WhatsApp කියන වේදිකාව බොහොදෙනෙකුට තමුන්ගේ අදහස් බෙදාගැනීම සහ සන්නිවේදනය කියන කාරණාව වෙනුවෙන් මහඟු සේවයක් කරන තැනක්. WhatsApp අතිවිශාල ව්‍යාපාරයක් වන්නේ ඒ හා අතිවිශාල පරිශීලකයින් පිරිසක් සම්බන්ධ වෙලා සිටින නිසායි. ඒ අනුව බලද්දී WhatsApp යනු සන්නිවේදනයේ උපරිම නිදහස මිනිසුන් වෙනුවෙන් ඇති කළ තැනක් විදියට හඳුන්වන්නට පුළුවන්. මෙම කෙටි පුවත් WhatsApp තුළදී අලුතින් හඳුන්වා දෙන තවත් සංස්කරණයක් පිළිබඳවයි.
Location Sharing නොහොත් තමන් සිටින ස්ථානය අනෙකා හා බෙදාගැනීමේ හැකියාව WhatsApp වෙත මෙලෙස හඳුන්වා දෙනවා. ඒ අනුව අන්තර්ජාල ලෝකයේ මැවෙන කල්ලියක, භෞතික මුණගැසිම් ඵලදරන්නට මෙම තාක්ෂණය වඩාත් යෝග්‍ය වනු ඇත. එසේම තමුන් නොදත් පළාතක සිටින විට තමුන් මේ මොහොතේ සිටින ස්ථානය අනෙකෙකුට පවසන්නට සහ ඒ ඇසුරෙන් උදවුවක් ලබාගන්නට මෙම ක්‍රමය වඩා යෝග්‍යයි. ඇපල් අයිඕඑස් සහ ඇන්ඩ්‍රොයිඩ් වෙත මෙම සේවය පළමුවෙන්ම හිමි වනු ඇත. එසේම අනාගතයේදී තවත් අලුත් සංස්කරණයන් කිහිපයක්ම වඩා ප්‍රයෝජනවත් ලෙසින් එක් කිරීමට WhatsApp සූදානම්.
මෙම හැකියාව මින් පෙර ගූග්ල් මැප්ස් සහ ෆේස්බුක් මෙසෙන්ජරයේද දැකිය හැකි වුවත් බොහෝදෙනෙකු සම්බන්ධව සිටින කතාබහ කරන මෙවැනි වේදිකාවක මෙම හැකියාව නොමැති වීම අඩුපාඩුවක්ව පැවතිණි.