Zenfone උපාංග සම්බන්ධයෙන් ලාංකේය ස්මාට්ෆෝන් වෙෙළඳ පොළ තුළ ඇත්තේ සුබවාදී ප්රතිචාරයකි. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ ඒවායේ ඇති සිත් ඇදගන්නා සුලු පෙනුමයි.
ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මගින් බලගැන්වෙන මෙම උපාංගවල අඩුපාඩුවක් ඇත්නම් එලෙස සඳහන් කළ හැකි අඩු පාඩුවකට වූයේ ඒවායේ අන්තර්ගත හැකියාවන්ගේ සාපේක්ෂ අවම බවයි. එහෙත් එයට සරිලන ලෙස නිෂ්පාදකයන් එම උපාංගවල මිල සාධාරණ මට්ටමක පවත්වාගෙන ගිය බව දැකිය හැකි විය. මේ එම වෙනස බිඳින්නට පැමිණෙන නවීනතම උපාංගයයි.
Asus Zenfone 4 Pro යනු ඇන්ඩ්‍රොයිඩ් 7.1.1 (Nougat) සමග පැමිණෙන අඟල් 5.5ක ස්මාට්ෆෝන් උපාංගයකි. එය Snapdragon 835 ප්‍රොසෙසරයක් ඔස්සේ බලගැන්වේ. MicroSD මතක චිපය හරහා ගිගාබයිට් 256ක් දක්වා ඉහළ නැංවිය හැක. අභ්‍යන්තර මතකය 64/128GB ලෙස සංස්කරණ දෙකකින් මෙම උපාංගය වෙෙළඳ පෙළට පැමිණෙයි. එසේම එයට ගිගාබයිට් 6ක රැම් අගයක්ද ස්ථාපනය කොට තිබේ.
මෙහි කැමරා පද්ධතිය Dual 12 MP (f/1.7, OIS, 4-axis, phase detection AF) කැමරාවකින් සහ 16MP (50mm) කැමරාවකින් සමන්විත වේ.
මෙම කැමරා පද්ධතියට laser/phase detection autofocus, OIS (4-axis), 2x optical zoom, dual-LED (dual tone) flash වැනි පහසුකම් ප්‍රධාන වශයෙන්ම අඩංගු වන අතර, එයට අදාළ අනෙකුත් විශේෂාංග ලෙසින් 1.4µm pixels, geo-tagging, touch focus, face detection, panorama, HDR පෙන්වා දිය හැක. ඉදිරිපස ද්විතීය කැමරාව ලෙසින් මෙගා පික්සල් 8ක කැමරාවක් අන්තර්ගතය.
Fingerprint (front-mounted), accelerometer, gyro, proximity, compass යන සෙන්සරයන්ගෙන් සැදි සෙන්සර පද්ධතියකින් සැකසුණු මෙම Asus Zenfone 4 Pro උපාංගය සැලකිය යුතු වේගයකින් ආරෝපණය කිරීමට හැකියාව ඇති අතර Li-Ion 3600mAh බැටරියකින් සන්නද්ධය. සුදු සහ කළු වර්ණයන්ගෙන් ඉදිරියේදී නිකුත් වන Asus Zenfone 4 Pro උපාංගය පෙර Asus නිෂ්පාදනවලට වඩා වෙෙළඳ පොළ ආකර්ෂණය දිනාගත හැකි බව විශ්වාස කළ හැක.