2020 වසරේ ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය අතරතුර ක්රීඩකයෙකුට තරග පාවා දීම සම්බන්ධයෙන් හිටපු ක්රිකට් ක්රීඩක සචිත්ර සේනානායක හට නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර තිබු අතර ඒ අනුව හම්බන්තොට මහාධිකරණ විනිසුරු දුමින්ද මුදුන්කොටුව විසින් අද (25) දින අධිචෝදනා භාරදීම සිදුකරනු ලැබුවා.
සචිත්ර සේනානායක වෙනුවෙන් පිනිසිටි අජිත් පතිරණ මහතා ප්රමුඛ නීතිඥ කණ්ඩායම විසින් අධිකරණය මහින් ඉල්ලා සිටියේ සචිත්ර සේනානායක විදේශ රටක ක්රීඩා කරනවා සේම විදෙස් රටක රැකියාවක් කරන බැවින් පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත්කරන ලෙස ගරු මහාධිකරණය මගින් ඉල්ලිමක් කර අතර පසුව එය සලකා බලමින් නොවැම්බර් 27 තෙක් තාවකාලිකව ඔහුට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කරන ලදී, එමෙන්ම රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සචිත්ර සේනානායක මුදා හැරීමටද හා නැවත මෙම නඩුව 2025 නොවැම්බර් 27ට කැඳවීමට අධිකරණය නියෝග කරන ලදී.
එමෙන්ම මෙට පෙර 2025 ජුලි 09 දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේ සචිත්ර සේනානායක එම නඩුවට පෙනී නොසිටි අතර එහිදී අද (25) දින අනිවාර්යයෙන්ම අධිකරණයේ පෙනී සිටින ලෙස අධිකරණය මගින් එදින නියම කර තිබේ.මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ අකිලා දල්පදාතු පෙනිසිටින ලදී.
ක්රීඩා දූෂණ වැළක්වීමේ පනත යටතේ මෙරට ජාතික තලයේ ක්රීඩකයෙකුට තරග පාවා දීමක් යටතේ නඩු ගොනුකළ පළමු අවස්ථාව මෙයයි.එමෙන්ම තරග පාවා දීම අපරාධමය වරදක් ලෙසින් දකුණු ආසියාවේ ජාතික තලයේ ක්රීඩකයෙකුට අධිකරණයක නඩු පැවරූ පළමු අවස්ථාව මෙයයි.