කිරිබත්, කැවුම් සහ කොකිස් ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ සුබ කටයුත්තකදී හෝ උත්සව අවස්ථාවකදී අනිවාර්යයෙන් දක්නට ලැබෙන්නක්. ඒ අතරින් සිංහල අලුත් අවුරුදු කෑම මේසය හැඩ ගන්වන්නට මේවා අනිවාර්යයෙන්ම යොදා ගන්නේ ඈත අතීතයේ සිටය. මේ සියලු කැවිලි වර්ගවලට ඇත්තේ ඉතා දීර්ඝ වූ කතා ඉතිහාසයකි. එය ආගමික ග්‍රන්ථවල මෙන්ම සාහිත්‍ය ග්රන්ථවලද යොදා ගන්නා ඇතැම් උපහැරණවලින් මැනවින් පසක් වේ. එදා දඹදිව විසූ අසූ කෙළක් ධනස්කන්ධයකට හිමිකම් කියූ මසුරු සිටාණන් කෙනෙකු වන මච්ඡරිය කෝසිය සිටාණන්ට ඇතිවූයේ පැණිකැවුම් කෑමේ ආශාවකි. එකල කබලු නමින් හැඳින් වූයේ අද අපි හඳුන්වන කැවුම්ය. අතීත ලාංකේය සමාජ සංස්කෘතික සන්දර්භය මැනවින් විග්රහ කළා වූ රොබට් නොක්ස් පවා ලාංෙක්ය ගැමි ජනයා අතර ප්‍රචලිතව තිබූ ඒ කැවිලි ගැන විශේෂයෙන් වාර්තා කළේය. මේ අයුරින් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන කැවිලිපෙවිළි අද වන විට කෙමෙන් කෙමෙන් අප අතරින් ඈත්ව යයි. පුද්ගල කාර්යබහුලත්වය සහ පිළියෙල කිරීමට නොදන්නාකම මේ සඳහා මූලික ලෙස බලපා තිබේ. නමුත් අපේ දෑතින්ම පිළියෙල කළා වූ කැවිලිවලින් මේ වසරේ අලුත් අවුරුදු කෑම මේසය හැඩ කරන්නට කැමති ගෘහණියන්ට රසකැවිලි රැසක් පිළිබඳ අද අප මෙසේ ගෙන එන්නට සිතුවෙමු.
කැවුම්
අප කැවුම් වර්ග කිහිපයක් පිළිබඳවම අසා තිබේ. ඒ අතර ලාංකික ප්‍රජාව තුළ වඩාත්ම ජනප්‍රිය වන්නේ කොණ්ඩ කැවුම්ය. නාරං කැවුම්, තල කැවුම්, මුං කැවුම්, සීනි කැවුම් හා අතිරස කැවුම් පවුලේ තවත් සාමාජිකයන්ය. උඩරට පළාත්වල අච්චු කැවුම් බෙහෙවින් ජනප්‍රියයි. පැරණි ජනප්‍රවාදවලට අනුව කැවුම් වර්ග 18ක් පමණ තිබෙන බවට වාර්තා කියැවේ. ඒ අතර මුං කැවුම්, සෙදි කැවුම්, උළුඳු කැවුම්, උතුපු කැවුම් හා ගිනිපු කැවුම් කිහිපයකි.
කොණ්ඩ කැවුම්
අඳුරු රතු පැහැයක් සහිත වර්ණයෙන් යුත් මේ කැවුම් වර්ගය ලාංකිකයන් අතර ඉතාම ජනප්‍රිය කැවිල්ලකි. සහල් පිටි හා කිතුල් පැණියෙන් සකස් කර ගන්නා මෙම මිශ්‍රණයට පදමට ලුණු සහ කරඳමුංගු එකතු කිරීමෙන් මෙය වඩා රසවත්ව පිළියෙල කිරීමට හැකි වේ. කොණ්ඩ යන වචයෙන් හිසකෙස් අරුත් ගන්වන අතර, හිසෙහි මුදුණේ ඇති කොණ්ඩය නිරූපණය වන සේ මෙම කැවුම් සකස් කරයි. මේ සඳහා පොල්කූරක් හා හැන්දක් අවශ්‍ය වන අතර, රත් වූ තෙලෙහි පිසගන්නා අතරතුර පොල්කූරෙන් කොණ්ඩය සකස් කෙරේ. මේ සඳහා වෙනත් කිසිදු උපකරණයක් අවශ්‍ය වන්නේ නැත.
අවශ්‍ය ද්‍රව්‍ය -
-තිරිඟු පිටි කෝප්ප එකයි
-හාල් පිටි කෝප්ප එකයි
-කරඳමුංගු අවශ්‍ය ප්‍රමාණයට
-ලුණු ස්වල්පයක්
-කිතුල් පැණි
-ගැඹුරු තෙලේ බැද ගන්නට අවශ්‍ය තරම් පොල්තෙල්
අවශ්‍ය උපකරණ
-කැවුම් තෙලෙන් බැද ගැනීමට හැන්දක්
-අවශ්‍ය නම් වෙළෙඳ පොළේ ඇති අච්චුවක් භාවිත කළ හැකිය.
නාරං කැවුම්
අප නාරං ලෙසින් හඳුන්වන්නේ මෙන්ඩරින් (Mendarin) නම්න් හඳුන්වනු ලබන දොඩම් විශේෂයකටය. නමුත් මේවා ආහාර පිසීම සඳහා භාවිත නොකරන අතර, ප්‍රමාණයන් හා වර්ණයෙන් නාරං කැවුම්වලට මේවා සමානකමක් දක්වයි. මේ හැඩයෙන් සකස් කරගනු ලබන නාරං කැවුම් සඳහා සහල් පිටි හා පොල්කිරි මිශ්‍ර කර දියරයක් ප්‍රථමයෙන්ම සෑදිය යුතුය. ඉන්පසුව පොල්පැණි මිශ්‍රණයෙන් ටිකෙන් ටික ගුලි කර ඒ මත තවරා පසුව එය ගැඹුරු තෙලෙන් පිසිණු ලැබේ. මෙම කැවුම් වර්ගය වර්ණයෙන් මෙන්ඩරින් දොඩම් පැහැයට සමානය.
නාරං කැවුම් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
-ජලය කෝප්ප 4/1ක්
-නැවුම් ගාගත් පොල් කෝප්ප 2/1ක්
-හාල් පිටි ග්‍රෑම් 100ක්
-දුඹුරු පැහැති සීනි ග්‍රෑම් 100ක්
-කරඳමුංගු අවශ්‍ය ප්‍රමාණයට
-කහ කුඩු ස්වල්පයක්
-ලුණු ස්වල්පයක්
මුං කැවුම්
රන් පැහැති දියමන්ති හැඩයෙන් යුක්ත වන කැවුම් අපි සිංහලෙන් මුං කැවුම් නමින් හඳුන්වයි. හාල් පිටි හා පැණිවලට අමතරව මේ සඳහා යොදා ගන්නා මුංඇට පිටි නිසා කැවුම හරිත වර්ණයක්ද ඇති කරනු ලබයි.
අවශ්‍ය ද්‍රව්‍ය
-සුදු සහල්/ තිරිඟු පිටි කෝප්ප එකක්
-පිටි කරගත් මුංඇට කෝප්ප එකක්
-කරඳමුංගු දෙකක්
-ලුණු ස්වල්පයක්
-කිතුල් පැණි කෝප්ප එකක්
-ගැඹුරු තෙල් පිස ගැනීමට අවශ්‍ය පොල්තෙල්
අතිරස
අතිරස යනු නිවුඩු සහල් පිටි සහ පැණි මිශ්‍ර කර සකස් කර ගන්නා දකුණු ඉන්දියාවේ ජනප්‍රිය රසකැවිලි වර්ගයකි. මෙය ශ්‍රී ලාංකික ආහාර සංස්කෘතියට අනන්‍ය වූ හැඳි කැවුම් සමග සමානකමක් දක්වයි.
මේ ආදී වශයෙන් අවුරුදු කාලයත් සමග නොයෙක් කැවුම් වර්ග ගම්වල පිළියෙල කෙරෙන අතර, මේ හා සම්බන්ධ ක්‍රියාවලිය බැඳී මිත්‍යා විශ්වාසයන්ද සියවස් ගණනාවක සිට මුඛ පරම්පරාවෙන් පැවත එයි. මෙහිලා පිසගනු ලබන පළමු කැවුම %කෝඳුරු කැවුම^ නමින් හඳුන්වයි. කෝඳුරුවා යනු මේ කැවුම් සාදන තැනට ඇදී එන කුඩා කෘමි විශේෂයෙකි. එමෙන්ම පළමු කැවුම පිස අවසන් වනතෙක් කැවුම් පිසින අය කතාබස් නොකර කටයුතු කිරීමට වගබලා ගනී. එය සිරිතකි. එමෙන්ම අවසානයේ සකස් කරන කැවුම %දිය කැවුම^ වශයෙන් හඳුන්වනු ලබයි. ගැමි කතුන් විසින් එම කැවුම අවසාන පිටි ගුලියෙන් සකස් කරන නිසා එහි එතරම් රසක් නොමැති බව අඟවා මෙලෙසින් ව්‍යවහාර කෙරේ.
කොකිස්
කොකිස් යන්න ශ්‍රී ලාංකේය සංස්කෘතික උත්සවයන්හි අනිවාර්යයෙන් දැකගත හැකිවුවත් එහි නාමය පැවත එන්නේ 17 වැනි සියවසේ මැද භාගයේ සිටය. ඒ 18 වැනි සියවසේ අග භාගය දක්වා මෙරට රැඳී සිටි ලන්දේසින්ගෙනි. %Kokis^ යන නාමය ඩෙන්මාර්කයේ koekjes යන්නෙන් ව්‍යුත්පන්න වී පැමිණි බව බොහෝ දෙනාගේ මතයයි. ස්වීඩනයේ භාවිතා කරන කූකීස් යන නාමය ලංකාවේ කොකිස් හා අනන්‍ය වූ ආහාරයකි.
කොකිස් සෑදීම සඳහා අද වන විට වෙළෙඳ පොළ තුළ මලක, කොළයක හෝ සමනලයෙකු ආදී විවිධ හැඩයෙන් සකස් කරගත් අලංකාර අච්චු දැකගත හැකිය. මෙය පොදුවේ අපි %කොකිස් අච්චුව^ නමින් හඳුන්වයි. සහල් පිටි, පොල්කිරි හා පදමට දමාගත් ලුණු මිශ්‍ර කරමින් සකස් කළ කොකිස් මිශ්‍රණයට රත්කළ තෙල්වලින් පොඟවා ගත් කොකිස් අච්චුව දමා මිශ්‍රණය එහි ආලේප කර ඉන්පසු එය තෙල් තාච්චියේ දමා කොකිස් බැද ගනී.
මෙහිදී කොකිස් මිශ්‍රණය සකස් කිරීමේදී ඇතැමුන් බිත්තරයක්ද, මිරිස් කුඩු ස්වල්පයක්ද එක් කරයි. මෙහිදී මඳක් එය බැදීගෙන එන විට අච්චුවෙන් ඉවත් කළ යුතුය. මේ සඳහා පොල්කූරක් භාවිතයට ගනී.
අවශ්‍ය ද්‍රව්‍ය
-සහල් පිටි ග්‍රෑම් 200ක්
-පොල් කිරි කෝප්ප 4/3ක්
-කහ කුඩු තේ හැඳි 2/1ක්
-සීනි තේ හැඳි 1 2/1ක්
-ලුණු තේ හැඳි 2/1ක්
-ගැඹුරු තෙලේ බැදීමට අවශ්‍ය තරම් පොල්තෙල්
ආස්මි
ආස්මි සකස් කිරීම සඳහා යොදා ගන්නා දවුලු කුරුඳු ඉතා ගුණදායී වේ. එමෙන්ම එම ශාක පත්‍ර සෙවෙල් නිසා ෙමයින් සකස් කර ගන්නා ආස්මි හොඳින් පෙඟෙන්නට කලක් තිබූ පසු දෙවැනි වර තෙෙලන් බදින විට හොඳට පිපේ. සමාන්‍යයෙන් ආස්මි මාස 6ක් වැනි කාලයක් කල් තබා ගැනීමේ හැකියාව තිබේ.
අවශ්‍ය ද්‍රව්‍ය
-සුදු හාල් පිටි ග්‍රෑම් 225ක්
-ඝන පොල්කිරි කෝප්ප එකක්
-දිය පොල්කිරි කෝප්ප එකක්
-ලුණු තේ හැඳි 2/1ක්
-ආස්මි බැදීම සඳහා පොල්තෙල් අවශ්‍ය ප්‍රමාණයට
-දවුලු කුරුඳු කොළ ස්වල්පයක්
-පැණි මිශ්‍රණය සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය
-සීනි ග්‍රෑම් 225ක්
-ජලය කෝප්ප 4/1ක්
-කැමති වර්ණ කාරකයක්
අග්ගලා
බොහෝ විට අග්ගලා සකස් කිරීමට ගනු ලබන්නේ ඉතුරුම් හාල් සෝදා වේලා හෝ ඉතුරුම් බත් වේලා ගනිමිනි. එය අතීතයේ සිට ගෘහණියන් විසින් සිදුකරන ක්‍රියාවකි. ඔවුන් කිසිවක් අපතේ නොයවා සෑම දෙයක්ම පරිහරණය කළේය. නාස්තිය අවම කරමින් සකස් කළ මෙම රසකැවිල්ල අද වන විටත් ඉතා ජනප්‍රියය. අප ශ්රීරිපාදය වඳින්නට යන විට අග්ගලා රැගෙන යාම සිරිතකි. එනිසා ඈත අතීතයේ සිට මේ හා බැඳි සංස්කෘතියක් පවා ගොඩනැගී තිබේ.
අවශ්‍ය ද්‍රව්‍ය
-කිතුල් පැණි කෝප්ප 4/1ක්
-සහල් පිටි කෝප්ප බාගයක්
-ලුණු ස්වල්පයක්
-ගම්මිරිස් ස්වල්පයක්
හැලප
පෝෂ්‍යදායී මෙන්ම ගුණදායී ආහාරයක් වන හැලප සකස් කිරීමට ගන්නා කුරක්කන් බොහෝ රෝග පාලනය කරන ඖෂධයක්ද වේ. කුරක්කන්වලින් සාදා ගන්නා හැලපය කැන්ද කොළයක නවා ජල වාෂ්පයෙන් තැම්බූ විට ඉතා රසවත් කෑමකි.
අවශ්‍ය ද්‍රව්‍ය
කුරක්කන් පිටි කෝප්ප එකක්
ගාගත් පොල් තේහැඳි දෙකක්
පැණි කෝප්ප 4/1ක්
උඳුවැල් හෙවත් පැණි වළලු
නුවර ප්‍රදේශයේ ඉතා ජනප්‍රිය කෑමක් වන උඳු වළලු හෙවත් පැණි වළලු ඉතා රසවත් ආහාරයකි. මෙය ගුණදායී බවින්ද ඉහළය. බාල, මහලු වයස් භේදයකින් තොරව කවුරුත් රස විඳීමට ප්‍රිය කරන මෙය අවුරුදු කෑම අතරට එක් වී ඇති තවත් රස කැවිල්ලකි.
අවශ්‍ය ද්‍රව්‍ය
කළු පැහැති පොත්ත ඉවත් කරගත් උඳු පිටි කෝප්ප දෙකක්
-සහල් පිටි කෝප්ප එකක්
-පොල් කෝප්ප 2 2/1ක්
-ලුණු තේහැන්දක් පමණ
-කිතුල් පැණි කෝප්ප 3ක් හෝ 4ක්
-ජලය කෝප්ප එකක්
කළු දොදොල්
කළු වර්ණයෙන් යුක්ත මෙය පොල්කිරි හා හාල් පිටිවලින් සකස් කර ගනු ලබන්නකි. කරඳමුංගු ස්වල්පයක් එක් කරමින් කජු දමා පදමට සකස් කරගත් කළු දොදොල් අවුරුදු මේසය හැඩ ගන්වයි.
අවශ්‍ය ද්‍රව්‍ය
-බැදගත් සහල් පිටි කෝප්ප දෙකක්
-සිහින්ව ගාගත් පොල් කෝප්ප දෙකක කිරි
-කරඳමුංගු තේ හැඳි එකක්
-කුඩාවට කපාගත් කජු කෝප්ප 4/1ක්
-ගාන ලද හකුරු කෝප්ප දෙකක්
වැලි තලප හෙවත් සව් දොදොල්
අවශ්‍ය ද්‍රව්‍ය
-තැම්බූ පාන් පිටි කෝප්ප දෙකක්
-හාල් පිටි කෝප්ප එකක්
-උකු පොල් කිරි කෝප්ප තුනක්
-පැණි කෝප්ප දෙකක්
-ලුණු දියර ස්වල්පයක්
උණු ජලය
සිංහලයන් අතර ජනප්‍රිය අලුවා
අවශ්‍ය ද්‍රව්‍ය
-සුදු (අමු) සහල් පිටි කෝප්ප 10ක්
-සීනි කෝප්ප දෙකක්
-ජලය කෝප්ප තුනක්
-කරඳමුංගු තුනක් හෝ හතරක්
-කුඩාවට කපාගත් කජු අවශ්‍ය ප්‍රමාණයට