සීමා ඉවත් කිරීම ගැන සැලසුම් කරන රටවල් මෙය අවධානයට ගතයුතු තත්ත්වයක් බව WHO අධ්යක්ෂ ජනරාල් කියයි.
International
ලොව පුරා කොවිඩ් මරණ 290,000ක් ඉක්මවා ගිහින්
නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් ගෝලීයව මිලියන 4. 25කට වැඩි බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
නොමග යවන කොවිඩ් ට්විට් ට්‍රම්ප් එව්වත් ඒවා දක්වනවාලු
කොවිඩ් -19 හා සම්බන්ධ මතභේදාත්මක හෝ නොමඟ යවන සමහර ට්වීට්වලට ලේබල් සහ අනතුරු ඇඟවීමේ පණිවිඩ.
කොරෝනා එන්නතක් ගැන සහතික වෙන්න බෑ - බොරිස්
වසර 18ක් ගතවී ඇතත් තවම සාර්ස් වෛරසය සඳහා එන්නතක් නොමැති බවද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කියයි.
සීමා ඉවත් කළ රටවල සතිය අගදී රෝගීන් ඉහළට - WHO
අගුලු දැමීමේ පියවර ඉවත් කිරීමට පෙර රටවල් සලකා බැලිය යුතු මාර්ගොපදේශ ගැන WHO අධ්යක්ෂ ජනරාල්වරයා කියයි.
කොවිඩ්-19 නිව්යෝක් මරණ නිල අගයට වඩා වැඩි වේවිලු
නිව්යෝක් හි ගණනය නොවූ මරණ 19,000 එකතු වුවහොත් ඇමෙරිකාවේ කොවිඩ් මරණ 100,000 සීමාවේ.
දුම්පානය කරනවුන්ට කොවිඩ් සමග තත්ත්වය දරුණුයි-WHO
දුම්බොන අයගේ පෙනහළුවලට කොරෝනා වෛරසය සමග සටන් කිරීමට අපහසු බව අධ්‍යයනවලින් හෙළි වී තිබේ.
ට්‍රම්ප්ගේ පුරෝකථනයට ළඟයි ඇමෙරිකානු මරණ 80,000 පනී
ඇමෙරිකාවේ සමස්ත ආසාදිතයන් ලක්ෂ 13.5යි. සඳුදා ආසාදිතයන් 17,360ක් සහ මරණ 850ක් වාර්තා වෙලා.
කොවිඩ් ආසාදිත සෞඛ්‍ය අංශ භයානක වැඩිවීමක් - WHO
ඔවුන්ගෙන් වැඩිදෙනෙකු තමා සේවය කරන සෞඛ්‍ය සේවා ස්ථානයෙන් පිටතදී ආසාදනයට ලක්ව ඇති බව කියයි.
ගෝලීය කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 41.7ක් - මරණ 286,000
කොරෝනා ආසාදනය වීමෙන් ලොව පුරා සුවය ලබා ඇති පිරිස ලක්ෂ 14.5කට වැඩි බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
ඔස්ට්‍රේලියාවේ ලෝක්ඩවුන් විරෝධීන් 10ක් අත්අඩංගුවට
එරට ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියාගේ නියෝගයන්ට සෘජුවම පටහැනි ලෙස ක්‍රියාකර ඇති බව පොලීසිය කියයි.
රටම අගුලු දැමූ ඉන්දියාවේ දුම්රිය අර්ධ වශයෙන් ඇරඹේ
මුඛ ආවරණ අනිවාර්ය අතර, රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අයට පමණක් දුම්රියේ ගමන් කිරීමට අවසර හිමිවේ.
බ්‍රිතාන්‍යයට ගුවනින් එන සැම නිරෝධායනය වීම අනිවාර්යයි
නමුත් එරට ගුවන්තොටුපල මෙහෙයුම්කරුවන්ගේ සංගමයේ ප්‍රධාන විධායක රජයේ තීරණය විවේචනය කරයි.
උප ජනපති පෙන්ස් ස්වයං නිරෝධායනයට නොයයි
එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම් කොවිඩ්-19 වෛරසයට ධනාත්මක බව පරීක්ෂා කර තිබේ.
ලෙබනනය තුළ සීමා ලිහිල් කිරීමේ තීරණය ආපසු හැරේ
සීමා ලිහිල් කිරීමෙන් පසු බොහෝදෙනා රෝග වැළැක්වීමේ හා මහජන ආරක්ෂාව පිළිබඳ ක්‍රියාමාර්ග නොසලකා හැරලා.
ඉතාලියේ ආසාදිත මරණ අඩුම අගය ඉරිදා වාර්තා වේ
බ්‍රිතාන්‍යයේ කොවිඩ්-19 ආසාදිත අගය ඉතාලිය පසුකර ලොව තෙවැනි තැනටත්, මරණ සංඛ්‍යාවෙන් දෙවැනි තැනටත්.
සීමා ලිහිල් කිරීමෙන් පසුව ජර්මානු ආසාදිතයන් ඉහළට
ගෙවීගිය සෙනසුරාදාට පෙර ජර්මනියේ වෛරසය බෝවිමේ අනුපාතය 1 ට වඩා අඩු බව එරට රෝග හා පාලන මධ්‍යස්ථානය කියයි.
අත්‍යවශ්‍ය නොවන සේවක පිරිස් කැඳවීම මෝඩකමක් - ලන්ඩන් වාණිජ මණ්ඩලය
නිවසේ සිට වැඩ කිරීමට නොහැකි නම් සේවයට පැමිණෙන ලෙස අගමැති කළ කතාවට විරෝධය පෑමක් සිදුවෙයි.
ඇමෙරිකා නාවික මෙහෙයුම් ප්රධානියාත් නිරෝධායනයට
අද්මිරාල් මයිකල් ගිල්ඩේ කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ පවුලේ සාමාජිකයෙකු සමග සම්බන්ධ වෙලා.
ඇමෙරිකාවේ කොවිඩ් මරණ 80,000ක සීමාවට පැමිණිලා
එක්සත් ජනපදයේ සමසත් ආසාදිතයන් 1,330,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලය වාර්තා කරයි.
ලොව පුරා කොවිඩ් මරණ 282,000ක් ඉක්මවා ගිහින්
ගෝලීය කොවිඩ්-19 ආසාදිත සංඛ්‍යාවද ලක්ෂ 41ක් ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
අප්‍රේල් 3දාට පසුව වූහාන් හි කොවිඩ්-19 ආසාදිතයෙක්
චීන සෞඛ්‍ය කොමිසමට අනුව සෙනසුරාදා එරට ප්‍රධාන භූමියෙන් අලුතින් තහවුරු කළ ආසාදිතයන් 14 දෙනෙක්.
ගල්ෆ් කලාපයේ සංක්‍රමණික කම්කරුවන් දැඩි අර්බුදයක
කොවිඩ්-19 වසංගතයත් සමග ගල්ෆ් කලාපයේ සංක්‍රමණික කම්කරුවන් කිසිදු ආදායමක් නැතිව දැඩි අර්බුදයකට ලක්ව සිටී.
රුසියාවේ ආසාදිත ලක්ෂ 2ක් ඉන්දියාවේ ආසාදිත 62,000යි
ලොව ප්‍රබල රාජ්‍යයක් වන රුසියාවේ කොරෝනා ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ යද්දී, ඉන්දියාවේ ආසාදිතයන්ද 62,000 ඉක්මවයි.
ධවල මන්දිරයේ කොරෝනා ප්‍රතිචාරය සම්පූර්ණම අවුල් සහගත ව්‍යසනයක් - ඔබාමා
කොවිඩ්-19 වැනි ගෝලීය වසංගතයකට මුහුණදීමට ශක්තිමත් නායකත්වයක අවශ්‍යතාව ට්‍රම්ප් සිහිපත් කරයි.
බ්‍රිතාන්‍ය පාපැදි හෝ පයින් යන අයව දිරිගැන්වීමේ පැකේජයක්
කොවිඩ්-19 හමුවේ සමාජ දුරස්ථ සීමාවන්ට සහාය දක්වන ජනතාව දිරිගැන්වීමට බ්‍රිතාන්‍යයේ ඩො.බි.2.48ක පැකේජයක්.
බ්‍රසීලයේ කොරෝනා මරණ සංඛ්‍යාව 10,000 ඉක්මවයි
ආර්ථිකය නරක අතට හැරේවි යැයි කියා වෛරසයේ තර්ජනය ප්‍රතික්ෂේප කරන ජනපති රට කෝරෝනාවට බිලිදෙයි.
ඇමෙරිකානු කොවිඩ් ආසාදිත ලක්ෂ 13 පනී - මරණ 79,000
වැඩිම කොරෝනා මරණ වාර්තා වන නිව්යෝක් ප්‍රාන්තයේ පුද්ගලයන් 26,000ක් ඉක්මවා මේ වනවිට මරු වැළඳ ගෙන.
ඇමෙරිකා කොරෝනා කාර්ය සාධක බලකායෙහි ප්‍රධානීන් තිදෙනෙකු නිරෝධායනයට
බෝවන රෝග විශේෂඥ ඇන්තනී ෆවුසි, රෝග පාලන හා වැළැක්වීමේ අධ්යක්ෂ සහ ආහාර හා ඖෂධ පාලක කොමසාරිස් ඒ අතර.
කොවිඩ් ගෝලීය ආසාදිතයන් මිලියන 4 පනී - 279,000 මරුට
ලෝක ජනගහනයෙන් ලක්ෂ 40ක් කොරෝනා වසංගතයට ගොදුරුව ඇති බව ජෝනස් හොප්කිනස් විශ්වවිද්‍යාලය පවසයි.

