ආරක්ෂක කැමරා පද්ධති සකසන්නන්ගේ ලෝක ශූරතා තරගාවලියේදි ලංකාවට රන් පදක්කමක්
චීනයේ පැවති 02 වන " හික් ටෙක් ස්ටාර් " - 2025 ( Hik Tech Star ) තරගාවලියට ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ලක්ෂිත ඇන්තනි එහි ආරක්ෂක කැමරා පද්ධති අනතුරු හැගවීමේ සංඥා පද්ධති, ගිනි ගැනීම් පිළිබද සංඥා පද්ධති පිළිබද නාට්යාණුසාරයෙන් කළ ඉදිරිපත් කිරීමට ප්රථම ස්ථානයට හිමි රන් පදක්කමත්, තාක්ෂණික අංශයට හිමි ජනප්රියම සම්මානයත් හික් විෂන් ආයතනයේ ( Hik Vision ) ශ්රී ලංකාවේ සන්නාම තානාපති(Brand Embassoder ) ලෙසත් , සම්මාන ත්රිත්වයක් දිනා ගෙන 10/27 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
හික් විෂන් ආයතනය විසින් සංවිධානය කළ මෙම තරගාවලිය සදහා ලෝකයේ රටවල් 100 කට අධික ප්රමාණයක , නිර්මාණශීලී තරගකරුවන් පිරිසක් සහභාගී වී සිටි අතර එය 10/20 දින සිට 10/26 දින දක්වා චීනයේ ෂැංහයි නුවර පවත්වා තිබුණි .
ලක්ෂිත ඇන්තනි වසර 18 කට අධික කාලයක් ශ්රී ලංකාව පුරා ආරක්ෂක කැමරා පද්ධති ඇතුළු විවිධ ආරක්ෂක සහ අනතුරු හැගවීමේ සංඥා පද්ධති සවි කිරිමේ කාර්යයේ නිරත වී සිටින්නෙකි .
 ඔහු මෙම සම්මාන රැගෙන 10/27 දින අලුයම 12.30 ට චීනයේ කුංමිං නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 713 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතර ඔහු පිළිගැනීම සදහා ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්ම ඔහු සමග සේවය කරන තරුණ සේවකයින් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                