කොරෝනා වෛරසය ලොව පුරා ආසාදිත පිරිස 2,800,000 අභියස බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
International
අප ඉන්නේ ඉතා සිහින් අයිස් තට්ටුවක් මත බව කිව හැකියි
මෙය වසංගතයේ ආරම්භක අවධිය බවත්, යම් කලකට තත්ත්වය ඉතා අසීරු වනු ඇති බවත් ජර්මානු චාන්සලර් පවසයි.
වියට්නාම යුද්ධයෙන් 58,000 කොවිඩ් නිසා දැනට 50,000
ඇමෙරිකාවේ කොවිඩ්-19 වසංගතයේ මරණ වියට්නාම යුද්ධයේ මරණ අභිභවා යනු ඇති බව කියයි.
ජොන්සන් යළි වැඩට යන දිනය තවම නිශ්චිත නැහැ
ජොන්සන් වැඩට යෑමට සූදානම් බව ට්‍රම්ප් කීවත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් එය ප්‍රතික්ෂේප කරයි.
කොවිඩ් ඖෂධයකට ලෝකය සති සිට මාස ගණනක් දුරින්
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ කොවිඩ්-19 සමග සටන් කරන එකදු ඖෂධයක් තවම නොමැති බවයි.
ස්කොට්ලන්තය 2021 තෙක් සාමාන්‍ය තත්ත්වයට එන්නෑ
කොවිඩ්-19 සටනට හඳුන්වාදුන් සීමාවන් දැන්ම ලිහිල් නොවන බව ස්කොට්ලන්ත අගමැතිනිය කියයි.
චීනය WHO වෙත අතිරේක ඩො. මිලියන 30ක් ලබාදෙයි
ඇමෙරිකානු නායකයා පසුගියදා කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සැපයීම අත්හිටුවන බවයි.
තුර්කියේ කොවිඩ් ආසාදිත 100,000 සීමාව ඉක්මවා යයි
තුර්කියේ කොවිඩ්-19 හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,491ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ 50,000 සීමාවට
එරට වාර්තා වන සමස්ත ආසාදිතයන් 867,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
කොවිඩ් සුවවූ බ්‍රිතාන්‍ය අගමැති සඳුදා සිට යළිත් වැඩට බසී
දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ද කියා සිටියේ ජොන්සන් යළිත් වැඩ ඇරඹීමට සූදානම් බවයි.
කොවිඩ් මරණ 190,000ක් - ආසාදිතයන් 2,700,000 පනී
රෝහල්ගත වී නැවත සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති පිරිස 738,000 ඉක්මවන බව ජෝන්ස් හොප්කිනිස් දත්ත පවසයි.
ඇමෙරිකාව විවෘත පිකප් ට්‍රක් රථවල මළසිරුරු රැගෙන යයි
විවෘත ට්‍රක් රථයක සිරුරු ප්‍රවාහනය සෞඛ්‍ය නීති මෙන්ම මානුෂීය නීතිද උල්ලංඝනය කිරීමක් බව කියයි.
කොවිඩ් ට එරෙහි චීන සටනට චීන ධජය ලොව පුරා බැබලේ
ඇල්ප්ස් කඳු, බර්ජ් කලීෆා, ටෝකියෝ කුලුණ, කයිරෝ සලාදින් බලකොටුව, ජර්මනියේ ස්ර්මාට් මැටර්හෝන් මේ අතර.
කොවිඩ්, කාබන් විමෝචනය සියයට 6කින් පහත හෙළලා
ප්‍රවාහන, කර්මාන්ත හා බලශක්ති නිෂ්පාදනයෙන් මේ වනවිට කාබන් විමෝචන නොමැතිකම මීට හේතුවයි.
නිව්යෝක් සතුන් වත්තේ තව බළල් කුලේ 7කට කොවිඩ්
අප්‍රේල් මස මුලදී සත්වෝද්‍යානයේ නාඩියා නම් සිව් හැවිරිදි මලයානු ව්‍යාඝ්‍රයා වෛරසය සඳහා ධනාත්මක විය.
ඉතාලියේ කොවිඩ්-19 නිසා 25,000කට වැඩි පිරිසක් මරුට
මියගිය සහ සුවය ලැබූවන් ඇතුළු එරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 187,327කි.
ඉම්රාන් ඛාන්ගේ කොවිඩ්-19 පරීක්ෂණ ප්‍රතිඵලය නෙගටිව්
පාකිස්තාන අගමැතිවරයා සතියකට පෙර හමුවූ දානපතියෙකුට කොරෝනා ආසාදනය වී තිබීම නිසා පරීක්ෂණයට බඳුන් විය.
ගෝලීය කොවිඩ් මරණ 180,000 ඉක්මවයි - ආසාදිත ලක්ෂ 26ක්
කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 26ක සීමාව ඉක්මවා ඇති අතර, සුවය ලැබූවන් ලක්ෂ 7ක සිමාව ඉක්මවයි.
කොවිඩ් ආවේ විද්‍යාගාරයකින් නොවෙයි, සතුන්ගෙන් -WHO
කොරෝනා වෛරසය බොහෝදුරට පැමිණියේ සතුන්ගෙන් මිස විද්‍යාගාරයකින් නොවන බව WHO කියයි.
ක්ලෝරොක්වීන් ගත් රෝගීන් මරණ අනුපාතය ඉහළ ගිහින්
කොවිඩ්-19 සඳහා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ගත් රෝගීන්ගේ මරණ අනුපාතය ඉහළ ගොස් ඇති බව අධ්‍යයනයකින් හෙළ වෙයි.
ට්‍රම්ප්ගේ සංක්‍රමණ තහනම දින 60යි - ග්‍රීන්කාඩ් සඳහා පමණයි
තාවකාලික පදනමින් රටට පැමිණෙන කම්කරුවන්ට එය බල නොපාන බව ජනපති ට්‍රම්ප් කියයි.
කොවිඩ් සාම්පල එකතු කළ WHO රියදුරාට වෙඩි තබලා
මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ ඉස්ලාමීය බෙදුම්වාදී ත්රස්තයන් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බව විශ්වාස කරයි.
ඇමෙරිකාවේ මරණ 45,000 - ආසාදිතයන් 800,000 පනී
ඉතාලියේ කොවිඩ්-19 මරණ 25,000 සීමාවට ඇවිත්, ජර්මනියේ ආසාදිතයන් 150,000 සීමාවට ඇවිත්.
ලොව පුරා කොවිඩ්-19 මරණ 177,000කට ආසන්න වෙලා
ලෝක ජනගහනයෙන් 2,561,000කට වැඩි පිරිසක් මේ වනවිටත් කොරෝනා වෛරසයට ගොදුරු වෙලා.
පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කොවිඩ් පරීක්ෂණයට
සතියකට පෙර අගමැති පෞද්ගලිකව මුණ ගැසුණු දානපතියෙකු වෛරසයට ගොදුරුව ඇති බව තහවුරු වීම හේතුවයි.
ලන්ඩන් පෙ.ව. 8 - හොංකොං ප.ව.3 පසුවද්දී කොවිඩ් තතු
මුම්බායි හි මාධ්‍යවේදීන් 50කට වැඩි පිරිසකට නව කොරෝනා වෛරස් සඳහා ධනාත්මක පරීක්ෂාවක් කර ඇත.
උතුරු කොරියානු නායකයා හෘද සැත්කමකින් අසාධ්යලු?
දකුණු කොරියාව මෙය තහවුරු නොකරන අතර, ඇමෙරිකාව විසින් මෙම තොරතුරු අනාවරණය කරයි.
කොවිඩ්-19 වෛරස බලපෑම ඉලක්කම් වෙනසින් අත්දකිමු
පාසල් යන වයසේ දරුවන් බිලියන 1.6ක් කොවිඩ්-19 නිසා පාසල් වැසීයාමේ බලපෑමට ලක්ව සිටිති.
වතිකානුවේ කොවිඩ් ආසාදිත 9 වැන්නාත් රෝහල්ගත කරයි
පාප් තුමන් හා වතිකානුවේ රාජ්‍ය දෙපාර්තමේන්තු පිළිබඳ නිල පුවත් වාර්තා කරන හෝලි සී පුවත් කාර්යාලය නිවේදනය කරයි.
නිරෝධායන විරෝධී රැලියේ බ්‍රසීල නායකයාගේ ගොංකම
ආසාදිතයන් 40,000ක් සහ මරණ 2,500ක් වාර්තා වන බ්‍රසීලයේ ජනපති විරෝධතාවකට සහාය දක්වා රැලියක්ද පවත්වයි.

