වනජීවී නිලධාරීන් යනවිට බොහෝ අශ්වයන් මියගොස් සිටි අතර, තවත් අශ්වයන් ජීවිතයත් මරණයත් අතර සිට ඇත.
International
මැලේසියාවේ නව රජු ලෙස සුල්තාන් අබ්දුල්ලා ෂා පත්වේ
දෙවසරක් රජකම දැරූ සුල්තාන් මුහම්මද් මෙම මස සිය රජකම අත්හළේ රුසියානු රූ රැජිනක් විවාහ කරගැනීම නිසාය.
චීන-ඔස්ට්‍රේලියා ලේඛකයෙක් චීනයේදී අත්අඩංගුවට පත්වෙලා
චීනයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් කටයුතු කරන්නේද යන්න සොයා බැලීම සඳහා යැයි චීනය කියයි.
අක්‍රීය රජය සක්‍රීය වනතුරු යූනියන් දේශනයට එන්නේ නෑ - ට්‍රම්ප්
ඇමෙරිකානු ජනපතිවරයා වාර්ෂිකව එරට පාර්ලිමේන්තුවේදී පවත්වනු ලබන යූනියන් දේශනය ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි.
දේව අපහසා චෝදනා ලැබූ අහොක් කලින් නිදහස ලබයි
කිතුණුවෙකු වූ අහොක් වසර 50ක ඉතිහාසය තුළ ජකාර්තාවේ අන්‍ය ලබ්ධිකයෙකු ලෙස ආණ්ඩුකාර ධුරයට පත් පළමු තැනැත්තාය.
ප්‍රියංකා ගාන්ධි දේශපාලනයට පිවිසීම නිල වශයෙන් සිදුවෙයි
ඉන්දීය මහ මැතිවරණය ආරම්භයට ආසන්නව ඇයගේ පැමිණීම කොංග්‍රසයට නව පණක් බව සඳහන් වෙයි.
තේරේසාගේ පැරදුණු බ්‍රෙක්සිට් සැලසුම් වෙනුවට අලුත් එකක්
නව සැලසුම සඳහාද විරුද්ධ පක්ෂවල මතය වඩාත් පැහැදිලිව අඩංගු වී නොමැති බවට කම්කරු පක්ෂ නායක කියයි.
ඇෆ්ගන් බුද්ධි අංශ කඳවුරකට දරුණු ප්‍රහාරයක් - මරණ රැසක්
තලේබාන් ත්රස්තයන් විසින් එල්ල කරන ලද මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් ජීවිත හානි රැසක් සිදුව ඇති බව වාර්තා වෙයි.
සිම්බාබ්වේ ගිනි ඇවිලෙන නිසා ජනපති විදෙස් සංචාරය මගහරී
ජනපති මනන්ග්වා විසින් එරට ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ නැංවීම රට පුරා ප්‍රචණ්ඩක්‍රියා වර්ධනයට වීමට හේතුවයි.
රක්ත වර්ණ සුපිරි චන්ද්‍රයෙක් අහස් කුස පායන්නට යයි
උතුරු සහ දකුණු ඇමෙරිකාවට මෙන්ම බටහිර යුරෝපයට මෙය සම්පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් ලෙස නැරඹිය හැක.
රිය අනතුර අවස්ථාවේ බඳපටි නොපැළඳි පිලිප් කුමරුට අවවාද
අනතුරෙන් තුවාල ලැබූ සෙසු රථයේ සිටි කාන්තාව පිලිප් කුමරු තමාගෙන් සමාව ගැනීමක් නොකළ බව පවසා තිබේ.
තායිලන්තයේ භික්ෂූන් දෙනමක් ඉස්ලාම් අන්තවාදයට බිලි වෙයි
කළු වර්ණයෙන් සැරසී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් රට්ටනාවුපාප් බෞද්ධ විහාරයට ඇතුළුව වෙඩි තබා ඇත.
ට්‍රම්ප් සහ කිම් ජොන්ග් අතර මීළඟ හමුව පෙබරවාරි අගදී
පළමු වැනි හමුව සිංගප්පූරුවේදී සිදු වුවත්, දෙවැනි හමුව වියට්නාමයේදී සිදුවනු ඇති බවට විශ්වාස කෙරෙයි.
කොංගෝ ජනපතිවරයා ෆෙලික්ස් බව එරට අධිකරණය තීන්දු කරයි
දෙසැම්බර් 30දා පැවති මැතිවරණය සම්බන්ධයෙන් තවත් විරුද්ධ පක්ෂ අපේක්ෂකයෙකු ගොනුකළ ඇපෑල සලකා බලයි
අක්‍රීයව ඇති රජය සක්‍රීය කිරීමට ට්‍රම්ප් අලුත් සැලසුමක් ගෙනෙයි
ඇමෙරිකාවේ අනවසර සංක්‍රමණිකයන් අතර වූ තරුණ පිරිස් හෙවත් ඩ්රීමර්ස්ලා වෙත එරට තුළ රැඳී සිටීම සඳහා යම් අවස්ථාවක්.
මෙක්සිකෝ ඉන්ධන නල පිපිරීම නිසා සිදුවූ ජීවිත හානි 71කට නගී
හොරෙන් ඉන්ධන ලබාගැනීමට උත්සාහ කළ විශාල පිරිසක් මෙම අනතුරට ගොදුරුව පිළිස්සී මියගොස් ඇත.
උ.අයර්ලන්තයේ කාර් බෝම්බ පිපිරීමක් - ජීවිත හානියක් නෑ
පොලීසිය වෙත අනතුරු ඇඟවීමේ පණිවුඩයක් ලැබීමෙන් අනතුරුව සෙනසුරාදා රාත්‍රී 8.15ට පමණ මෙම පිපිරීම සිදුව ඇත.
සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු අනතුරට ලක්ව 170ක් මරුට
මොරොක්කෝ සහ ස්පාඤ්ඤ බලධාරීන් විසින් අතුරුදන් බෝට්ටුව සොයා පරීක්ෂණ අරඹා තිබේ.
ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලය තුළ ලෝක වාර්තා තැබූ බිත්තරේ
සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිම බලපෑමක් කළ හැකි කයිලි ජෙනර්ගේ ඡායාරූපයද පරාජයට පත්කිරීමට බිත්තරයට හැකිවෙයි.
2019 බ්‍රිතාන්‍ය ආහාර අතරින් ශ්‍රී ලාංකේය ආහාර පෙරමුණට
BBC Good Food වෙබ් අඩවිය විසින් කරනලද සමීක්ෂණයකට අනුව මෙම තොරතුරු ආනාවරණය වී ඇත.
පිලිප් කුමාරයාගේ රිය අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශන
දෙවැනි එළිසබෙත් රැජිනගේ ස්වාමියා පැදවූ රේන්ජ්රෝවර් රථය, මෝටර් රථයක ගැටී වාහන පෙරළී යයි.
ඉන්දුනීසියානු කාන්තාවක් ගොවි පොළක ඇතිදැඩි කළ කිඹුලෙකුට බිලි
කි.ග්රෑ.700ක් පමණ බරින් යුතු මෙම කිඹුලාට මේරි යන නම ලබාදී තිබූ අතර, අදාළ කාන්තාව රසායනාගාර සේවිකාවකි.
නයිරෝබි හෝටල් ප්‍රහාරයේ මරණ 21යි - 9ක් අත්අඩංගුවට
සෝමාලියාව කේන්ද්‍ර කරගත් අල්-ෂබාබ් ජිහාඩ් ත්රස්තයන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබුණි.
බ්‍රෙක්සිට් නිසා බ්‍රිතාන්‍ය අගමැතිට වැටුණු විශ්වාසභංගය ඇය ජයගනී
325ට 306ක් ලෙස තේරේසා මේ වෙත පක්ෂව ඡන්දය ලැබුණු අතර, ඩී.යූ.පී. පක්ෂය ඇතුළු පක්ෂ ඇයට සහාය දක්වා තිබුණි.
MH370 යානය කඩා වැටෙන අයුරු දුටුබව ධීවරයෙක් කියයි
පුද්ගලයන් 239 දෙනෙකු සමග 2014 මාර්තු 08දා මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය අතුරුදන් විය.
නයිරෝබි හෝටල් සංකීර්ණයේ ප්‍රහාරයෙන් 14ක් ජීවිතක්ෂයට
බ්‍රිතාන්‍යයේ විශේෂ බලකා සෙබලු කිහිප දෙනෙකුද මෙම ප්‍රහාරය මැඬපැවැත්වීමට සම්බන්ධව සිටි ආකාරය දැකිය හැකි විය.
බ්‍රෙක්සිට් යෝජනාව පරාජය නිසා තේරේසා රජයට විශ්වාසභංගයක්
අද (16දා) ග්‍රිනීච් වේලාවෙන් සවස 7.00ට විශ්වාසභංග ඡන්ද විමසීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනු ඇත.
සෑම දිනකම භාවනාව සඳහා පුරුදුව සිටින බව හැරී කියයි
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු බිරිඳ මේගන් කුමරිය සමග බර්කන්හෙඩ් සංචාරයකදී බෞද්ධ භික්ෂුවක් හමුවේ හෙළිකරයි.
කාන්තාවන්ට තහනම් කෝවිල වැඳ නැන්දම්මාගෙන් ගුටි කාලා
මෙම පහරදීම හේතුවෙන් කනක දුර්ගා නමැති 39 හැවිරිදි කාන්තාව රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය හිටපු ජනපති නිදොස් කරයි
අයිවරි කෝස්ට් හිටපු ජනපති ලෝරන්ට් ග්බග්බෝ 2010 වසරේදී පැවති මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියාවලට චෝදනා ලැබ සිටියේය.

