වෙළෙඳ පොළේ මේ වනවිට තරගකාරී ෆැබ්ලට් උපාංගයන් බොහෝමයක් තිබුණද, තවමත් Galaxy Note උපාංග පෙළ වෙත ආකර්ෂණයක් දක්නට තිබේ.
මෙම තත්වය යටතේ නවතම Samsung Galaxy Note 8 උපාංගය එළිදැක්වෙන්නේ කෙදිනකද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනා අවධානයෙන් සිටි අතර, අවසානයේ එය නිල වශයෙන් නිවේදනයවී තිබේ. සැප්තැම්බර් මස 14 වන දිනයේදී ඉතාලියේදී මෙම Galaxy Note8 උපාංගය නිල වශයෙන් එළිදැක්වීමට නියමිතව තිබෙනා අතර, පෙර ඇණවුම්ද සිදු කිරීමට හැකියාව තිබේ.