ADA
www.ada.lk
2025 ජුලි මස 12 වන සෙනසුරාදා
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සයිබර් ආරක්ෂාව පිළිබඳ පුහුණුව සහ උපදේශකත්වය ලබා දෙන CICRA Consultancies සමාගම සහ ශ්‍රී ලංකාවේ එකම ව්‍යාපාරික පුවත්පත වන DailyFT පුවත්පත එක්ව සංවිධානය කරන 'Code Craft' ජාතික සුරක්ෂිත කේත නිර්මාණ තරගාවලිය මේ මස 25 වැනිදා කොළඹදී දියත් කෙරිණි.
මෙම තරගාවලිය විශ්වවිද්‍යාල සහ සමාගම් ලෙස කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර, තරගාවලිය දියත් කළ දිනයේ පටන් මාස තුනක කාලයක් මේ සඳහා ලියාපදිංචි වීමේ හැකියාව පවතී. දිවයින පුරා ක්‍රියාත්මක වන ලෙස පැවැත්වෙන තරගාවලිය සඳහා ලියාපදිංචි වීම් 5,000ක් බලාපොරොත්තු වන බව CICRA සමාගම පවසයි.
තරගාවලිය යටතේ පැවැත්වෙන පරීක්ෂණය අන්තර්ජාලය හරහා සිදුකෙරෙන අතර, තෝරාගන්නා දක්ෂතම තරගකරුවන් 10 දෙනා දෙවැනි වටය හෙවත් අවසන් පූර්ව වටයට තෝරාගැනේ. එහිදී ප්‍රශ්න 75ක් ඉදිරිපත් කෙරෙන අතර ඔවුන් සිටින ස්ථානයේ සිට අදාළ පරීක්ෂාව සිදුකිරීමට කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව මේ දක්ෂයන් අතරින් අවසන් සුපිරි දක්ෂයා තෝරා ගැනේ.
මෙහිදී තරගාවලිය යටතේ පිරිනමන සමස්ත ත්‍යාග මුදල රුපියල් ලක්ෂ දහයකි. එසේම කාණ්ඩ දෙක යටතේම ජයග්‍රහණය ලබන්නන් ලබන ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන සයිබර් ආරක්ෂාව පිළිබඳ සම්මන්ත්‍රණයක් සඳහා සහභාගි කරවන බවත්, CICRA CAMPUS (PVT) LTD හි අධ්යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී බොෂාන් දයාරත්න මහතා සඳහන් කරයි.
මෙම තරගාවලිය සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය, ඇමෙරිකාවේ EC –COUNCIL ආයතනය, ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණික ආයතනය (ICTA) සහ SLASSCOM ආයතනය සම්බන්ධව සිටියි. විජය පුවත්පත් සමාගම මෙම තරගාවලියට මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය සපයයි. තරගාවලිය පිළිබඳ වැඩිදුර විස්තර www.codecraft.lk යන වෙබ් අඩවිය හරහා ලබා ගත හැකිය.
popular news
වස මිශ්‍ර හතු ලබා දී ඥාතීන් තිදෙනෙක් ඝාතනය කළ කත වරදකාරිය වෙයි
වියාන් මෝල්ඩර්ගෙන් ත්‍රිත්ව ශතකයක්
සමුද්‍රීය ආරක්ෂාව සැපයීමෙන් ඇවන්ට් ගාඩ් ගලවයි, වගකීම යළිත් නාවික හමුදාවට
දුමින්ද දිසානායකට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න
ඌව පරණගම පෙයාස් අස්වැන්න නෙලීම අරඹයි
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපතිගේ නිල රථය හා කැබ් රථය මංගල හයර් වලට යොදාගෙන
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd