හැමකෙනාටම ගොඩ එන්න උත්තරය මමයි - ගෝඨා
ජනතාව මේ වන විට පවතින ගැටලුවලින් උඩට ඒමට අපේක්ෂා කරන බවත් ඒ වෙනුවෙන් ඇති පිළිතුර තමන් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඊයේ (20දා) කොළඹදී පැවැති ආගමික වැඩසටහනකින් පසුව අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එසේම මෙම උත්සව සභාවට අමාත්‍ය නවින් දිසානායක මහතාද එක්ව සිටි අතර එහිදී අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා අනාගත ජනාධිපති අපේක්ෂකයා බවයි.
එයට පිළිතුරු දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ නවීන් දිසානායක මහතාගේ මාමණ්ඩිය වන කථා නායක කරු ජයසූරිය අනාගත ජනපති අපේක්ෂකයා වන බවට තමන් දන්නා බවයි.
නවීන් දිසානායක - “මේ කෙටි උත්සව සභාව ඉතාමත් ඉක්මනින් අවසන් කරනවා. අපෙගේ අනාගත ජනාධිපති අපේක්ෂකතුමාටත් තවත් උත්සව රාශියක් තිබෙනවා ඇති කියලා මම හිතනවා. සිංහල බෞද්ධයන්ගේ ඡන්දවලින් තමයි ඕනෑම ආණ්ඩුවක් පෙරෙලෙන්නේ ඇතිවෙන්නේ. සුදුස්සාට නියම තැන දිය යුතුයි. අපි ඒක ප්‍රාර්ථනා කරනවා.”
ගෝඨාභය රාජපක්ෂ - “මම ස්තූතිවන්ත වෙනවා මගේ මිත්‍ර නවීන් දිසානායක ඇමතිතුමාට මාව ජනාධිපති අපේක්ෂකයෙක් කිරීම සම්බන්ධයෙන්. මමත් ප්‍රාර්ථනා කරනවා එතුමාගේ ශ්‍රේෂ්ඨ පියානන්ට කරන්නට නොහැකි වූ දේ ඔබතුමාට කරන්න පුළුවන් වේවා කියා.ඒ වගේම මම දන්නවා ඔබගේ මාමණ්ඩිය (කරු ජයසූරිය) නම් අනාගත ජනාධිපති අපේක්ෂකයෙක් වෙනවා කියලා.”
මෙහිදි මාධ්‍යවේදීන් නැගූ ප්රශණ්වලට පිළිතුරු දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා,
“ඉදිරියට අපේ පොදුජන පෙරමුණේ පදනම මුල්කරගෙන ඒ කාර්යය ඉදිරියට ගෙනියනවා. ජනතාව ඇයි මාව එහෙම ඉල්ලනේ. ඒ අය මගෙන් දැකපු ඒ අයට අවශ්‍ය ලක්ෂණ මගේ තියෙන නිසා. ජනතාව දැක්කා මගේ වැඩ කිරීමේ හැකියාව. මට නායකත්වයක් දුන්නොත් මගේ බලාපොරොත්තුවකුත්, කාලයකුත් නෑ දිගින් දිගටම දේශපාලනයේ රැඳිලා ඉන්න.
මම ඉස්සරහට වැඩ කරන්නෙත් හුදෙක්ම අරමුණ ඉෂ්ඨ කර ගැනීම සඳහා පමණයි. ඒ අයට (සුළු ජන කොටස්වලට) වැටහෙනවා අද තියෙන තත්ත්වය මොකක්ද කියලා. හැම කෙනාටම ගොඩ එන්න ඕන. මම තමයි ඉතින් හොඳම උතතරය ගොඩ එන්න.”







popular news
-
Champa Thursday, 21 March 2019 04:53 PM
අලුත් ජනාධිපති කෙනෙක් ඕනේ කාට කාටත් ගොඩ එන්න නෙමෙයි. රටට ගොඩ එන්න. ඔබ අලුත් කෙනෙක් නෙමෙයි. පරණ දේශපාලනයේම දිගුවක්. ඔබටයි කියලා ප්‍රතිපත්ති ඇත්තෙත් නැහැ. ඔබේ ප්‍රතිපත්ති කාගේ හරි ප්‍රතිපත්ති. ලංකාවේ ඊළඟ ජනාධිපති ඔබ නෙමෙයි. සියයට දෙසීයක් විශ්වාසෙන් කියනවා.
Reply : 0 0
chathuri Thursday, 21 March 2019 07:02 PM
සේරම ගොඩගන්න ඔබද. හොඳම. කෙනා. එක. වෙන්න කලින්. බලයේ. ඉන්නකොට. වළදාපු කට්ටිය. ගොඩ. ගන්න. ඒ. පවුල්. වලට. සදරණය. ඉෂ්ට. කරන්න. , එක මිනිහෙක්. කිව්වට ඔබයි අනාගත. ජනාදිපති කියල , රටේ. බුද්දිමත්. ජනතාව. තමයි. නායක යව තෝරන්නේ. රතු පස්වල සිද්දිය මතකද බොන්න. වතුර. ඉල්ලපු ජනතාවට සැලකුවේ. වෙඩි. උණ්ඩයෙන්. , සිරකරුවන්ට සලකපු. හැටි ,මොන. මොඩයද බිත්ති හතරට. වෙලා. සිරබත්. කන. රැදවියන්ට තුවක්කුව. දික්. කරන්නේ මාද්‍ය වේදීන්. ඉන්නේ. රටේ වෙන දේවල්. ලෝකෙට. කියන්නත්.ලෝකේ. වෙන දේවල් රටට. කියන්නත් ඒ මිනිසුන්වත් මැරුවා , ඒ මදිවට ඒ ගැන. ප්‍රශ්න කරලා. අහනකොට මතකද . දීපු උත්තර. , මේවගේ. හිවල්ලුද ජනාදිපති කරන්නේ. රාජ පක්ෂවරු හිතන්. ඉන්නේ. මේ කට්ටියට. විතරයි. රට. කරන්නපුළුවන් කියල. , නැහැ. මොවුන්ට. ලජ්ජා නැහැ. , මහින්දට ලැජ්ජාව කියනදේ. දන්නෙත්. නැහැ , දෙඅමව්. පියන්ගේ. සොහොන හැදුවේ. දුප්පත්. රටේ සල්ලි. වලින්. දුෂ්කර. ගමක්. ගොඩ ගන්න තිබුන ඒ මුදලින්. සුදු රෙද්ද ඇන්දට. මුන්. හිගන්නෝ , නැවත. රට බර. දුන්න. කියන්නේ. ජනතාවගේ රටේ අවසානේ දෙවියනි ජනතාවට වැඩි. වැඩියෙන්. මොලේ. දෙන්න. කපටි. කොට මොඩයින්ගෙන්. රට බේරා. ගන්න
Reply : 15 2
rocky Friday, 22 March 2019 06:17 AM
ගොඩ එන්න නෙවි, පොලොව යටට යන්න .. නැත් නම් අළු වෙන්න!
Reply : 5 0
Hewa Sunday, 24 March 2019 09:31 PM
කවුරු ගොඩ නොගියත් මෙයා, දුමින්ද සිල්වා ගොඩ දාවි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

