දිඹුලාගල ඇල්ලේවැව වැවෙහි 08 වෙනිදා උදෑසන 9.00 ට පමණ දියණෑමට ගිය මවක ,දියණියක්, සහ අඹුසැමි යුවළක්, ඇතුළු සිව්දෙනකු දියේ ගිලී මියගොස්, තවත් වයස අවුරුදු දාහතරක දියණියක් දෙහිඅත්තකණ්ඩිය රෝහලේ ප්රතිකාර ලබන බව අරලගංවිල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ රත්මලාන ප්රදේශයේ සිට ඇල්ලේවැව ප්රදේශයේ ඥාති නිවසකට ගොස් වැවෙහි දිය නෑවට ගිය සිව් දෙනකු බව ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන අරලගංවිල පොලිසිය සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ එෆ් 11 බංගලාවත්ත රත්මලාන ප්රදේශයේ පදිංචිව සිටි, ලිහිණි පතිනිකාද සිල්වා,[ 13] කේ. මේනකා දර්ශනී [ 30 ] ගුනානන්ද වඩුගේ රුවන් තාරක ද සිල්වා, [ 27] මල්ලිකා ආරච්චිගේ තිලෝකමා තිලකරත්න [25] බව ඒ සම්බන්ධ පරීක්ෂණ පවත්වන අරලගංවිල පොලිසිය පවසයි.
මියගිය අයවලුන් අතර මව සහ දියණියක් හා අඹුසැමි යුවළක් ද සිටින බව පොලිසිය පවසයි.
මියගිය කේ. මේනකා දර්ශනි, ලිහිණි පතිනිකාද සිල්වා යන අය මව හා දියණිය වන අතර, ගුනානන්ද වඩුගේ රුවන් තාරක ද සිල්වා සහ මල්ලිකා ආරච්චිගේ තිලෝකමා තිලකරත්න අඹුසැමි යුවළ වන බව පොලිසිය කියයි.
දියේ ගිලී බේරාගත් අවුරුදු 14 ක දියණියක් දෙහිඅත්තකණ්ඩිය රෝහලේ ප්රතිකාර ලබන බවද පොලිසිය පවසයි.
දියේ ගිලුණු පස්දෙනාගෙන් තිදෙනෙකු ප්රදේශයේ ධීවරයින් සහ තරුණයන් විසින් බේරාගෙන දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් දෙදෙනෙකු මියගිය බවද පොලිසිය සඳහන් කරයි.
අනිත් දෙදෙනාගේ සිරුරු පැය කිහිපයකට පසු සොයාගැනීමට හැකිවූ බවද අරලගංවිල පොලිසිය පවසයි.
ඇල්ලේවැව 332 ලිපිනයේ පදිංචි කේ. රංග ප්රියදර්ශන මහතාගේ ඥාති නිවසට ඔවුන් 08 අටවෙනිදා පැමිණීමෙන් අනතුරුව ඇලේ වැවෙහි දියණෑමට ගොස් මෙම අනතුරට මුහුණ පා ඇති බව පැමිණ ඇති බව අරලගංවිල වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ප්රදීප් සෙනෙවිරත්න මහතා අප කළ විමසීමකදී පැවසීය.
ඇල්ලේවැව වැවෙහි දිය නෑමට ගිය අවස්ථාවේදී පිරිමි පුද්ගලයා පළමුව ගැඹුරු ස්ථානයේ ගිලීමත් සමග ඔහු බේරා ගැනීම සඳහා මෙම කාන්තාවන් තිදෙනා වැවට පැන ඇති අතර එහිදී ඔවුන්ද දියේ ගිලි ඇති බව මූලික පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවද පොලිසිය සඳහන් කරයි.
අරලගංවිල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල මහතාගේ උපදෙස් මත අරලගංවිල වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ප්රදීප් සෙනවිරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් මෙම අනතුරු පිළිබඳ ව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
මනම්පිටිය නිමල් ජයරත්න




