මේ වනවිට ලෝකයේ තරගකාරී මැසෙන්ජර් සේවාවන් බොහෝ තිබේ. වට්ස් ඇප්, වයිබර් වැනි සේවාවන් මෙයින් කාලයක් තිස්සේ පැවතුණු අතර ෆේස්බුක් මැසෙන්ජර් වැනි සේවාවන් සාපේක්ෂව මෑතකදී මෙම තරගයට එක් වුණි. කෙසේ වෙතත් මෙතෙක් ස්කයිප් වැනි සේවාවන් සමගින් පමණක් හිමිව තිබූ වීඩියෝ කෝල් පහසුකම් ෆේස්බුක් මැසෙන්ජර් වැනි සේවාවන් සමගින්ද ලැබෙන්නට පටන් ගැනීමත් සමග, වට්ස් ඇප් වැනි සේවාවන් භාවිත කළ බොහෝ දෙනෙක් එම පහසුකම් තමන්ටත් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරති.
ඔවුන්ගේ එම අපේක්ෂාවන් නොබෝදිනකින්ම මල්ඵල ගැන්වෙනු ඇත. ඒ සම්බන්ධව නව වට්ස්ඇප් හිමිකරුවා වූ මාක් සකර්බර්ග් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ප්රකාශයක්ද පළ කරන ලදී. ඒ අනුව Android, iOS, Windows හරහා වට්ස් ඇප් යෙදුම භාවිතා කරනා බිලියනයකට අධික පරිශීලකයන්ට මේ හරහා වීඩියෝ කෝල් සම්බන්ධතා පවත්වන්නට හැකියාව ලැබේ. ඒ අනුව මෙතෙක් මිතුරු හවුල් වෙත පමණක් සීමිතව තිබූ වට්ස් ඇප් පරිශීලනය ව්යාපාරික මට්ටමේ කතාබහ දක්වා පවා යනු ඇති බවට බොහෝ දෙනෙක් අනාවැකි පළකර සිටිති.