මෙම ස්මාට්ෆෝනය නිකුත් වෙන බවට නිවේදනය වෙන්නේ පසුගිය ජුලි මාසයේ වුවද, එය නිකුත් වන්නේ මේ මාසයේදී වේ. අඟල් හයකට ආසන්න උසකින් යුක්ත මෙම ස්මාට්ෆෝනයේ සැලකිය යුතු තරම් විශේෂ ආකර්ෂණීය හැඩයක් අඩංගු නැත. එහෙත් එය සැලකිය යුතු විශේෂාංග සහිත භාවිතයට පහසු ස්මාට්ෆෝනයකි. එහි අඟල් 5.5ක IPS LCD capacitive touch screen වර්ගයේ තිරයක් අන්තර්ගතය.
මෙම LG X5 ස්මාට්ෆෝනය ඇන්ඩ්‍රොයිඩ් 6.0 මාෂ්මෙලෝ සංස්කරණයෙන් බලගැන්වේ. Quad-core 1.3 GHz වර්ගයේ ප්‍රොසෙසරයක්, microSD මතක චිප හරහා 32 GB දක්වා ඉහළ දැමිය හැකි බාහිර මතකයක්, 16 GB ක අභ්‍යන්තර මතකයක් සහ 2 GBක RAM අගයක් මෙහි අන්තර්ගත වේ.මෙහි ප්‍රධාන කැමරාව 13 MPක විභේදනයකින් යුක්ත වන අතර autofocus සහ LED flash පහසුකම් අන්තර්ගතය. එයට Geo-tagging, touch focus, face detection, HDR, panorama විශේෂාංගද ඇතුළත්ය. මෙයට මෙගාපික්සල් 5ක ඉදිරිපස ද්විතීයික කැමරාවක්ද ඇතුළත්ය.
FM radio පහසුකමද සහිතව බොහෝ තොරතුරු තාක්ෂණවේදයන් සමගින් සන්නද්ධ මෙම උපාංගය කාර්යබහුල ජීවිතයේ විනෝදය ලබාගැනීමේ ඉසිඹුවකට මෙන්ම කාර්යාලීය කටයුතු සඳහාද උපයෝගී කරගත හැකි ස්මාට්ෆෝනයකි. මෙහි ක්‍රියාකාරිත්වය Accelerometer, proximity, compass වැනි සංවේදකයන් සමග සන්නද්ධය. Removable Li-Ion 2800 mAh battery වර්ගයේ බැටරියක් මෙහි අන්තර්ගත වන අතර, ශ්‍රී ලාංකික අපට වඩාත් ආකර්ෂණීය ස්මාට්ෆෝනයක් බවට මෙය පත්වනු ඇතැයි බලාපොරොත්තු තබාගත හැක.