ADA
www.ada.lk
2026 ජනවාරි මස 22 වන බ්‍රහස්පතින්දා
53 වන සේනාංකය යටතේ නිකවැව ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ පාඨමාලා අංක 23 යටතේ සාර්ථකව පුහුණුව අවසන් කළ නිලධාරින් 4 දෙනෙකු සහ සෙසුනිලයින් 196 දෙනෙකු විසිරයාමෙන් අනතුරුව අතිරේක ප්‍රහාරක බලකායට අනුයුක්ත කෙරිණි. සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවැති මෙම විසිරයාමේ පෙළපාලිය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
යුද්ධ හමුදාධිපතිතුමන් විසිරයන නිලධාරින් සහ සෙසුනිලයින් අමතමින් පුහුණුවේ ඇති වැදගත්කම සිහිපත් කළ අතර එම අවස්ථාවට තමාට ආරාධනා කිරීම පිළිබඳව සියලුදෙනාට ස්තූතිය පුද කළේය.
ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ ඉතිහාසය සහ එහි ඇති වැදගත්කම අවධාරණය කල යුද්ධ හමුදාධිපතිතුමන් රටේ ආරක්ෂාව උදෙසා ගුවන් සංක්‍රමික පුහුණු පාසල සිදුකරනු ලබන අනගි දායකත්වය ද මෙහිදි අගය කළේය.
popular news
කාන්තාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
නන්දන ගුණතිලකට ලාල් කාන්ත ලකුණු 0 දුන්නේ මෙහෙමයි
මේ දවස්වල සීතලට හේතුව මෙන්න
ලෝක විවාහක රූ රැජින තරගාවලියට සබීනා ඇමෙරිකාවට
ඉන්දුනීසියාවේ විශාලම පොල් ආශ්රිත සැකසුම් සමාගම් සී.බී.එල්. අත්පත් කර ගනියි
නන්දන ගුණතිලක සමුගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd