දකුණු කොරියාවෙන් අන්තර්ජාලයට නිකුත් වුණු වාර්තාවලට අනුව Samsung සමාගම ඔවුන්ගේ මෙම වසරේ ෆ්ලෑග්ෂිප් උපාංගය වන Galaxy S7 උපාංග මිලියන 5ක් පළමු වාරය වෙනුවෙන් පමණක් නිකුත් කිරීමට සූදානම්ව සිටී.
එම වාර්තාවලට අනුව මෙම උපාංගය Galaxy S6 සේම සංස්කරණ දෙකකින් වෙළඳ පොළට නිකුත්වනු ඇති. ඒ අඟල් 5.2ක පැතලි තිර සාමාන්‍ය උපාංගයක් ලෙසින් සහ අඟල් 5.5ක edge උපාංයක් ලෙසිනි. ඒ අනුව පළමු වර නිකුත් කරන උපාංග මිලියන 5න් මිලියන 3.3ක් සාමාන්‍ය පැතලි තිර උපාංග ලෙසත් අනෙක් මිලියන 1.7 අඟල් 5.5ක edge උපාංග ලෙසත් වෙළඳ පොළට නිකුත් කරනු ඇති.
අවසානයට නිකුත් වුනු නිල නොලත් වාර්තාවලින් මෙම උපාංගය විවිධ සංස්කරණයන් 4කින් යුක්ත වනු ඇති බව පැවසේ. Galaxy S7, S7 plus, S7 edge සහ S7 edge Plus ලෙසින් එම සංස්කරණ දැක්වෙනු ඇති.
එසේම අවසානයට එම සටහන දක්වන තවත් කරුණක් ලෙස Samsung සමාගම මෙම උපාංගයේ නිකුතුව 2016 වසරේ පෙබරවාරියේදී පමණ සිදුකිරීමට නියමිතය.