බ්ලැක්බෙරි සමාගම සිය නවතම ස්මාට්ෆෝන් උපාංග තුනක් නිකුත් කිරීමට සූදානම්ව සිටී. Neon, Argon සහ Mercury ලෙසින් එම උපාංග නම්වනු ඇත. මෙම උපාංග ඇල්කටෙල් සමාගමෙන් නිපදවෙනු ඇත. එකකට එකක් තරගකාරී ලෙස මෙම උපාංග නිමවෙනු ඇති බවට අදහස් දැක්වෙන අතර, එම තරගකාරීත්වය මෙම උපාංගයන්ගේ හැඩයෙන්, නිමාවෙන්, විශේෂාංගයන්ගෙන් මෙන්ම මිලෙන්ද සංසන්දනය වනු ඇත.
මෙහිදී Neon මධ්‍යම ශක්‍යතාවයන් සහිත උපාංගයක් වනු ඇති අතර එහි බ්ලැක්බෙරි හඳුන්වාදුන් භෞතික කීබෝඩය නොමැති වීම දැකිය හැක.
Argon ඉන් එහා ගොස් ඉහළ ශක්‍යතා මට්ටමේ උපාංගයක් ලෙස වෙෙළඳ පොළට එන අතර එයට 5.5 inch QHD තිරයක්, Snapdragon 820 ප්‍රොසෙසරයක්, 4GB රැම් අගයක්, 32GB අභ්‍යන්තර මතකයක්, 3,000mAh බැටරියක් මෙන්ම finger print scanner ඇතුළු බොහෝ විශේෂාංග අන්තර්ගත වනු ඇත. එය එළඹෙන ඔක්තෝබරයේදී නිකුත් වන්නට නියමිත වේ.
එසේම මීළඟ වසර මුලදී නිකුත් වීමට නියමිත Mercury ස්මාට්ෆෝනය සුපුරුදු බ්ලැක්බෙරි භෞතික කීබෝඩයත් සමගින් ඉහළ ශක්‍යතා ස්මාට්ෆෝනයක් ලෙසින් නිමවෙනු ඇතැයි පැවසෙයි.