පෑනක් ආකාරයේ නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි 43 වියැති පුද්ගලයෙකි.
ලද තොරතුරක් මත පානදුර හොරේතුඩුව පාලම අසල දී සැකකරු පරීක්ෂා කිරීමේදී කලිසම් සාක්කුවේ දමා සිටි විදේශ රටක නිෂ්පාදිත පෑනක් ආකාරයෙන් භාවිතා කළ හැකි ගිනි අවියක්, එම අවියට යොදන ජීව උණ්ඩ තුනක් එම අවියේ බහළුමක් සමග අත්අඩංගුවට ගෙන තිබේ..
මෙම ගිනි අවිය විදේශ රටක නිෂ්පාදිත ක්‍රියාකාරී තත්ත්වයේ තිබෙන බවත්, මනුෂ්‍ය ඝාතනයක් සඳහා ඉතා සූක්ෂම ලෙස මෙම ගිනි අවිය යොදාගත හැකි බවයි.
දිගින් අඟල් හතර හමාරක් පමණ වන මෙම ගිනි අවිය පුද්ගලයකු ඝාතනය කිරීම සඳහා ඕනෑම අවස්ථාවකින් ගෙනයා හැකි ආකාරයෙන් නිෂ්පාදිත එකක් බව පොලිසිය සදහන් කරයි .
මෙම ගිනි අවිය කුමන හේතුවක් සඳහා මෙම පුද්ගලයා සන්තකයේ තබා ගත්තේ ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වති .
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
පානදුර සුමිත් පොතුපිටිය

