විදුලි වාහන (EV) සඳහා සැඟවුණු දොර හැන්ඩ්ල් තහනම් කිරීමට චීනය නීතිගෙනවිත් තිබේ. එලොන් මස්ක්ගේ ටෙස්ලා විසින් ප්රථම වරට ජනප්රිය කරන ලද මතභේදාත්මක මෙම සැඟවුණ දොර හැන්ඩ්ල් මෝස්තරය තහනම් කළ පළම රට බවට මේ අනුව චීනය පත්වෙයි.
මෙය සිදුවන්නේ චීනයේ Xiaomi EV සම්බන්ධ මාරාන්තික අනතුරු දෙකක් ඇතුළුව මාරාන්තික සිදුවීම් මාලාවකින් පසු ලොව පුරා ආරක්ෂක නිරීක්ෂකයින්ගේ පරීක්ෂාවට මෙම සැගවුණ දොර හැන්ඩ්ල් ලක්ව තිබෙන අතරතුර චීනය මෙම තීරණය ගෙන තිබේ. එහිදී විදුලි බිඳවැටීම් හේතුවෙන් දොරවල් විවෘත කර ගැනීමට නොහැකි වීම මෙම තීරණයට හේතු වී තිබේ. නව නීති 2027 ජනවාරි 1 වන දින සිට ක්රියාත්මක වීමට නියමිතය.
