2030 වර්ෂය වනවිට පිළිකාවෙන් වසරකට මිය යන කාන්තාවන් ගණන මිලියන 5.5 ක් වනු ඇති බවට නවතම අධ්‍යයනයකින් හෙළිදරව් වී තිබෙනවා. එම අගය දශක දෙකකට අඩු කාලයක් තුළ පිළිකාව හේතුවෙන් මිය යන කාන්තාවන් ගණන 60෴ ක ප්‍රතිශතයකින් වැඩිවීමක් පෙන්නුම් කරන බවයි පර්යේෂණය සිදුකළ ඇමෙරිකානු පිළිකා සංගමය සඳහන් කරන්නේ.
ඔවුන් පවසන ආකාරයට මැදි ආදායම් ලබන රටවල ජීවත් වන කාන්තාවන් මෙම තත්ත්වයට වැඩි වශයෙන් ගොදුරු වන බවත්, මෙම මාරකයට ගොදුරුවන්නන් අතරින් බහුතරයකටම එය වළක්වා ගැනීමේ හැකියාවක්ද පැවතීම කණගාටුවට කරුණක් බවත් දන්වයි.
ලෝකයේ වෙසෙන සෑම කාන්තාවන් හත් දෙනෙකු අතරින් එක් අයෙකු අද වනවිටත් මිය යන්නේ පිළිකාවට ගොදුරු වීමෙන්. එම පිළිකා අතර ඉහළින්ම තිබෙන්නේ පියයුරු පිළිකා, පෙනහළු පිළිකා, අන්ත්‍රගත පිළිකා හා ගැබ්ගෙල පිළිකා යන ඒවාය.
2012 වර්ෂයේ පිළිකා පර්යේෂණ අන්තර් ජාතික ඒජන්සි වාර්තා අනුව ලෝකයේ කාන්තාවන් මිලියන 3.5 ක් පිළිකාව නිසා මරණයට පත්වන බවට වාර්තා වූවා.
2012 වර්ෂයේ වාර්තාවලට අනුව නැගෙනහිර ආසියාතික රටවල මෙම ප්‍රවණතාව වැඩි අගයක් ගත් අතර, නැගෙනහිර ආසියාතික කතුන් මිලියන 1.7ක් මිය ගොස් තිබුණේ පිළිකාව හේතුවෙනුයි.
කාන්තාවන්ට පිළිකා ඇතිවීම කෙරෙහි ශාරීරික ක්‍රියාකාරකම් අවම වීම, සෞඛ්‍යයට අහිතකර ආහාර පුරුදු, තරබාරුව, දරුවන් හැදීම ප්‍රමාද කිරීම ආදී ප්රජානන සාධක බහුල වශයෙන් හේතු වී ඇති බවද පර්යේෂකයන් සඳහන් කරයි.
මේ අනුව 2030 වනවිට ලොව පුරා කතුන් මිලියන 9.9ක් පිළිකාවට ගොදුරුව ඉන් මිලියන 5.5ක් වාර්ෂිකව මිය යයි නම් එය ඩෙන්මාර්ක් රාජ්‍යයේ වැසියන් සියලුදෙනා වසරක් තුළ මිය යෑම හා සමාන තත්ත්වයක් පෙන්නුම් කරන බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.