෂා අංශවල ලිංගභේද, සමතුලිතභාවයක් ඇති කිරීම සඳහා කාන්තාවන්ගේ නියෝජනය අත්‍යවශ්‍යය. අපි එකතුවී ශ්‍රී ලංකාව උසස් තලයකට ගෙන යමු.
පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත තුළින් තවත් සුභදායී වෙනසක් ඇති වෙන්නේ, මිශ්‍ර සාමාජික අනුපාත ක්‍රමය මගිනි. මෙය මුලින්ම හඳුන්වා දුන්නේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමා විසිනි. එය ගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඡන්ද පොරොන්දුවක් විය. මෙම පනත මගින් කේවල ක්‍රමයෙන් 60෴ක් සහ අනුපාත ක්‍රමයෙන් 40෴ක සාමාජිකත්වයක් බලාපොරොත්තු වෙනවා.
නිදහසට පසු දේශපාලනයේ මෙම ක්‍රමවේද දෙක සම්බන්ධයෙන් මිනිසුන්ට හොඳ සහ නරක යන දෙකම දැකගත හැකියි. 1977 දක්වා , ශ්‍රී ලංකාවේ නියෝජිතයන් කේවල ක්‍රමයෙන් පත්වූවා. එම ක්‍රමවේදය තුළ ඡන්ද ව්‍යාපාරය වියදම් අඩු ප්රචණ්ඩත්වයෙනුත් අඩු මැතිවරණ ක්‍රමයක් තිබුණා. එම ක්‍රමය යටතේ, නියෝජිතයා ජනතාවගේ අපේක්ෂාෙවන් ඉටු නොකෙරුවොත් ඔහු වෙනුවට වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්දය ලබාදිය හැකියි. ඒ තුළින් තනි පක්ෂ ආණ්ඩු පිහිටුවන්නට ඉඩ ලබාදී පක්ෂ ප්‍රතිපත්ති දියාරු වීමට ඉඩ නොලැබිණි. නමුත් එම ක්‍රමවේදයේ දුර්වලතා ඇත. පළාත්වල නියෝජනයෙන් සුළු ජාතීන්ගේ අපේක්ෂාවන් ඇතැම්විට බිඳවැටෙන අවස්ථාවන් මෙහිදී පෙනී තිබුණි.
තවද, එම ක්‍රමයෙන් මහා පක්ෂවල අගයන් පිළිනොගන්නා සුළු පක්ෂයන් කොන් වීමට ලක්විය හැකිය. එසේම, විශාල ඡන්ද ප්‍රමාණයක් අපතේ යෑමක් මෙහිදී සිදුවේ. උදාහරණයක් වශයෙන් 1970දී ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රමාණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිනාගැනීමට හැකි වූයේ 48෴ක් පමණි. නමුත්, පාර්ලිමේන්තුවේදී ඔවුන්ට ආසන 76.7෴ක් ලබාගැනීමට හැකි වූ අතර, 1977දී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රමාණයෙන් 50.6෴ක් ලැබුණු අතර පාර්ලිමේන්තුවේ 83෴ ආසන ප්‍රමාණයක් ලබාගැනීමට හැකි විය.
මෙවැනි දුර්වලතා හේතුකොට ගෙන 1978 ව්‍යවස්ථාවෙන් අනුපාත ක්‍රමය බිහිවිය. මෙම ක්රමයේ වාසිදායක තත්ත්වයන් තිබූ අතර, සුළු ජාතීන්ගේ නියෝජනය එමගින් තහවුරු විය. මේ හේතුවෙන් ඡන්ද අපතේ යෑමක් සිදු නොවූ අතර, සුළු පක්ෂවලට මහා පක්ෂ සමග බලය සඳහා කේවල් කිරීමට අවස්ථාවක් ලැබුණි.
නමුත්, අනුපාත ක්රමයේ දුර්වලතා කිහිපයක්ද පවතී. දේශපාලන විරුද්ධවාදීන් අතර ප්රචණ්ඩත්වය උත්සන්න වීම මෙමගින් ආරම්භ විය. තවද, ඡන්ද ඉල්ලීම් අවස්ථාවේදී අපේක්ෂකයන් හට අධික වියදමක් දරන්නටද සිදුවිය. එසේම ජාතිවාදී ස්වරූපයක්ද මෙයට දායක වේ. මෑත අතීතයේ අපට ජාතිවාදී ප්‍රවණතාවක් දක්නට ලැබේ. කේවල ක්‍රමයට වඩා ඡන්ද වියදමෙනුත් අධිකය.
එම නිසා, මිශ්‍ර නියෝජිත අනුපාත ක්‍රමය මෙම ක්‍රමවේද දෙකේම ගුණයන් සම්බන්ධ කරමින් දෙකේම තිබෙන්නාවූ යහපත් අංගයන්ගේ එකතුවක් සේ සැලකිය හැකිය. බොහෝ දෙනා මෙම ක්‍රමවේදයට යහපත් ප්‍රතිචාර දක්වයි. මෙම ක්‍රමවේදය තුළ යුක්තිය සහ ප්රජාතන්ත්රවාදය තහවුරු කරමින් කටයුතු කළ හැකි නිසා මා සිතන්නේ මෙය නියම මාර්ගයයි.
මාගේ අවංක විශ්වාසය වන්නේ මෙම පනත ඉදිරි අනාගතය සම්බන්ධ ධනාත්මක පියවරවල් ඇති කරවන බවයි. නමුත්, පනත නීතිගත කිරීමේ ක්‍රමවේදය පිළිබඳව යම් චකිතයක් පවතී. පාර්ලිමේන්තුවේ රීති අනුව නම් ඉතාමත් පැහැදිලි වන්නේ කමිටු අවධියේදී පනතක් සම්මත කිරීමට හැකියාව පවතින බවයි.
රීති 56 කියැවෙන්නේ, (පනතට අදාළ නම්, රීති අනුව ඕනෑම වගන්තියකට සංශෝධනයක් ඇතුළත් කිරීමටත් සංශෝධන ඉවත් කිරීමටත් හැකියාව පවතී.)
සුළු පක්ෂයන්ගේ ඉල්ලීම මත තමයි ඡන්ද ක්‍රම පිළිබඳ මෙවැනි සංශෝධන එකතු වුණේ. මේ හේතුව නිසා තමයි දෙමළ ජාතික සංධානයයි අනෙකුත් සුළු පක්ෂයන් මේ සංශෝධනයට සහයෝගය ලබාදේ. සුළු පිරිසක් මෙවැනි දෙයකට විරුද්ධ වූවද මම විශ්වාස කරන්නේ ආණ්ඩුවෙන් එන සෑම ධනාත්මක දේකට විරුද්ධ වෙන්නට උත්සාහ ගන්නේ එමගින් ජනතාව අතර හොඳ හිත වර්ධනය වෙයි කියා ඇති බයට බවයි.
මෙය කඩිනමින් සම්මත කිරීම පිළිබඳ යම් පිරිසක් විරුද්ධයි. මම පැවසීමට කැමතියි කමිටු අවධියේ මෙම සංශෝධනය ගෙන එන්නට පෙර යම් සාකච්ඡාවක් සිදුකර එකඟත්වයකට පැමිණෙනවා නම් යෝග්‍ය බව. නමුත්, දේශපාලනික අවස්ථාවක් හේතුකොටගෙන ඡන්ද ක්‍රමවේදයේ ප්‍රතිසංස්කරණය අවශ්‍ය බවත්, මිශ්‍ර සාමාජික අනුපාත ක්‍රමයට ඇති වන්නාවූ සංශෝධනයෙන් පසුව පළාත් පාලන මැතිවරණය අනුපාත ක්‍රමයෙන් පැවැත්වීම සුදුසු නැති බවත් මාගේ හැඟීමයි.
මේ සඳහා කිසිම ඉක්මන් වීමක් අවශ්‍ය නැත. මක්නිසාදයත් මේ ක්‍රමවේදය අතිශයින්ම නීත්‍යනුකූල නිසා සහ එය රටේ දියුණුව කරා ඉතාමත් වැදගත් සහ පිළිගත හැකි පනතක් වන බැවිනි. නමුත්, සීමා නිර්ණ ක්‍රියාවලිය සඳහා කාලයක් ගතවේ. පාඩමක් ඉගෙනගැනීමට ඇති නම් එය සීමා නිර්ණය නිසා අපට ඇතිවන්නා වූ පාඩුවකි.
දැන් සීමා නිර්ණ කොමිසම පත්කිරීමේ අවශ්‍යතාව ඉතාමත් අධිකය. තවද, දක්ෂ සහ හැකියාවන්වලින් සමන්විත කාන්තාවන් දේශපාලනයට ඇතුළත් කරමින් මෙවැනි පියවර ප්‍රතිඵලදායක බවට පත්කිරීමට අවස්ථාව එළැඹී ඇත.
අවශ්‍ය වෙනස්කම් නීතිගත කිරීමත් සමග මෙවැනි ධනාත්මක උත්සාහයන් ඉදිරියට ගෙන යෑම අපේ වගකීමකි. මෙවැනි ක්‍රියාවන් මගින් අපිට අපේ දේශපාලන ඉදිරිය තහවුරු කරගත හැක.
ප්රජාතන්ත්රවාදී අවශ්‍යතාවන් සහ දිනේෂ් ගුණවර්ධන තේරීම් කමිටුවේ වාර්තාවත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පොරොන්දු මතකයට ගනිමින් මෙය මිශ්‍ර නියෝජිත අනුපාත ක්‍රමය තුළින් දැනට පවතින මැතිවරණ ක්රමයේ අඩුපාඩු මග හැරෙන බවට අපට අවබෝධ විය යුතුය.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, ෆයිසර් මුස්තෆා මැතිතුමා විසිනි,