ජීවන අරගලයට උර දෙන්නට ගඩොල් තැනූ දිරිය මවක්
වසර ගණනාවක සිට ගඩොල් කර්මාන්තයේ නියැළෙමින් තම පවුල වෙනුවෙන් වෙහෙස මහන්සි වන 56 හැවිරිදි මවක පොළොන්නරුව, නිශ්ශංක මලළපුර ප්‍රදේශයේදී පසුගියදා අපට මුණගැසිණි.
නමින් ඩබ්.ආර්. ආරියවතී වන ඇය, තරුණ විය මෙන්ම මහලු වියද පසකලා සිය රැකියාව තම වගකීම ලෙස සලකමින් අව්ව වැස්ස නොබලා දෛනිකව මෙම රැකියාවේ නිරත වන්නීය.
තම දරුවන්ගේ කුසගින්න නිවා දැමීමේ සහ ඔවුන්ගේ අවශ්‍යතා සපුරා දීමේ අරමුණින් ගතට ශක්තියත්, සිතට ධෛර්යත් ගෙන ඇය ගඩොල් කර්මාන්තයේ නියැළෙයි.
හිඟුරක්ගොඩ - ඩබ්.ඒ. පියතිලක





popular news
-
Champa Friday, 15 March 2019 07:58 PM
පව් කියලා හිතෙනවා. ලංකාවේ කාන්තාවෝ හුගක් ධෛර්යමත්. ඒ වුනත් මෙහෙම දුක් විඳින්න වෙන එක ගැන කණගාටුයි. කරන්න පුළුවන් දේවල් ඕනේ තරම් තියෙනව මේ වගේ කාන්තාවෝ වෙනුවෙන්.
Reply : 0 12
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

