ස්මාර්ට්ෆෝන් දිනෙන් දින තාක්ෂණයෙන් සහ හැඩයෙන් දියුණුවෙමින් ඉහළට එන විට බොහෝ දෙනෙකු ඒ ඒ ස්මාර්ට්ෆෝන්වලට භෞතිකව සිදුවිය හැකි හානි අවම කරගැනීම පිළිබඳව අවධානය යොමු කරනු දැකිය හැකි තත්ත්වයකි. මේ අනුව මීට වසරකට පමණ පෙරාතුව සිට ශ්‍රී ලංකාව තුළද යම් යම් කතාබහ ඇති කළ ස්මාට්ෆෝන වර්ගයක් ලෙස Cat දැක්විය හැකි අතර, Cat නිෂ්පාදන ඉන්පෙරද සපත්තු සහ ටී ෂර්ට් ලෙසින් ශ්‍රී ලාංකික තාරුණ්‍යය ආක්‍රමණය කළේය. මෙම ස්මාට්ෆෝන් වෙළෙඳපොළට පිවිසීම බොහෝ දෙනෙකු අශාවෙන් වැලඳගන්නා ආරංචියක් වනු ඇත.
මෙම උපාංගයේ ප්‍රධානතම විශේෂාංගය වන්නේ එහි අඩංගු සුවිශේෂී ආරක්ෂාවයි. එය දුහුවිල්ලෙන් ආරක්ෂිතය. එය මීටරයක් ගැඹුරු වතුරේ මිනිත්තු 60ක් දක්වා ගිලී තිබුණද ජලයෙන් ආරක්ෂිතය. ඒ බවට IP68 සහතිකය ඇත. මීටර 1.8ක උසකින් කොන්ක්‍රීට් මත වැටුණද මෙයට හානි නොවන බවට වගකියනු ලැබේ. MIL-STD-810G සහතිකය නිසා ලුණු බැඳීම, දුහුවිල්ල, ආර්ද්‍රතාව, වැස්ස, ඝර්ෂණය, හිරු රැස්වල කිරණින් සිදුවන හානි, ප්‍රවාහන මාධ්‍යයේදි සිදුවන ගැස්සීම් සහ රත්වීමෙන් සිදුවන හානිවලින්ද මෙම උපාංගය ආරක්ෂිතය.
අඟල් 4.5ක TFT capacitive touchscreen තිරයක් මෙහි වෙයි. එයට Corning Gorilla Glass 3 ආරක්ෂාව ඇති අතර මල්ටිටච් පහසුකමද ඇත.Quad-core 1.1 GHz Cortex-A7 ප්‍රොසෙසරයෙන් බලගැන්වෙන මෙයAndroid OS, v5.1 (Lollipop) මෙහෙයුම් පද්ධති සංස්කරණයෙන් බලගැන්වෙයි.
8 GB ප්‍රධාන මතකයක් සහ1 GB RAM අගයක් අභ්‍යන්තරිකව අඩංගු අතර බාහිරින් ගිගාබයිට් 64ක් දක්වා මතකය එක් කළ හැක.මෙගාපික්සල් පහක ප්‍රධාන කැමරාවකි. ද්විතියික කැමරාවක්ද සහිතව සියලු තොරතුරු තාක්ෂණ ක්රමෝපායන් මෙහි අඩංගුවේ. ඉවත් කළ නොහැකි Li-Ion 3000 mAh බැටරියක් අන්තර්ගත නිසා මෙම උපාංගය ඉහළ ජවයකින් භාවිත කළ හැකිවනු ඇති අතර, මෙහි සුවිශේෂී පෙනුම නිසා වඩා සාර්ථක අලෙවියක් පෙන්වනු ඇත.