බෑගයක් තුළ සිරවී සිටි කැස්බෑවෙකුට නාවික හමුදාවෙන් නිදහස
නාවික හමුදාව විසින් 2020 ජනවාරි 29 වන දින මීගමුව මුහුදු ප්‍රදේශයේදී බෑගයක් තුළ සිරවී සිටි කැස්බෑවකු බේරා ගැනීමට සමත් විය.
2020 ජනවාරි 29 වන දින පැවති කොළඹ නාවික අභ්‍යාසය 2020 (CONEX – 20) සඳහා සහභාගී වන ලද ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සමුදුර නෞකාව මගින් මීගමුව මුහුදු ප්‍රදේශයේ´බෑගයක් තුළ සිරවී සිටි කැස්බෑවකු නිරීක්ෂණය කර ඇත. ඒ අනුව සිරවී සිටි මෙම කැස්බෑවා යාත්‍රාව වෙත රැගෙන බෑගය ඉවත්කිරීමෙන් පසු නිරුපද්‍රිතව යළි සාගරයට මුදා හැරීමට කටයුතු කර ඇත.
වඳ වී යන සතුන් කොට්ඨාශයක් වශයෙන් හඳුනාගෙන ඇති මෙම කැස්බෑවන් ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම සදහා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී.



popular news
-
Athula Tuesday, 24 March 2020 02:09 PM
Vvvvv
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
