ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා
මත්කුඩු හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ රූප රාජිනියකට කිරුළක් අහිමිවන ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති ලෙබනන් ජාතිකයන්ගේ රූප රැජිනිය ලෙස අභිෂේක ලැබූ 18 හැවිරිදි නාඩා ඝම්රාවි නම් තරුණියක් මෙම සිදුවීමට මුහුණපා තිබේ.
පසුගිය 21දා ඇය ගමන්ගත් මෝටර් රථය ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් පරීක්ෂා කිරීමෙන් පසුව එහි තිබී මත්කුඩු ග්‍රෑම් 22ක් සොයාගැනීම ඇයට කිරුළ අහිමිවීමට හේතුව වී තිබෙනවා.
ඉන් අනතුරුව ඇයව පොලිස් අත්අංගුවට පත්ව ඇති අතර ඩොලර් 1350ක දඩයක් ගෙවීමෙන් පසුව ඇය නිදහස් කර තිබෙනවා. කෙසේ වෙතත් ඇයට එරෙහිව මත්කුඩු චෝදනා ගොනුව නොමැති අතර මෝටර් රථයේ ගමන්ගත් 20 හැවිරිදි තරුණයෙකුට මත්කුඩු සැපයීමේ චෝදනා එල්ල වී තිබෙනවා.
මේ පිළිබඳව අවධානය යොමු කර ඇති ලෙබනන් ඔස්ට්‍රේලියා රූප රැජින තරගාවලියේ සංවිධායකයන් ඇයට එල්ල වූ චෝදනා හේතුවෙන් නාජාගෙන් කිරුළ නැවත ලබාගැනීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් නාජාට එල්ල වී ඇති චෝදනා ඇයගේ ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
popular news
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම්
මගී ජීවිත තඹයකට මායිම් නොකරමින් ලංගම හා පෞද්ගලික බස් රේස් යයි
පෞද්ගලික හා ලංගම බස් දෙක රෙස් යයි
පාකිස්තාන ක්‍රීඩකයන්ට අතට අත දීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
නිදි යහනේ මියගිය රාජ්‍ය සේවිකාවගේ මරණය ඝාතනයක් , සාක්කි දෙන්න පැමිණි සැමියා අත්අඩංගුවට
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කළමණාකරණ පද්ධතිය දියත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd