ADA
www.ada.lk
2026 ජනවාරි මස 10 වන සෙනසුරාදා
නුවරඑලිය ග්‍රෙගරිවැවේ ගොඩබැස්වීමට ගිය සී ගුවන් යානයක් (07) දින දහවල් 12:30ට පමණ ග්‍රෙගරිවැවේ කඩා වැටීමෙන් එම ගුවන් යානයේ ගමන් ගත් ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කල බව නුවරඑලිය පොලිසිය පැවසීය.
එම ගුවන් යානය නුවරඑලියට පැමිණ සිටින සංචාරකයන් පිරිසක් රැගෙන යැමට පැමිණි අවස්ථානවේ මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.
මෙසේ අනතුරට පත් වී ඇත්තේ සිනමන් එයා සමාගමට අයත් සෙස්නා වර්ගයේ ගුවන් යානයකි. ගුවන් යනයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා ජලාශයේ බෝට්ටු සංචාරයේ යෙදෙන පිරිස් විසින් මුදවාගෙන ඇත.
ගුවන් අනතුරින් තුවාල ලබා රෝහල් ගත කල ගුවන් නියමුවන් දෙදෙනාගේ තත්වය බරපතල නොවන බවයි නුවරඑලිය දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය නිහාල් ජයසූරිය මහතා පැවසීය.
popular news
කුවේට් යන්න ගිය ශ්‍රී ලන්කන් යානය පැය දෙකකට පසු ආපසු එයි
පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි
ග්‍රෙගරි වැවේ අනතුරට පත් සෙස්නා ගුවන් යානය ගොඩගැනිමේ උත්සහය ව්‍යර්ථ වෙයි
ඉන්ධන මිල ඉහළට
’පොලිස් නිවේදනය’ පොලීසියේ නෙමෙයි
ලංකාවට තවත් ජර්මන් ටෙක් ආයතනයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd