නිරෝගී පුද්ගලයන් පස්දෙනෙකු සිටින පවුලකට දිනකට පොල් ගෙඩියක ප්‍රමාණයක් ආහාර සැකසීමේදී භාවිත කිරීම යෝග්‍ය වන බව ආහාර සම්බන්ධ නිර්දේශවල සඳහන් වේ.
මෙරට පුද්ගලයන් මේදය ලබාගන්නා ප්‍රධාන ආහාර වර්ගය වන්නේ පොල්ය. ඒ පොල්කිරි, පොල්සම්බෝල හා පොල්තෙල් වශයෙනි. පොල්කිරි ලෙස ගත්විට මිටි කිරේ මේදය බහුලව අඩංගු වෙයි. එසේම පොල් අතින් මිරිකා කිරි ලබාගැනීමේදී එකතු වන තෙල් ප්‍රමාණයට වඩා අධික තෙල් ප්‍රමාණයක් බ්ලෙන්ඩර් කර කිරි ලබාගැනීමේදී ආහාරවලට එක්වෙයි.
පොල්තෙල්, පොල්කිරිවල පවතින්නේ සංතෘප්ත මේදයයි. මෙම සංතෘප්ත මේදයෙන් අහිතකර කොලෙස්ට‘රෝල් (LDL) නිපදවයි. ඒ නිසා පොල්තෙල්, පොල්කිරි මෙන්ම පොල්සම්බෝල වැඩිපුර ආහාරයට ගැනීමෙන් රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම ඉහළ ගොස් රෝගාබාධවලට ගොදුරුවීමේ අවදානමක් ඇත.
කෙසේ නමුත් ක්‍රියාශීලී දිනකට පැයක පමණ ව්‍යායාමයේ යෙදෙන වැඩහිටියන්ට හා කුඩා දරුවන්ට පොල්කිරි හා පොල්තෙල් ශක්තිය වැඩවීමට උපකාරී වෙයි.
උපදෙස් පෝෂණවේදී රොෂාන් දෑලබණ්ඩාර