බිලියනයකට ආසන්න ඇන්ඩ්‍රොයිඩ් උපාංගවලට ආපු ලෙඩේ
ලොව ඇන්ඩ්‍රොයිඩ් මගින් බලගැන්වෙන ස්මාට්ෆෝන් මිලියන නවසියයකට අධික සංඛ්‍යාවකට වැලඳුනු ලෙඩක් ගැන ලැබුණු ආරංචියකින් තාක්ෂණික ලෝකයම කැළඹෙනවා. එය සැම්සන්ග් සමාගම මෑතකදීම නිකුත් කළ සැම්සන්ග් ගැලක්සි S7 වෙත සේම, ලොව ආරක්ෂිතම ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝනය යැයි හැඳින්වෙන බ්ලැක්බෙරි DTEK50 වෙතද වැලඳීමට සමත්ව ඇත. මෙය Qualcomm චිප පද්ධතියක් සහිත උපාංගවලට පැමිණෙන්නක් වන අතර එය දැනට නම් කර ඇත්තේ QuadRooter ලෙසිනි.
හැකර්වරුන් මෙයින් අයුතු ප්‍ර‘යෝජන ගන්නේ නම් ඔවුන් ස්මාට්ෆෝනයක සම්පූර්ණ පද්ධතියකට ඇතුළු වීමේ හැකියාව පවතිනවා. එමගින් උපාංගයේ අන්තර්ගත කර ඇති සියලු දත්ත සොරාගත හැකියි. ඒ වෙනුවෙන් හැකර්වරයෙකුට සිදුකිරීමට ඇත්තේ උපාංගයේ පරිශීලකයා ලවා උපාංගයේ සියලු තැන් වෙත ළඟා විය හැකි ඇප් එකක් ඉන්ස්ටෝල් කරවීම පමණයි.
මෙම චිප පද්ධති නිෂ්පාදනය කරන සමාගම පවසන්නේ ඔවුන් එයට විසඳුම් සලසා ඇති බවයි. ඒවා ඇන්ඩ්රොයිඩ්හී මාසික ආරක්ෂණ යාවත්කාලීනයත් සමග ඔබේ ස්මාට්ෆෝනයට පැමිණෙනු ඇති. එසේම ඔබේ උපාංගයටත් හානි වී ඇති දැයි දැන ගැනීමට හැකි ස්කෑන් ඇප් එකක්ද මේ වනවිට ගූගල් ප්ලේ ස්ටෝර් වෙත නිකුත් කර තිබෙනවා.
.jpg)
මූලාශ්‍රය - http://blog.checkpoint.com/
QuadRooter Scanner භාගත කිරීමට - https://goo.gl/9w4244
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

