Singtrix Karaoke- සුවිශේෂී ගායන හැකියාවක් සඳහා
ඔබ වෘත්තීමය ගායකයෙක් හෝ ගායිකාවක් නොවුණත්, කැරොකි මගින් ඔබට ඔබගේ ප්‍රියතම ගීතය එහි සම්පූර්ණ පසුතල වාදනය සමගින් ඉදිරිපත් කිරීමට ඉඩ ලබාදෙන බව සියලු දෙනාම දන්නා කරැණකි. කෙසේ වුවත් ගැටලුව වන්නේ ඒ සෑමදෙයක්ම සමගින් වුවත් තවමත් ඔබගේ ප්‍රියතම ගායකයා හෝ ගායිකාවගේ සුන්දර කටහඬ හා සංසන්දනය කරන විට ඔබට ගායන හැකියාවක් නොමැති බව ඔබටම හැඟී යාමයි.
Singtrix Karaoke සුවිශේෂී වන්නේ මේ කාරණාවේදීය. Singtrix යනු ඔබගේ කටහඬ ගායනයට උචිත ලෙසින් වෙනස් කරන්නට සමත් හඬ ප්‍රයෝග ස්ථාපිතව පැමිණෙන වඩාත් දියුණු කැරොකි යන්ත්‍රයක් ලෙසින් හැඳින්විය හැක.
මෙම Singtrix කැරොකි පද්ධතිය මයික්‍රෆෝනයකින්, පාලක ඒකකයකින් සහ සබ් වූෆර්වලින් සමන්විත 40-watt 2.1 ස්පීකර් පද්ධතියකින් යුක්ත වේ. එසේම මෙම පද්ධතියට අමතර මයික්රෆෝනයක්ද අවශ්‍ය නම් සවි කළ හැකිය. Singtrix කැරොකි පද්ධතිය නිර්මාණය කර තිබෙන්නේ ඔබගේ iOS හෝ Android ස්මාට්ෆෝනයට ස්ථාපනය කළ හැකි විශේෂ Singtrix යෙදුම සමගින් එක්ව කටයුතු කිරීමටය. ඒ සමගින් ඔබට 13,000කට අධික කැරොකි ගීත ප්‍රමාණයක් තුළින් ඔබ කැමති ගීත තෝරාගැනීමටද ඉඩ ලැබෙනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

