ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා
(UPDATE) නව ගුවන් හමුදාපති එයාර් වයිෂ් මාෂල් කපිල ජයම්පති මහතා අද (14දා) සිය ධුරයේ වැඩ බාර ගත්තේය. ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් රාශියක් එම අවස්ථාවට එක්ව සිටියහ. ගුවන් හමුදාපතිවරයා වෙනුවෙන් උත්තමාචාර පෙළපාළියක්ද කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැතියේය.
නව ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා හෙට (14දා) නිල වශයෙන් සිය ධුරයේ වැඩ බාර ගැනීමට නියමිත බව ගුවන් හමුදා මාධ්‍ය එ්කකය සදහන් කරනවා. නව ගුවන් හමුදාපති ලෙස කපිල ජයම්පති මහතා ඊයේ (12දා) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබීය. ඔහු නාලන්දා විදුහලේ ආදි සිසුවෙකි.
එයාර් වයිස් මාෂල් කපිල ජයම්පති මහතා එයාර් මාෂලa තනතුරට පත්කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපති වශයෙන් පත්කර තිබෙනවා. කැඩෙට් නිලධාරියෙකු ලෙස 1982 වසරේදී ගුවන් හමුදා දිවිය ආරම්භ කර ඇති කපිල ජයම්පති මහතා 1985 වසරේදී අධිකාරියට පත්ව තිබෙනවා.
වසර 34ක හමුදා දිවියේදී වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම පදක්කම, රණ සේවා පදක්කම යන හමුදා ක්ෂේත්රයේ ඉහළම පදක්කම් හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා. ඔහු කොළඹ නාලන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකුද වෙනවා.
හිටපු ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල මහතාද කොළඹ නාලන්දා විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වෙයි.
popular news
නොරොච්චෝලේ අළු වලින් හැදූ පුත්තම අධිකරණය
ගෘහස්ත ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු පර්ත් පුහුණුකරු ධුරයකට යයි
ඉෂාරා දේවින්දි රිය අනතුරකින් මරුට
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
කථාකරන AI රොබෝ හැදූ නිවුන් සහෝදරයෝ
වර්ණවීර ජීවන පිටියෙන් සමුගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd