හඟුරන්කෙත යෝධයා 06 වැනි ලෝක වාර්තාවටත් ළඟාවෙයි
ලොව ශක්තිමත්ම උදරය ඇත්තේ තමන්ට බව සනාථ කරමින් සිය 06 වැනි ලෝක වාර්තා උත්සාහය සාර්ථක කර ගැනීමට ශ්රී ලංකා වරාය අධිකාරියේ සේවය කරන ජනක කාංචන මුදන්නායක අද (10දා) සමත් විය.
ජනක බොහෝ දෙනෙකු අතර සමාජගත වී ඇත්තේ 'හඟුරන්කෙත යෝධයා' යනුවෙනි. අපේ කාලයේ යෝධයෙකු ලෙස පිළිගැනෙන ඔහු මේ වන විටත් ලෝක වාර්තා 05ක හිමිකරුවෙකි.
ජනක සිය 06 වැනි ලෝක වාර්තාව වෙනුවෙන් මෙවර තෝරා ගත්තේ ලොව ශක්තිමත්ම උදරය ඇත්තේ තමන්ට බව පෙන්වීමය. මේ වෙනුවෙන් කි.ග්රෑ. 50ක් බරැති අයිස් කුට්ටි 50ක්, අඩි 20ක් උඩ සිට තම උදරයට හෙළාගෙන ඔහු මෙම වාර්තාව පිහිටුවීය.
මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ, ඔහු කිලෝ 370ක් බරැති කළුගලක් සිය උදරය මත තබාගනිමින් මෙම කාර්යෙහි නිරත වීමයි. මෙම සුවිශේෂී වාර්තාව වෙනුවෙන් ඔහුට ගත වූයේ විනාඩි 38යි තත්. 10කි.
ජනක බිඳහෙළු ලෝක වාර්තාවේ පෙර ලෝක වාර්තාව වූයේ කියුකුෂිං කරාතේ ක්රීඩාවේ නිර්මාතෘ වන ජපන් ජාතික සොයාසි ඔයාමා විසින් අඩි 15ක් උඩ සිට කිලෝ 50ක් බරැති අයිස් කුට්ටි 30ක් උදරය මතට හෙළා ගැනීමයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
