www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
නුවරඑලිය ග්‍රෙගරිවැවේ ගොඩබැස්වීමට ගිය සී ගුවන් යානයක් (07) දින දහවල් 12:30ට පමණ ග්‍රෙගරිවැවේ කඩා වැටීමෙන් එම ගුවන් යානයේ ගමන් ගත් ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කල බව නුවරඑලිය පොලිසිය පැවසීය.
එම ගුවන් යානය නුවරඑලියට පැමිණ සිටින සංචාරකයන් පිරිසක් රැගෙන යැමට පැමිණි අවස්ථානවේ මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.
මෙසේ අනතුරට පත් වී ඇත්තේ සිනමන් එයා සමාගමට අයත් සෙස්නා වර්ගයේ ගුවන් යානයකි. ගුවන් යනයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා ජලාශයේ බෝට්ටු සංචාරයේ යෙදෙන පිරිස් විසින් මුදවාගෙන ඇත.
ගුවන් අනතුරින් තුවාල ලබා රෝහල් ගත කල ගුවන් නියමුවන් දෙදෙනාගේ තත්වය බරපතල නොවන බවයි නුවරඑලිය දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය නිහාල් ජයසූරිය මහතා පැවසීය.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd