ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා
ගංවතුරෙන් විපතට පත්වූවන් වෙනුවෙන් කොළඹ විශාඛා විද්යාලයේජ්යෙෂ්ඨ ශිෂ්‍යනායක කණ්ඩායම එකමුතුවෙන් රුපියල් ලක්ෂ පහක පමණ වටිනාකමකින් යුතු ආහාර, ඇඳුම් පැලඳුම් හා අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් අවතැන්වූවන්ට ලබාදීම බුලත්සිංහල පරගොඩ විහාරයේදී සිදුකෙරුණි.
විශාඛා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍යනායිකාව වන ලක්ෂි රණසිංහ ශිෂ්‍යාව ඇගේ පියාණන්වන බටහිර ආඥාපති මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතාගේ සහායෙන්මෙම සද්කාර්ය සිදුකළාය.
මෙහිදී යුද හමුදානිලධාරීන්ගේ සහයෝගයෙන් භූම් ට්‍රක් යන්ත්‍ර මගින් අතිදුෂ්කරව තිබූ මෙම ස්ථානයටම ළඟාවීමෙන් අනතුරුව ජරගොඩ ගම්මානයේ සියලුදෙනාටභාණ්ඩ බෙදාදීමට කටයුතු කරන ලදී.
ලක්ෂි ශිෂ්‍යාවගේ මෑණියන් වන විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ඉරෝමි රණසිංහ මහත්මියද මේ සඳහා එක්ව සිටියාය.විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනී සඳමාලි අවිරුප්පෙරුම මහත්මිය සහ ශිෂ්‍යනායිකා මණ්ඩලය භාර ආචාර්ය මණ්ඩලය මේ සඳහා මහත් කැපවීමකින් කටයුතු කර තිබුණි.
popular news
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බද්ද ගැන අභියාචනාධිකරණයේ තිරණය
මස්ක්ගේ ඩොලර් ට්රිලියනක වැටුප් පැකේජයට අනුමැතිය
පාසල් නිවාඩුව හෙටින් ආරම්භ වෙයි - යළි ආරම්භ වන දිනත් ප්‍රකාශයට පත් කෙරේ
ඇමෙරිකාවේ ගුවන් තොටුපොළ 40ක් අවදානමේ
උඩපන්දුවක් මරණය ගෙනෙයි
අදානි අත්හල සුලං කුරුල්ලාට කුරුල්ලනුත් හරස්වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd