ගිරාඳුරුකෝට්ටේ දී සහ මහියංගනයේදී මියගිය වන අලි දෙදෙනෙකුගේ  සිරුරු දෙකක් හමුවූ බව පොලීසිය පැවසීය.‍ෙගිරාදුරුකෝට්ටේ රත්කිඳ කුඩාවිල හේනකට ඇද තිබූ විදුලි රැහැනක පැටලී විදුලිසැර වැදී එක් වන අලියකු  ජීවිතක්ෂයට පත් වී ඇති අතර ඒ සම්බන්ධව සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බවද ගිරාඳුරු කෝට්ටේ පොලිසිය පැවසීය.

එම වන අලියා අවුරුදු 15ක පමණ වයසැති වන වන අලියෙකු බවද පොලිසිය පැවසීය. මහියංගන  දම්බරාව වැව්රක්ෂිතයේ දී  අවුරුදු විස්සක් පමණ වයස විය හැකි වන වන අලියකු මියගොස් ඇති බව  මහියංගණය පොලිසිය පැවසීය.

මෙම වන අලියා මිය යෑම සම්බන්ධ නිශ්චිත කරුණු මෙතෙක් අනාවරණය නොවන බව මහියංගන වනජීවී කාර්යාලය සඳහන් කළේය. මහියංගන පොලිසිය හා ගිරාදුරුකෝට්ටේ පොලිසිය  සහ වනජීවී අංශ සමග එක්ව මෙම වන අලි දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

0 comments

Leave a Reply

Post Comment