ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා
දශකයකට ආසන්න කාලයක් පුරා ඉතා ඉහළ ගුණාත්මක බවින් යුතු ඔස්ට්‍රේලියානු නිෂ්පාදන ලාංකේය ජනතාවට හඳුන්වා දුන් 'ඇලරිස් ලංකා' පුද්ගලික සමාගම විසින් නුවර ප්‍රදේශයේ වෙසෙන යුවතියන් හා විශේෂයෙන්ම රූපලාවණ්‍ය ශිල්පිනියන් වෙත සිදුකෙරෙන සමාජ සත්කාරයක් ලෙස 'ඇලරිස් හැඩකාරී' වැඩමුළුව පසුගියදා නුවර Y.M.B.A ශාලාවේදී පැවැත්විණි. 'ඇලරිස් ලංකා' පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්යක්ෂ තරංග ලංකා වීරවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී නදීශා ද සිල්වා, ආචාර්ය ඩබ්. කේ. කොළඹගේ, ජනප්‍රිය රංගන ශිල්පිනී විනූ සිරිවර්ධන, ජනප්‍රිය රංගන ශිල්පිනී තාරුකා වන්නිආරච්චි හා වෛද්‍ය අනුර අරඹගේ යන අයගේ සහභාගීත්වයෙන් මෙම වැඩමුළුව පැවැත්විණි. ලබන වසරේ ජනවාරි 27 දින මෙවැනි අතිදැවැන්ත වැඩමුළුවක් දෙහිවල ඒස්. ඩී. එස්. ජයසිංහ ශාලාවේදී පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. ඒ සඳහා දැන්ම 0777763313 / 0716163313 / 0727763313 යන දුරකථන අංක ඔස්සේ ලියාපදිංචි විය හැක. හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය ප්රමුඛ ඇලරිස් පවුලේ සියලුම රංගන ශිල්පී ශිල්පිනියන්ද, ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී නදීශා ද සිල්වා මහත්මියද මේ සඳහා සහභාගි වීමට නියමිතය.
popular news
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම්
පෞද්ගලික හා ලංගම බස් දෙක රෙස් යයි
පාකිස්තාන ක්‍රීඩකයන්ට අතට අත දීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
මගී ජීවිත තඹයකට මායිම් නොකරමින් ලංගම හා පෞද්ගලික බස් රේස් යයි
නිදි යහනේ මියගිය රාජ්‍ය සේවිකාවගේ මරණය ඝාතනයක් , සාක්කි දෙන්න පැමිණි සැමියා අත්අඩංගුවට
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කළමණාකරණ පද්ධතිය දියත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd